IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කොළොන්නාව හදන සැලසුම් කඩිනම් කරයි

(අංජුල මහික වීරරත්න)

මධ්‍යම රජයෙන් සහ අනෙකුත් ආයතන වලින් කොලොන්නාවේ ප්‍රාදේශීය සහ නගර සංවර්ධනය වෙනුවෙන් වෙන්කොට ඇති මුදල් වලින්  කිරීමට යෝජිත,දැනට වැඩ අවසන් කොට ඇති සහ වැඩ අවසන් නොමැති ව්‍යාපෘතීන් පිළිබඳව සමාලෝචනයක්  කොලොන්නාව ආසන සංවර්ධන කමිටුවේ දී අද(11)සිදු විය .

ඊට අදාළව ග්‍රාම සංවර්ධන වැඩසටහන් වල සැලසුම් වල තත්ත්වයත්, ජීවනෝපාය හා ව්‍යවසායකත්ව සංවර්ධන ව්‍යාපෘතීන්හි වත්මන් තත්වයත්, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන් වලට අදාළව සංවර්ධන ව්‍යාපෘති වල වත්මන් තත්ත්වය එහිදී විමසා බැලිණි.

 වර්ෂ අවසාන වන විට ව්‍යාපෘති සියල්ල අවසන් කරලීමට කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද යන්න පිළිබඳවද එහිදී අවධානය යොමු විය.

කාල රාමුවක් යොදාගනිමින් කඩිනමින් සංවර්ධන ව්‍යාපෘතීන්හි සැලසුම් අවසන් කොට ව්‍යාපෘති සියල්ල කඩිනමින් මෙන්ම ඵලදායී ලෙස අවසන් කිරීමට නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්විණි.

කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවට කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ධනුෂ්ක ප්‍රියදර්ශන, කොලොන්නාව නගර සභාවේ සභාපති ධම්මික විජේමුණි, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහත්වරු ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.



අදහස් (2)

කොළොන්නාව හදන සැලසුම් කඩිනම් කරයි

අරවින්ද මොණරවිල Friday, 11 July 2025 04:59 PM

කරුණාකර කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කසළ බැහැර කිරීම ක්‍රමවත්ව කරන්න. ඉස්සර සතියට දින දෙකක් කසළ බැහැර කළ අතර නව පාලනය පත්වූවාට පසුව එය සති දෙකකට එක් වරක් දක්වා අඩුවෙලා. එබැවින් ප්‍රදේශයේ කුණු කසළ පිරි ඇති අතර මැස්සන් හා මදුරුවන්ද අධික ලෙස බෝ වෙලා...

:       1       1

රුවන් Saturday, 12 July 2025 09:50 AM

කොළොන්නාව කියන්නේ වගුරු බිමක්, වගුරු බිමක් නගරයක් කරන්න කලින් විශාල සැලසුමක් ඕනේ, එදා කෝට්ටේ රාජධානිය හැදුවේ ඔය විදියට ජලය ගලා යන්න පුළුවන් වෙන්න. එදා බෙරේ වැවේ වතුර බොල්ගොඩ ගඟට ගියා එකයි ගංවතුර නැත්තේ. එකට අද... පොඩි වැස්සකට යට වෙනවා. මුලින්ම කරන්න ඕනේ අප ජලය පිරිපහදු කරන එක, ඊට පස්සේ ඇල මාර්ග, සුද්ද කරලා පුළුල් කරන්න ඕනේ. උදාහරණයක් විදියට නෙදර්ලන්තයේ, පැරීසියේ ඇල මාර්ග. එහෙ බොන්න පුළුවන් තරමට වතුර පිරිසිදු කරනවා... මාළු එහෙමත් ඉන්නවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site