
(රොමේෂ් මධූෂංක සහ සිතුම් චතුරංග)
යාපනය ඩෙල්ෆ් දූපත දක්වා යත්‍රාකළ සංචරක බොට්ටුවක් අද (12) දින පෙරලී දියේ ගිලී ගියද එහි ගමන්ගත් 14 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගෙන ඇතැයි ඩෙල්ෆ් පොලීසිය පැවසීය.
යාපනය කූරිකට්ටුවාන් ජැටියේ සිට ඩෙල්ෆ් දූපත දක්වා යාත්‍රා කළ ඇති මෙම සංචාරක බොට්ටුවේ සංචරකයින් 12 දෙනකු සහ කර්යමණ්ඩලයේ දෙදෙනකු සිට ඇති අතර කාර්මික දෝෂයක් හේතුවෙන් මුහද මැද නැවතී පසුව එය දියේ ගිලීමේ අවදානමක් මතුව තිබේ.
එහි සිටි සංචාරකයන් සුදු කොඩියක් අධරයෙන් උදව් ඉල්ලා කෑ ගසාද්දි එ ආසන්නයෙන් යාත්‍රා කළ ෂබරිෂ් නම් දිගුදුර බොට්ටුවට අනතුරට පත් පිරිස නිරීක්ෂණය වී ඇත.
කෙසේ වෙතත් ෂබරිස් බොට්ටුවේ කාර්ය මණ්ඩලය ගිලෙමින් තිබූ බෝට්ටුවේ සිටි පිරිස් බේරා ගන්නවාත් සමග බොට්ටුව දියේ ගිලී ගොස් ඇත.
ෂබරිස් බෝට්ටුවේ නොමැති වූවෙනම් ජීවිත හානි පවා සිදුවීමට ඉඩ තිබූ බවට ද සංචරකයෝ පවසා සිටියහ.
බේරාගත් සංචරකයන් සහ කර්යමණ්ඩලය කූරිකට්ටුවාන්හි පිහිටි නාවික හමුදා නිලධාරි කාර්යාලය වෙතට බාර දී ඇත.
ඡායා සිතුම් චතුරං




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෙල්ෆ් සහ නාගදීප යන ගමන් දෙකම බොහෝ අනතුරුදායකයි... මොකද මේ බෝට්ටුවල ප්‍රමිතියක් නැහැ... හොයලා බලන්න කෙනෙක් නැහැ. උපරිමෙන් මගීන් පටවනවා. සුන්දර ගමනක් වුවත් ඉහත දුර්වලතා පවතියි. සෙනඟ වැඩි දිනවල නාගදීප බෝට්ටු වල සීමාව ඉක්මවා මගීන් පටවනවා.