IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ආමි උපුල්ගේ ඝාතන සහකරු ගිනි අවි, මත්කුඩු සමග මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රාගම බටුවත්තේ ආමි උපුල් ඝාතනයේ වෙඩික්කරුවන්ගේ සහකරු වශයෙන් කටයුතු කළ පුද්ගලයකු සමග තවත් පුද්ගලයකු රුපියල් කෝටි 20 කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක්, ගිනි අවි සහ තියුණු ආයුධ සමග අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

එම සැකකරුවන් සන්තකයේ හොරයින් මත්කුඩු කිලෝ 9 ගෑම් 220 ක් කේරල ගංජා කිලෝ 67 ගෑම් 520 ක් සබ් මැෂින් ගන් වර්ගයේ ගිනි අවිි දෙකක් , 9 එම් එම් වර්ගයේ ජීවඋණ්ඩ දහයක් , කඩුවක් ගුවන් හමුදා නිල ඇඳුම් , ජංගම දුරකථන හතරක් ලැෆ්ටොෆ් පරිගණකයක් විද්‍යුත්තරාදි හතරක් හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

ඉකුත් 3 ආමි උපුල් නැමැත්තා රාගම බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසේ සිටියදී නිවසට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු පිස්තෝල වර්ගයේ ගිණිය විසින් වෙඩි තබා ඔහු ඝාතනය කර තීරෝද රථයක නැග පලා ගොස් තිබිණි.

 



අදහස් (0)

ආමි උපුල්ගේ ඝාතන සහකරු ගිනි අවි, මත්කුඩු සමග මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site