
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
මෙහිදී, රේගු ක්‍රියාවලියේ සංකීර්ණත්වය හේතුවෙන් මතුව ඇති ගැටලුවලට විසඳුම් සෙවීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, වසර 2030 වන විට, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ආයතනික ක්‍රියාවලිය ඩිජිටල්කරණයට මේ දක්වා ගෙන ඇති තාක්ෂණික විසඳුම් සහ එහිදී මතුව ඇති අභියෝග පිළිබඳවද අවධානයට යොමු විය.
එහිදී, ප්‍රධාන අභියෝගයක්ව පවත්නා නීති සංශෝධනය කිරීමේ කාර්යය හැකි ඉක්මනින් සිදු කිරීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දැනට ක්‍රියාත්මක වන ASYCUDA පද්ධතිය සහ එහි පවතින අඩුපාඩු, ජාතික තනි කවුළු සේවාව (National Single Window), ආනයන සහ අපනයන නිවැරදිව වාර්තාගතකරණය, බදු නිදහස් කිරීම්, ආදායම් නිවැරදිව හඳුනා ගැනීම ආදී අභියෝගවලට ඩිජිටල්කරණය මගින් ලබා ගත හැකි විසඳුම් සහ දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතියද සමාලෝචනයට ලක් කෙරිණි.
එමෙන්ම, දැනට උද්ගතව ඇති විද්‍යුත් වාණිජ්‍ය (e- commerce) පිළිබඳ ගැටලුවද මෙහිදී අවධානයට ලක් වූ අතර, ඒ සඳහා පාරිභෝගිකයා මූලික කර ගත් කඩිනම් හා සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්ටෙනෙර් 323 මොකද වුනේ කියලා කඩිනම් කරා නම් හරි නේද?
ඉතාම ඉක්මණින් සිදුවිය යුතු වැඩක්...
ඕක කලොත් රේගු අල්ලස් පොකුරට දිනකට කෝටි 10 කට වැඩි පාඩුවක් වෙනවා. ඒක නිසා ඔවුන් ඔය වැඩේ කරන එක අනිවාර්යයෙන් කඩාකප්පල් කරනවා. කළහැකි හොඳම දෙය ඔය තීරුබදු වියට්නාමේ, තායිලන්තේ ප්‍රමාණයට අඩු කර එක් සරල බදු ක්‍රමයක් හඳුන්වාදෙන එක..., එහෙම කරාම ජනතාව ස්වේච්ඡාවෙන් බද්ද ගෙවලා භාණ්ඩ නිෂ්කාශනය කරගනීවි.. රජයට දැනට සාපේක්ෂව වැඩි මුදලක් ලැබේවි.
ජනාධිපති තුමා නොවේ සක්‍ර දේවේන්ද්‍රයා කිව්වත් "සුනකයෝ අසූචි බුදින එක නතර කරාවිද? " පගාව ගන්න එක සීමාවෙන නිසා ඔයගොල්ල ඕක කරන්න දෙන්නේ නැහැ, මීට ඉස්සෙල්ලා හිටපු සමහරුත් ඕක කරන්න හැදුවා වැඩේ හරි ගියේ නැහැ.
රේගු දෙපාර්තමේන්තුවේ වෙබ් සයිට් එකේ වාහනවලට තියෙන බදු ප්‍රතිශතය වැඩියිනේ.. ඒවා හොයලා බලලා වෙනස් කරන්නේ නැද්ද?
ශ්‍රී ලංකා රේගු පුද්ගලික සමාගම...
ඩිජිටල් කරණය නොවේ, මොනවද කන්ටේනර් වලට වුණේ? තව සේරටම තියෙන්නේ අවුරුදු 03යි.
ඔය මළ ඉලව්ව ඩිජිටල්කරාම බැරි යයි ජෙප්පන්ගේ රතු ලේබල් කන්ටේනර් මහා දවල් ගෙඩි පිටින්, එළියට පිටකරන්න... ස්කෑන් කරන්නේවත් නැතිව...! ඒකයි තඹුත්තේගම ලප කොටාට ඔය තියෙන හදිස්සිය ...!