
(සිතුම් චතුරංග)
වවුනියාව , කූමන්කුලම ප්‍රදේශයේ දී බීමතින් යතුරු පැදියකින් ගමන්කළ පුද්ගලයකු නැවැත්වීමට උත්සහ කිරීමේදී අදාල පුද්ගලයා යතුරු පැදියෙන් ඇඳවැටී මියයාමත් සමඟ ප්‍රකෝපවූ ප්‍රදේශවාසීන් පිරිසක් පොලිසිය වෙත පහරදීම හේතුවෙන් පොලිස් නිලධාරීන් පස්දෙනකු තුවාල ලබා රෝහල්ගතකොට ඇතැයි වවුනියාව පොලිසිය කියයි.
ප්‍රකෝපවූ පිරිස පහරදීම හේතුවෙන් පොලිස් කැබ්රථයක් සහ යතුරු පැදි දෙකකටද හානි කොට ඇති අතර සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිසිය අහසට වෙඩි තබා ඇ.
අනතුරුව කලහකාරි පිරිස් පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවූ බවත් පොලිසිය සඳහන් කළේය.
පොලිසිය විසින් යතුරු පැදිකරු හබාගොස් යතුරු පැදියට විවිද අවහිරතා කරමින් යතුරු පැදිකරු ඇඳවැට්ටීමෙන් මෙම මරණය පොලිසිය සිදුකළ බවට චෝදනා කරමින් ප්‍රකෝපවූ පිරිසක් නිලධාරින්ට පහරදී පොලිස් කැබ්රථයට සහ යතුරු පැදිවලට හානි සිදුකොට ඇති බවත් පොලිසිය පැවසීය.

2025 නොවැම්බර් මස 04
459
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1661
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බිමත් යතුරුපැදිකරු පොලිසියට වෙට්ටු දාද්දී වැටී මරුට:කලබල වු පිරිස පොලිසියට පහර දෙති
pakeer Saturday, 12 July 2025 01:28 PM
වැරැදි දෙකයි... බීමත්ව රිය පැදවීම සහ පොලිස් අණ නොතකා රිය ධාවනය... කරන්න දෙයක් නැහැ... හරි තීරණයක් දෙන්න. නැතිනම් හැමෝම බීලා පොලිස් අණ නොතකා රිය ධාවනය කරයි...
de silva Saturday, 12 July 2025 01:37 PM
මේවා සුළුවෙන් තකන්න එපා, නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න...
සෙනෙවිරත්න Saturday, 12 July 2025 02:33 PM
මෙහෙම දේවල් වෙනවා, හෙල්මට් නැති පුද්ගලයෙක් හඹාගොස් ඔහු අනතුරකට ලක් වෙලා මැරුණා... ඒක හඹා යායුතු වරදක් නොවෙයි. නමුත් ජීවිතයක් නැති වුණා...
mangalaSaturday, 12 July 2025 04:45 PM
මේකේ කොටන වෙලාව ටිකක් අරගෙන අමෙරිකාවේ පොලීසිය මිනිස්සු මරන හැටි පොඩ්ඩක් බලන්න. ලංකාවේ පොලීසිය සර්ව සම්පූර්ණ නැහැ. නමුත් වැරැද්දක් කරලා පැනලා යන්න දෙන්න බැහැ. හෙල්මට් නැතුව ගියා නම් නවත්වන්න කිව්වා නම් නවත්වන්න ඕනෑ. එක වැරැද්ද දෙක කරගන්න එක වැරදි කරපු මිනිහාගේ වැරැද්දක් මිසක් පොලිසියේ වැරැද්දක් නෙවෙයි. ඔතැන කැරැලි ගහපු හැම කෙනාම අල්ලලා දාන්න ඕනෑ වැලිකඩට, යාපනේ හිරගෙදරට නොවෙයි...
R.T.sarath Saturday, 12 July 2025 03:14 PM
මේවා දේශපාලන වාසි ගන්න නිකන් ලිස්සලා ඇරියොත් ඉදිරියට ලංකාවේ උතුරු කරයේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බැරිවී අවනීතිය රජවී විශාල ජීවිත සහ දේපල ප්‍රමාණයක් විනාශ වී කෙලවර වෙන්නේ, මේ සිද්ධියට අදාල සියලුදෙනාම හඳුනාගෙන නීතිය ඉදිරියට ගෙන එන්න කටයුතු කරන එක බලධාරීන්ගේ වගකීමක්...!
Perera Sunday, 13 July 2025 01:37 AM
ඉඳලා හිටලා පොලිසියේ අය තුටි කෑවට කමක් නැහැ.
Srinath Sunday, 13 July 2025 02:05 AM
ආණ්ඩුව බාර් ඇරලා මිනිස්සුන්ට බොන්න දෙනවා... පොලිසිය දඩ ගහනවා... මේවා බැලන්ස් කරන්න ඕනෑ සවුදි වගේ... ආණ්ඩුව තමයි වැරැදි කරන්නේ. ස්තුතියි..