ජල භීතිකා එන්නත්වල හිඟයක් රජයේ රෝහල්වල ජල භීතිකාව සඳහා දෙන එන්නත් වල හිඟයක් ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 March 2025
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය ජූනියේ එයි ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය ජුනි මාසයේදී එළි දක්වන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 March 2025
විශේෂඥ වෛද්‍යවරු 195ක් රට හැර ගිහින් මෑත කාලයේ විශේෂඥ වෛද්‍යවරුන් 195 ක් රට හැර ගිහින් තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 March 2025
අංක තහඩු නැති ජීප් රථයක් සමග 2ක් අත්අඩංගුවට අංක තහඩු නොමැති ජීප් රථයක් සහ සැකකරුවන් දෙදෙනකු නූරිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (5) අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල පොලිසියට ඉදිරිපත් කර ඇත. 06 March 2025
හෙද නිලධාරීන් 3000කට සුබ පණිවිඩයක් හෙද නිලධාරීන් 3147කට අප්‍රේල් මාසයේදී පත්වීම් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(6) පැවසීය. 06 March 2025
දොස්තරලා 5000ක් රට යෑමේ සූදානමක වෛද්‍යවරුන් පන්දහසකට වැඩි පිරිසක් විදේශ රටවල වෛද්‍ය සේවයට සුදුසුකම් සපුරා විදේශගතවීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 March 2025
කළුතර ප්‍රා:සභාවේ හිටපු උප සභාපති ඇතුළු 7ක් අත්අඩංගුවට පාසල් සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකට මැදිහත්ව පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ඇතුළු හත්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි. 06 March 2025
මර්වින්ගේ ඉඩම් වංචාවට තවත් 6ක් අත්අඩංගුවට කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් හෙට්ටයාර් 0.2137 ක ඉඩමක් සඳහා කූට ලේඛන සකස් කර රුපියල් මිලියන 75 ක් මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි 06 March 2025
ට්‍රම්ප්ගෙන් හමාස් සටන්කාමීන්ට අනතුරු ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා වහාම නිදහස් කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කර ඇත. 06 March 2025
අදත් වැස්ස නෑ ගාල්ල, මාතර,කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 March 2025
පොලිස් රථවාහන අංශයේ දීමනා ඉහළ දමයි රථ වාහන රාජකාරියෙ නිරතරත වන නිලධාරීන්ගේ ත්‍යාගදීමනා සියයට විසිපහකින් වැඩි කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 06 March 2025
රජයේ ඉඩමක් හොරෙන් වික්කාට මර්වින් සිල්වා අත්අඩංගුවට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 06 March 2025
හමුදාවෙන් පැන්න 679ක් මාට්ටු ත්‍රිවිධ හමුදා සේවයෙන් පලා ගොස් සැඟව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 679 දෙනකු මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 05 March 2025
බුද්ධශාසන අමාත්‍යාංශයට නව ලේකම්වරයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලිව්. පී. සේනාධීර මහතා පත් කරනු ලැබ ඇත. 05 March 2025
පරිභෝජනයට නුසුදුසු තිරිගු පිටි ටොන් 750 ක් අල්ලයි වත්තල, ඇලකන්ද පාර, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාකර වෙළදපොලට නිකුත්කිරීමට සුදානම් කර තිබූ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තිරිගු පිටි මෙට්‍රික්ටොන් 750 කට අධික ප්‍රමාණයක් අද (05) භාරයට ගත් බව පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. 05 March 2025
ජනපති ලං.වි.ම නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පැවැත්විණි. 05 March 2025
ත්‍රිකුණාමල මණ්ඩපයේ සිසුන් විරෝධතාවක නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ සිසුන් එකොළොස්දෙනෙකුට පනවා ඇති පන්ති තහනමට එරෙහිව අද (05) දහවල් එම මණ්ඩපයේ සිසුන් පිරිසක් මණ්ඩපයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කරණු ලැබිය . 05 March 2025
විදුලිසැර වැදී පස්හැවිරිදි පුතු සහ මව මරුට යාබද නිවසේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් සූරියවැව වීරිය ගම ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් හා ඇයගේ පස් හැවරදි පුත්‍රයා අද(05) සවස මියගොස් තිබූ බව සූරියවැව පොලිසිය පවසයි. 05 March 2025
පිටකොටුවේ බෑන්ක් ගොඩනැගිල්ලේ ගින්නක් පිටකොටුව රෙක්ල මේෂන් පාරේ බෑන්ක් ගොඩනැගිල්ලේ ඇති වූ ගින්නෙන් වෙළඳසැල් රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පිටකොටුව පොලිසිය කියයි. 05 March 2025
අය විය යුතු බදු හරියටම ගන්න අයකරගත යුතු සම්පූර්ණ බදු ආදායම් අය කරගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ අද (05)වන දා පැවසීය. 05 March 2025
ඩේසි ෆොරස්ට ඇප කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ පවතින නඩුවක සැකකාරියක ලෙස අත් අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කල ඩේසි ෆොරස්ට් නැමැත්තිය රුපියල් ලක්ෂ පණහ බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (05) දින නියෝග කලාය 05 March 2025
පිටකොටුවේ ගින්නක් පිටකොටුව රෙක්ලමේෂන් පාරේ බෑන්ක් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි පිටකොටුව පොලිසිය කියයි. 05 March 2025
සංවර්ධන නිලධාරියා අල්ලස් දැලේ තුරුක්කනාමඩු ප්‍රදේශයේ කුඹුරු ඉඩමකට වගා හානි වන්දි මුදල් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම සදහා රුපියල් 40,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන සංවර්ධන නිලධාරියෙක් අද (5) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 05 March 2025
යුගයට ගැලපෙන්න රේගුවේ වෙනසක් යුගයට ගැලපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 05 March 2025
මිද්දෙණියේ වෙඩික්කරු අල්ලයි මිද්දෙණිය ගල්පොත්තේ යායේ දී ඉකුත් 18 වන දින රාත්‍රී පියා හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 05 March 2025
සෞඛ්‍ය වර්ජනය අත්හිටුවයි අතිකාල දීමනා සහ සහ නිවාඩු දින දිමනා ක්‍රමය අය වැය මගින් අත්තනෝමතික ලෙස ඉවත් කිරීමට විරෝධය පල කරමින් පරිපූරක වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය වෘත්තිකයින්ගේ සම්මේලනය හෙට(6) දියත් කිරීමට නියමිතව තිබූ වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා තිබේ. 05 March 2025
මුහුදුබඩ මාර්ගය දුම්රියක් පීලීපනී මුහුදුබඩ මාර්ගයේ කොල්ලූපිටිය සහ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර දුම්රියක් පිළිපැනීම හේතුවෙන් එම මාර්ගය දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය. 05 March 2025
නොදැන දුන් ඇමතුමක් ගැන විපක්ෂ නායක හෙළි කරයි දැන් ඉන්න ධීවර නියෝජ්‍ය ඇමති උද්ඝෝෂණ වලට හරි දක්ෂයි.එතුමා උද්ඝෝෂණ කරපු සාර්ථකත්වය දුටු මා එදා එතුමාට දුරකථන ඇමතුමකුත් දුන්නා.එලෙස ඇමතුමක් දුන්නේ ඔහු ජේ.වී.පී බව නොදැන යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 March 2025
හය දෙනෙක්ගෙන් එක්කෙනෙක් දුප්පත් ලංකාවේ සෑම පුද්ගලයන් හය දෙනකුගෙන් එක් අයකු දිළිදු බවට පත් වී ඇතැයි ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 March 2025
ධීවරයන්ට විශ්‍රාම වැටුපක් ධීවරයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 March 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026