
(මනෝප්‍රිය ගුණසේකර)
සම්බාහන මධ්‍යස්ථානයක් කරදරයකින් තොරව පවත්වාගෙන යෑම සදහා එහි හිමිකාරියගෙන් රුපියල් 30000/-ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරුවු වෙන්නප්පුව හිටපු සහකාර පොලිස් අධිකාරීවරයාට වසර 14ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 30000/-ක මුදල යළි අයකර ගැනීමටද නියම කළේය.
වරදකරුවන් අත්අඩංගුවට ගෙන නීතීය ක්‍රියාත්මක කිරීමට යොදවා සිටියදී මීට වසර 07කට පෙර කළ වරදක් සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව වු චෝදනාවන් පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් විත්තිකරුට අදාළ දඬුවම් නියම කළ විනිසුරුවරයා රුපියල් 30000/-ක දඩයකටද විත්තිකරු යටත් කළේය.
චෝදනාවන්ට වරදකරු වීමෙන් අනතුරුව මෙලෙස දඬුවම් නියම වුයේ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරීවරයා වශයෙන් කටයුතු කළ ජයතිලක බණ්ඩාර නමැත්තාටය.
2018 බෙරවාරී 08 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වෙන්නප්පුවේදී එහ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් කරදරයකින් තොරව පවත්වාගෙන යෑම සදහා එහි හිමිකාරියගෙන් රුපියල් 40000/-ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 30000/-ක් ලබාගැනීම ඇතු`ථ චෝදනා 06ක් යටතේ අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණී.
සිද්ධිය සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරු මීට වසර 07කට පෙර වරදකරුවන් අත්අඩංගුවට ගෙන නීතීය ක්‍රියාත්මක කිරීම සඳහා වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරීවරයා වශයෙන් සේවයේ යොදවා සිටියදී පැමිණීලිකාර කාන්තාව වෙන්නප්පුව නගරයේ පවත්වාගෙන ගිය ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානය කරදරයකින් තොරව පවත්වාගෙන යෑම සදහා රුපියල් 40000/-ක මුදලක් ඉල්ලා අති බව’් පසුව එම මුදල රුපියල් 30000/- දක්වා අඩුකර ඇති බවත් අනාවරණය විය.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අල්ලස් ගත් ඒ.එස්.පී වසර 14ක් හිරගෙට
Perera Monday, 14 July 2025 07:57 AM
දැන් හිරගෙදර දර පලද්දි මෙයාට සම්භාහනය මතක් වෙනවා නිසැකයි
රුචිර Monday, 14 July 2025 02:21 PM
දඬුවම බරපතල වැඩියි ද කියලා හිතෙනවා .