එකම අංකය සහිත වාහන දෙකක් අල්ලයි එකම අංකට ලියාපදිංචි කළ මෝටර් රථ දෙකක් වෙන්නප්පුව අංගම්පිටියේ ප්‍රදේශයේ තිබියදි වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය මගින් අත් අඩංගුවට ගනු ලැබිය. 07 March 2025
බෝට්ටුවක සැඟවූ දුම්වැටි-මත්පෙති තොගයක් හසුවෙයි විදෙස් රටකින් මුහුදු මාර්ගයෙන් ගෙනවිත් බෝට්ටුවක සඟවා තිබූ දුම්වැටි සහ මත්පෙති තොගයක් කල්පිටිය නාවුක හමුදාවේ කදවුරේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ. 07 March 2025
පොහොට්ටුව කළුතරට ඇප බදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17 ක් වෙනුවෙන් තරඟ කිරීම සඳහා අද එම පක්ෂයේ මහලේකම් සාගල කාරියවසම් මහතා ගේ ප්‍රධානත්වයෙන් ඇප මුදල් තැන්පත් කරන ලදී. 07 March 2025
සිඟිත්තිය අනාරක්ෂිත වැසිකිළි වළට බිලි ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව ප්‍රදේශයේ සාදාගෙන යමින් පවතින අනාරක්ෂිත වැසිකිලි වළකට වැටුණ අවුරුද්දයි මාස තුනක බිළිදියක මරණයට පත්ව ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 07 March 2025
අද වැසි රහිත කාලගුණයක් රත්නපුර ,ගාල්ල, සහ කළුතර දිස්ත්‍රික්කවලට සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේදී ඇති විය හැකි වැසි ස්වල්පයක් හැරනු විට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 07 March 2025
දෙපිරිසක් ගැටී හතරක් රෝහලට මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයේ දෙපිරිසක් ඊයේ (06) රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලැබූ කාන්තාවක ඇතුළු සිව් දෙනකු මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. 07 March 2025
විදෙස් කතකගෙන් මුදල් සහ සිගරැට් ගත් පොලිසියේ තිදෙනෙක් මාට්ටු විදේශීය දූම්වැටි පැකට්ටුවක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ඕස්ට්‍රියා ජාතික කාන්තාවක අත්අඩංගුවට නොගෙන සිටීම සඳහා එම කාන්තාවගෙන් රුපියල් 50000/= ක මුදලක් සහ එම දුම් වැටි පැකට්ටුවක් බලෙන් ලබාගත් කොල්ලුපිටිය පොලිසියේ සැරයන්වරයකු ඇතුළු පොලිසියේ තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොල්ලූපිටිය පොලිසිය කියයි. 07 March 2025
දළදා දැක්ම රාත්‍රි කාලයටත්? ඉදිරියේදී පැවැත්වීමට නියමිත දළදා දැක්ම මහජනතාවගේ පහසුව තකා රාත්‍රී කාලයේදීද පවත්වන ලෙස රජයේ ඉහළ නිලධාරීන්ගෙන් යෝජනා වී ඇතත් ඒ සඳහා තේවාව භාර හිමිවරුන්ගේ අවසරය මෙතෙක් ලැබී නොමැති බව වාර්තාවේ. 06 March 2025
සැමියා ඇද්ද විදුලි රැහැනට බිරියයි - පුතයි බිලි නිවසේ නවතා ඇති ලොරි රථයේ බැටරිය සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා නිවෙස් හිමියා විසින් අදින ලද අනවසර විදුලි රැහැනක පැටලීමෙන් ඔහුගේ බිරිද හා පුත්‍රයා මිය ගොස් තිබූ බව සූරියවැව පොලිසිය පවසයි. 06 March 2025
ත්‍රිරෝදයක් ගිනි ගනී හොරණ රෝහල ඉදිරිපිට නවතා තිබූ ත්‍රී රෝද රථයක් හිටි හැටියේ ගිනිගැනීමටට ලක්විය. 06 March 2025
වගා හානි වන්දි ඉක්මනින් දෙන්න නියෝග වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 06 March 2025
රනිල්ගේ අල් ජසීරා සාකච්ඡාව උණුසුම් වෙයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අල් ජසීරා ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාව කළ සම්මුඛ සාකච්ඡාව අතරතුර උණුසුම් තත්ත්වයක් හට ගත්තේය. 06 March 2025
හදාගත් දරුවාට වද දී මැරූ යුවළ පෝරකයට දරුකමට හදාගත් වයස අවුරුදු දෙකක පිරිමි දරුවකු කෲර වධහිංසාවන්ට ලක් කර ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු අඹු - සැමි යුවළකට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා මරණ දණ්ඩනය නියම කළේය. 06 March 2025
අපරාධකරුවන්ගේ නඩු ස්කයිප් හරහා දරුණු අපරාධකරුවන් ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන්ට එරෙහි නඩු (skype) ස්කයිප් තාක්ෂණය ඔස්සේ විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය තීරණය කර ඇත. 06 March 2025
ජපන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෙට සිය ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට යන ගමනේ තවත් සන්ධිස්ථානයක් සටහන් කරමින් ජපන් රජය මෙරටට ලබාදී ඇති ණය, ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුමට ජපාන රජය සහ ශ්‍රී ලංකාව හෙට අත්සන් තබන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 06 March 2025
දේශබන්දුගේ වරප්‍රසාද කැපෙයි? අත්අඩංගුවට ගැනීම සදහා මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග නිකුත් කර ඇති අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට ලබාදී ඇති මෝටර් රථය, පොලිස් ආරක්ෂාව ඇතුළු සියලු පහසුකම් අත්හිටුවීමට රජය පියවර ගැනීමට නියමිත බවට තොරතුරු අනාවරණය වේ. 06 March 2025
අල් ජසීරා සාකච්ඡාව ගැන රනිල්ගෙන් ප්‍රකාශයක් බහුතරයක් බෞද්ධ ජනතාව සිටින ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගමික නායක මල්වතු මහා නා හිමි බවට තමා කළ ප්‍රකාශය අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව ප්‍රචාරය කිරීමේදී සම්පූර්ණයෙන්ම කපා දමා ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 06 March 2025
ශානක - මුදිත - සිළිඳු - දිව්‍යා හොඳම නළු - නිළි සම්මාන දිනති ජාතික තරුණ සේවා සභාව සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය එක්ව සංවිධානය කළ 44 වැනි ජාතික යෞවන සම්මාන උළෙලේ (2024) හොඳම නළුවන් ලෙස ශානක උදාර රාජරත්න සහ මුදිත දිසානායක ද, හොඳම නිළියන් ලෙස සිළිඳු රන්වල සහ දිව්‍යශාරිකා බි්රජට් බ්‍රෙන්ඩන් සම්මාන හිමිකරගත්හ. 06 March 2025
මාර අලියෙක් කැකිරාවේ රාත්‍රි කාලයේ නිවාසවලට පැමිණ දොරවල්වලට තට්ටු කර විවෘත කරවා ගැනීමට උත්සාහ දරා විවෘත නොකෙරන නිවාසවලට පහර දෙන වන අලියකු පිළිබදව කැකිරාව ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 06 March 2025
යල කන්නයට ඇති තරම් පොහොර යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පොහොර හිඟයකින් තොරව අඛණ්ඩව ලබා දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 06 March 2025
කාබනික නිෂ්පාදන නියාමනයට පාරිභෝගික අධිකාරිය මැදිහත් වෙයි වෙළඳපොලේ විකිණීමට ඇති කාබනික නිෂ්පාදන නියාමනය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මැදිහත්වීම සහ දැනට පවතින නීති යාවත්කාලීන කිරීමේ වැදගත්කම පිළිබඳව ජාත්‍යන්තර වෙළෙඳ කොමිසම සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතර විශේෂ සාකච්ඡාවක් එම අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි. 06 March 2025
හිටපු ඇමති මර්වින් රිමාන්ඩ් කිරිබත්ගොඩ නගරයේ ඉදිකිරීමට රජයට පවරා ගෙන තිබූ ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු ඇමැතිවරයෙකු වන ආචාර්ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකු මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද ( 06 වැනිදා ) පස්වරුවේ නියම කරනු ලැබුවා ය. 06 March 2025
උප්පැන්නයක් ගන්න ඇවිත් යකා නටලා හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට උප්පැන්න සහතිකයක් ගැනිමට පැමිණි පුද්ගලයකු එය ලබා ගැනීමට ප්‍රමාදවිම හේතුවෙන් එම කාර්යාලයේ නිළධාරීන්ට බැණ වැදී කාර්යාලයේ දේපල කිහිපකට අලාභ හානී සිදුකර ඇතැයි පොලිසිය කියයි. 06 March 2025
පත්තර කඩදාසි - තීන්ත මිල අඩු කරන්න පුවත්පත් මුද්‍රණ කඩදාසි හා තීන්ත මිල අඩු කළ යුතුව තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 March 2025
ඔන්ලයින් පනත අහෝසි නොකරන්නේ ඇයි? සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 March 2025
බොරු කියන වෙබ් අඩවි නියාමනයකට අසත්‍ය පුවත් පළ කරන වෙබ් අඩවි යම් නියාමනයකට ලක් කරන්න බලාපොරොත්තු වෙන බව කළුතර දිස්ත්‍රික් මන්ත්රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 March 2025
අධිකරණයට නාවොත් දේශබන්දු අත්අඩංගුවට ගන්නවා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා අධිකරණ නියෝගයට අනුගත නොවුණ හොත් සැකකරුවන් නීතිය හමුවට රැගෙන එන ක්‍රමවේදවලට අනුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 06 March 2025
ජනපති - අධ්‍යාපන අමාත්‍යාංශ සාකච්ඡාවක් පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය යන ක්ෂේත්රයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 06 March 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026