කොටස් වෙළෙඳපොළ පසුබෑමක් මාර්තු මාසයේ කොළඹ කොටස් වෙළෙඳපොළ පළමු ගනුදෙනු දිනය වූ අද (3) එහි මිල දර්ශකවල විශාල පසුබෑමක් ප්‍රදර්ශනය කළේය. 03 March 2025
ගනේමුල්ල සංජීව ඝාතනයට දෙකක් රිමාන්ඩ් අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දුන්නේ යැයි පැය 72ක් රඳවා ප්‍රශ්න කෙරුණු සැකකරුවන් දෙදෙනෙකු ලබන 07වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (03) නියෝග කළාය. 03 March 2025
කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැනුම් දීමක් කෘෂි බෝග සඳහා හානි පමුණුවන වනජීවීන් පිළිබඳ සංගණනය ජාතික කර්තව්‍යයක් සේ සලකා එයට සහයෝගය දෙන්නැයි රටේ සියලුම ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 03 March 2025
පාර්ලිමේන්තුවට නව ආංශික කාරක සභා 7ක් සියලු අමාත්‍යාංශවල කටයුතු සොයා බැලීමට දසවැනි පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 03 March 2025
සමුපකාර නවීණ ලෝකයට ගැළපෙන ලෙස හදනවා අලුත් සමාජයක් වෙනුවෙන් අවශ්‍ය ගුණාත්මක වෙනස තමන් තුළින් ආරම්භ කළ යුතු බවත් සමුපකාරය නවීන ලෝකයට ගැළපෙන ලෙස සංවර්ධනය කර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය සැලසුම් කර ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 03 March 2025
ගල්ඔය අලි මරණ ගැන විමර්ශනයක් පෙත්සමකින් ඉල්ලයි ගල්ඔය සහ රොටවැව ප්‍රදේශයේදී අලි දෙදෙනකු සහ පැටවුන් 4 දෙනකු දුම්රියක ගැටී මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාට සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට නියෝගයන් නිකුත් කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (03) ගොනු කළේය. 03 March 2025
යුද්ධය අවසන් කරන්න එකමුතුවක් රුසියානු - යුක්රේන යුද්ධය අවසන් කර රුසියාවෙන් යුක්රේනය ආරක්ෂා කිරීම සඳහා කොටස් හතරකින් යුත් සැලසුමක් බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාර්ම පසුගියදා නිවේදනය කළේය. 03 March 2025
වැටුප් පරතරය කාන්තාවන්ට වාසිදායකයි වසර දහයකට පසු ප්‍රථම වතාවට ස්ත්‍රී, පුරුෂ සමාජභාවය මත පදනම් වූ වැටුප් පරතරය කාන්තාවන්ට වාසිදායක වී ඇති බවත් එක්සත් රාජධානියේ තරුණ කාන්තාවන් පිරිමින්ට වඩා ස්ටර්ලින් පවුම් 2,200 කට වැඩි වැටුපක් උපයන බවත් එක්සත් රාජධානිය පදනම් කරගත් සී.එස්.ජේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළි වී ඇත. 03 March 2025
ඇමෙරිකාවේ නිල භාෂාව ඉංග්‍රීසි ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල භාෂාව එසේත් නතිනම් රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි බවට පත් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් විධායක නියෝගයකට අත්සන් තැබීය. 03 March 2025
’’මූල්‍ය වංචාවකට වැඩ තහනම් වෙච්ච කෙනෙක් කැබිනට්ටුවේ’’ පොහොර සංස්ථාවේ වැඩ කරන සමයේ මුල්‍ය වංචා දූෂණයක් නිසා වැඩ තහනමට ලක්වූ පුද්ගලයෙක් වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයකු බවට පත්වී පාර්ලිමේන්තුමේන්තුවේ ඉදිරිපෙළ අසුනක වාඩි වී සිටින බව මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවසීය. 03 March 2025
’’මට තියෙන්නෙ කාලකන්නි සතුටක්’’ ආණ්ඩුව වෘත්තීය සමිති වලින් බලයට ඇවිත් වෘත්තීය සමිති වලටම කෙලවීම ගැන තමාට කාලකන්නි සතුටක් තිබෙන්නේ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්.මරිකාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 March 2025
කේරළ ගංජා සමඟ දෙන්නෙක් අල්ලයි යාපනය සහ මන්නාරම් දිස්ත්‍රික්කයන්හි සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් මිලියන 90 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 228 ක් සමගින් සැකකරුවන් අද ( 03) දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදාව පැවසීය. 03 March 2025
මඩකළපු දුම්රිය මාර්ගයේ කාල සටහන වෙනස් කරයි අලි ගැටෙන මඩකළපුව මාර්ගයේ දුම්රිය කාලසටහන ලබන 7 වැනි දා සිට සංශෝධනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. 03 March 2025
ඉන්ධන ඇනවුම් කරන්නේ නෑ ඉන්ධන ඇනවුම් නොකිරීමේ ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බවත් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා කුමන ප්‍රකාශ කළ අද (4) රාත්‍රී වන විට පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වීමේ අවදානමක් ඇති බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා අද (3) පෙරවරුවේ පැවසීය. 03 March 2025
2025 ඔස්කාර් සිනමා උළෙල බටහිර සිනමාවේ මෞලි මංගල්‍යය වන ඇකඩමි අවෝඩ්ස් හෙවත් ඔස්කාර් සිනමා සම්මාන උළෙල අතිඋත්කර්ශවත් අන්දමින් කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරදි පැවැත්විණි. 03 March 2025
කාන්තාවන්ට ජාතික සතියක් මෙම මස 8 වැනි දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ජාතික කාන්තා සතියක් ’ තැනුමට තිරසර හෙටක් - සවිමත් ඇය වේ මගක්’යන තේමාව යටතේ මේ මස 8 වැනිදා දක්වා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබේ. 03 March 2025
ගෝඨගේ ආණ්ඩුව වට්ටන්න පළමු දේ කළේ ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙක් ගෝඨාභයගේ ආණ්ඩුව වට්ටන්න පළමු දේ කළේ ඒ ආණ්ඩුවේම ඇමතිවරයෙක් බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 March 2025
සයිනොපෙක් - ආර්.එම්. පාර්ක් සියයට 3 දෙන්න පොරොන්දුවක්? මෙරට ඉන්ධන ව්‍යාපාරය කරන විදේශ සමාගම් වන ‘සයිනොපෙක්’ සහ ආර්.එම්. පාර්ක් යන සමාගම් ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ඉන්ධන ලීටරයකට සියයට 3 ක වට්ටම දීමට පොරොන්දු වූ බව ඉන්ධන පිරවුම්හල්හිමියෝ පවසති. 03 March 2025
පානදුරේ වඳුරට නිවන් සැප ලැබේවා මෙරට විදුලි බල පද්ධතියේ දුර්වලතාවය තේරුම් ගැනීමට හැකියාව ලැබුණේ පානදුරේ වඳුරාට පින් සිද්ධ වෙන්න යැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්.පී.පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 March 2025
මඩකළපුව-කොළඹ දුම්රියට වන අලියෙකු හැපිලා මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු දුම්රියට අද(03 ) මනම්පිටිය මහවැලි පාලම ආසන්නයේදි වන අලියෙකු ගැටීමෙන් අලියා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව මනම්පිටිය වනජීවී කාර්යාලය සඳහන් කරයි. 03 March 2025
වන අලි පහරින් ගොවියා මරුට සිය කුඹුරේ පැල් රකිමින් සිටි 51 හැවිරිදි ගොවියෙකු වන අලියෙකුගේ පහර කෑමට ලක්ව එම ස්ථානයේදිම මිය ගොස් ඇතැයි තන්තිරිමලය පොලිසිය කියයි. 03 March 2025
පාසල් වෑන් රිය ගසක හැපී සිසුන් 12 ක් රෝහලේ පාසල් ළමයින් ප්‍රවාහනය කළ වැන් රියක් එරත්න ලස්සකන්ද වංගුව ප්‍රදේශයේදි අද (03) අනතුරකට ලක්වීමෙන් දොළොස් දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවත් කුරුවිට පොලිසිය පැවසුවේය. 03 March 2025
පැමිණිල්ලක් විභාග කරන්න ගිහින් දැරියකට හදි කරන්න හදලා පැමිණිල්ලක් විභාග කිරීමට තිස්සමහාරාම ප්‍රදේශයේ නිවසකට ගොස් එහි සිටි 16 හැවිරිදී දැරියකට කාමරයක් තුළද ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය පවසයි. 03 March 2025
පොලිස් නිල නිවෙස් භූමියේ ආයුධ ගබඩාවක් ගලෙන් බිඳුණුවැව පොලිස් ස්ථානයේ කොස්තාපල් වරයෙකු පදිංචිව සිටි විවාහක නිල නිවසක භූමියේ සඟවා තිබූ විවිධ වර්ගයේ ගිනි අවි වලට යොදන උණ්ඩ 341ක් සහ අත් බෝම්බ දෙකක් ගලෙන්බිඳුනු වැව පොලිසිය මගින් සොයා ගත් ගලෙන් බිඳුණුවැව පොලිසිය පවසයි. 03 March 2025
පොලිස් අණ නොතැකූ ටිපරයට වෙඩි යපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වු ටිපර් රථයකට පොලීසිය විසින් සිදුකරන ලද වෙඩිතැබීමකදී එක් අයෙකු තුවාල ලබා ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පැවසීය. 03 March 2025
අදත් තැනින් තැන වැසි නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 March 2025
සඳට ගිය නිල් භූතයා ඡායාරූප එවලා ෆයර්ෆ්ලයි ඒරෝස්පේස් නමැති ඇමෙරිකාවේ පෞද්ගලික ගගන සමාගම, සාර්ථකව සඳට යැවූ බ්ලූ ගෝස්ට් රොබෝ සඳ ගවේෂණ යානය, මේ වනවිට ඡායාරූප කීපයක් පෘථිවියට ලැබෙන්න සලස්වා ඇත. 02 March 2025
විපක්ෂ නායක ආණ්ඩුවට දොස් නඟයි ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 02 March 2025
’’මහත’’ මට්ටු කරන්න පෝෂණ වැඩසටහනක් අරඹයි ඉදිරි වසර තුනක කාලපරිච්ඡේදය සදහා අඛණ්ඩ පෝෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 02 March 2025
දළදා දැක්මට දින නියම වේ මේ වසරේ පැවැත්වීමට යෝජනා වී ඇති දළදා දැක්ම මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ එකඟතාවයවය පරිදි අප්‍රේල් මස 18 සිට 27 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. 02 March 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026