දයාසිරි පාර්ලිමේන්තුවේ දී සමාව අයැදී තමා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සුගත් සිල්වා මන්ත්‍රීතුමාගෙන් මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත සියලු දෙනාගෙන් සමාව ඉල්ලන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 March 2025
මන්ත්‍රී කෙනෙක්ගේ ප්‍රකාශයක් නිසා සුගත්ගේ සිත රිදෙයි එක්තරා මන්ත්‍රී කෙනෙක් තමාගේ දෘශ්‍යාබාධිත බව ගැන නිග්‍රහයක් කළ බව පත් කළ මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 March 2025
ඩේසි ෆොරස්ට් අත්අඩංගුවට මුදල් විශූද්ධිකරණය සම්බන්ධ චෝදනාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (5) පෙරවරුවේ පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතිවරියක් වන ඩේසි ෆොරස්ට් මහත්මිය අත්අඩංගුවට ගෙන තිබේ. 05 March 2025
ජේ.ඩීගේ සිහිනය සැබෑ කළ ට්‍රම්ප් මොළයේ පිළිකාවකින් රෝගී වූ කුඩා දරුවකුගේ පොලිස් නිලධාරියකු වීමේ සිහිනය සැබෑ කර දීමට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් විය. 05 March 2025
කැනඩා මහ කොමසාරිස් කෘෂි ඇමති හමුවෙයි ශ්‍රී ලංකාවේ කැනේඩියා මහකොමසාරිස් Eric Walsh සහ කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර හමුවක් අමාත්‍යාංශයේදී පැවැත්විණි. 05 March 2025
උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමිට සන්නස් පත්‍රය පිළිගැන්වීම 10 වැනිදා ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ 5 වැනි උත්තරීතර මහා නායක පදවිය බළන්ගොඩ මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති අමරපුර රාස්සගල විහාර පාර්ශවයේ කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක හිමියන්ට පිරිනැමීමේ සන්නස් පත්‍රය පිළිගැන්වීමේ මහෝත්සවය මෙම 10 දා සවස 3.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. 05 March 2025
යාලේ මාර්ග කීපයක් යළි අරියි යාල වනෝද්‍යානයේ මාර්ග කිහිපයක් අද (5) දහවල් සිට යළි විවෘත කළ බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 05 March 2025
උතුරු මාර්ගයේ දුම්රිය වාර 2ක් අවලංගුයි උතුරු දුම්රිය මාර්ගයේ වැල්ලව සහ ගනේවත්ත අතර මාර්ග කොටසේ පාළමක අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ මේ මස 9 වැනිදා දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ. අයි. ඩී. ජයසුන්දර මහතා පැවසීය. 05 March 2025
ලංකාදීප මැදිරිගිරිය මාධ්යවේදිනිට පහර දෙන්න හදයි හිසකෙස් කපා නොමැතිව පාසල් ආ සාමාන්‍ය පෙළ සිසුවෙකුට කණට පහරදීමේ සිද්ධියක් මුලික කරගනිමින් මැදිරිගිරිය පාසලක විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව , එම විදුහලේ ඇති වූ සිද්ධියක් වාර්තා කිරීමට ගිය මැදිරිගිරිය ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදිනිය වු චාපා මදුෂානි මහත්මියට මවුපියෝ පිරිසක් පහරදීමට උත්සහ කරමින් ඇගේ රාජකාරියට බාධා කරමින් දැඩි විරෝධයක් එල්ල කළහ. 05 March 2025
කෝටි 7 ක කේරළ ගංජා අල්ලයි රුපියල් කෝටි 7 කට ආසන්න කේරළ ගංජා තොගයක් යාපනය වත්තිරායන් වෙරළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 05 March 2025
ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් සමඟ සේවය අතැරගිය පීසී අල්ලයි සේවය අතහැර යාමේ නියෝග නිකුත් කර සිටී පොලිස් කොස්තාපල්වරයකු ව්‍යාජ පොලිස් හැදුනුම්පතක් සන්තකයේ තබාගෙන සිටීයදි අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය පවසයි. 05 March 2025
‘කුෂ්‘ සමඟ ඉන්දියානුවා ගුවන්තොටේදී මාට්ටු රුපියල් පන් කෝටි විසි ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දිය ජාතික ගුවන් මගියෙකු අද(05 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 05 March 2025
හිලෑ අලියාගේ පහරදීමෙන් ඇත් ගොව්වා මරුට හබරණ පුවක්පිටිය පාලම අසලදී හීලෑ ඇලියෙකු පහරදීමෙන් ඇත් ගොව්වෙකු මියගොස් ඇති බව හබරණ පොලිසිය කියයි. 05 March 2025
අධිවේගී අනතුරින් අයෙක් මරුට:ASP ඇතුළු තිදෙනකුට තුවාල රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත භාර සහකාර පොලිස් අධිකාරිවරයා ගමන් ගත් ජීප් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 39 දශම 3 දොඩංගොඩ ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක ගැටීමෙන් මෝටර් රථ රියදුරු මිය ගොස් සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. 05 March 2025
සංජීවගේ වෙඩික්කරුගේ තවත් තොරතුරු එළියට පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින වෙඩිකරු කඳාන වීදි මාවතේ නිවසකට වෙඩි තබා පලායාමේ සිද්ධියේ වෙඩික්කරු බවට විමර්ශනවලදී අනාවරණය වු බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 05 March 2025
පී.සීට පහර දුන් ගුවන් සෙබලා අල්ලයි ත්‍රී රෝද රථයක රියදුරුට තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබා දුන්නැයි උරනව පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන් ගුවන් හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි. 05 March 2025
අද වැසි රහිත කාලගුණයක් ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 March 2025
කෝටි දෙකේ බදු නොගෙවූ මවට - පුතාට දුන් නියෝගය වසර පහළොවක් තිස්සේ නොගෙවා පැහැර හැරී රුපියල් දෙකෝටියකට ආසන්න වැට් බදු මුදලක් මාසයකින් ගෙවා නිම කරන්නැයි පුද්ගලික සමාගමක අධ්යක්ෂවරුන් වූ පුතකුට හා මවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා නියෝග කළේය. 05 March 2025
ලයිට් බිල වැඩි කරන්න අයිඑම්එෆ් කියයි මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමට පසුගිය ජනවාරි මාසයේදී විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙන බවත් එම සංශෝධනයත් සමග විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය, නව ගාස්තුවෙන් ආවරණය නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කර ඇතැයි එම අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා අද (04) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. 05 March 2025
ඉෂාරා සොයා දෙන්නෙකුට ලක්ෂ 12ක් සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටියදී සැඟව සිටින ඉෂාරා සෙව්වන්දී නමැති සැකකාරිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් දෙන අයකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් දෙන බව පොලිස් මූලස්ථානය පවසයි. 04 March 2025
ඉන්ධන බෙදුම්කරුවෝ පැය හයක ප්‍රකාශයකින් පසු පිටව යති ඉන්ධන ඇනවුම් අත්හිටුවීමට ගත් තීරණයක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති සුකුම් සන්දනායක සහ කමිටු සාමාජික ශාන්ත සිල්වා යන මහත්වරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය පහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත්තේය. 04 March 2025
අසාධාරණ වැඩ වර්ජන එපා දැඩි ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ලොකු වැටුප් වැඩිවීමක් කර තිබියදී ජනතාව පීඩාවට පත් කරන අසාධාරණ වැඩ වර්ජනවලට නොයන්නැයි සියලුම වෛද්‍යවරුන්ගේ ඉල්ලීමක් කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය. 04 March 2025
ගාල්තැන්නෙන් තවත් සැක රියක් සොයාගනී ගාල්තැන්න ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයක කපුවකු සන්තකයේ තිබූ සැකකටයුතු සුඛෝපභෝගී ජීප් රථයක් අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. 04 March 2025
හෝටල හිමියෙක්ට පහරදුන්නැයි අයි පී ගේ වැඩ තහනම් වැල්ලවාය ප්‍රදේශයේ හෝටල් හිමියකුට බෝතලයකින් පහරදී තුවාල කළ බව කියන බුත්තල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව මොණරාගල පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 04 March 2025
මන්ත්‍රි සුජිවගේ පෙත්සමේ තීන්දුව 11 වැනි දා නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණයට කැඳවමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති සිතාසිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධ නියෝගය ලබන 11 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නේය. 04 March 2025
වරායෙන් භාණ්ඩ පන්නන අලුත්ම ක්‍රමය මෙන්න ආනයනකරුවන් වරායෙන් නිදහස් කරනොගන්නා භාණ්ඩවලට ඉහළ තක්සේරු වටිනාමක් නියමකර ටෙන්ඩර් හෝ වෙන්දේසිය හරහා විකිණීම වළක්වා එම භාණ්ඩ විනාශ කිරීමට රැගෙන යන්නේ යැයි පෙන්වා වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව වරාය සහ රේගු භාණ්ඩ ලංසුකරුවෝ පවසති. 04 March 2025
මුහුදේ පාවී ආ වස්තුවක් තරුණයකු රෝහලට යවයි කාත්තාන්කුඩි ආරයම්පති තිරුනිට්රුකේනි ප්‍රදේශයේ වෙරළ තීරයේ පාවෙමින් තිබූ හඳුනා නොගත් උපකරණයක් දැක එහි වූ නූලක් අදිද්දී පුපුරා යාමෙන් එක් තරුණයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 04 March 2025
පොලිස්පති හොයන්න බුද්ධි අංශ යොදවයි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය බුද්ධි අංශ යොදවා ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය. 04 March 2025
පොලිස් කොමිසමෙන් වැඩබලන පොලිස්පතිට පිළිතුරු පොලිස් නිලධාරීන් පත්කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීම් සහ සේවයෙන් පහ කිරීම් පිළිබද බලය ජාතික පොලිස් කොමිෂන් සභාවට පවතින බව ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි. 04 March 2025
’’ඛනිජ තෙල් සංස්ථාවේ සූත්‍රය පිළිගත්තේ නෑ’’ ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ සියයට 3 ක වට්ටම් මුදල සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව හදුන්වාදුන් නව සූත්‍රය පිළිනොගත් බවත් ඒ සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කිරීමට මේ මස 18 වැනිදා තවත් සාකච්ඡාවක් යොදාගත් බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් අද (4) පස්වරුවේ පැවසීය. 04 March 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026