
(නිමල් ජයරත්න )
පොළොන්නරුව මැදිරිගිරිය බේබියා වැවෙහි ධීවර කටයුතු වල නිරත ධීවරයින්ගේ ඔරු 06 කට කිසියම් පිරිසක් විසින් අද(09 ) අලුයම ගිනි තබා විනාශ කර ඇති බව මීගස්වැව පොලිසිය පවසයි.
අලුයම දෙකට පමණ මෙම ගිනි තැබීම සිදුකර ඇති බව එම ප්‍රදේශයේ ධීවරයෝ පවසති.
බේබියා වැවට අයත් තොටුපලේ 08 වෙනිදා හවස මසුන් ඇල්ලීම සදහා දැල් එලා තොටුපල තුල ගාල් කරතිබූ ඔරු 07 කට මෙම ගිනි තැබීම සිදුකර ඇත. ඔරු 06 ක් ගිනි ගැනීමෙන් සම්පූර්ණ විනාශ වී ඇති අතර එක් ඔරුවකට ගින්නෙන් සුළු අලාභ හානි සිදුව තිබේ.
මෙම තත්ත්වයත් සමඟ ධීවර කටයුතු වල නිරත වු ධීවරයන් 45 දෙනෙකු පමණ දැඩි අසීරුතාවයට පත්ව සිටීන බව කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහපොළව නුහුලන අපරාධයක්. පුද්ගලික තරහ මරහා මොකක් වුණත් මිනිසෙකුගේ ජීවිකාව කරගෙන යන දේපළවලට මෙවැනි අපරාධ කරන්න හොඳ නැහැ. ඉරිසියාව වත්ද? නැතිනම් වෛරයක්ද? කළ පව් පසුපස පන්නනවා. මතක තබාගන්න...!