
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමූපකාර නමට මුවාවී කළු සල්ලි සුදු කරන ජාවාරම් ක්‍රියාත්මක බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.
මෙම ජාවාරම් ගැන සොයා බලාගෙන යන බවත් වහාම මහ බැංකුවට ගොස් ලියාපදිංචි වන්නැයි ඒ අයට දැනුම් දෙන බවත් අමාත්‍යවරයා කීය.
එම ආයතන වල ණය එකතු කිරීමේ ක්‍රියාවලියට සමූපකාර නිලධාරීනුත් පාවිච්චි කරන බව කී සමරසිංහ මහතා මහජනතාවගේ මෙම ව්‍යාපාරය ජාවාරම්කරුවන් අතට පත්වීමේ දැඩි අවදානමක් තිබෙන බවද වසන්ත සමරසිංහ මහතා පැවසීය
මේ නිසා සමහර බැංකු ලියාපදිංචි කිරීම නතර කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා අනීතික ලෙස ස්ථාපිත කළ සහ දේශපාලන උවමනා මත හැදූ සමූපකාර නමින් පවත්වාගෙන යන මූල්‍ය ආයතන ගැන පරීක්ෂණයක් පවත්වා ඒවාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කළේය
මේ ආයතන තැන්පතු ටික අරගෙන ගියාට පසු මිනිස්සුන්ට වග කියන කෙනෙකු නැතැයිද ඊට පසුව තැන්පතුකරැවන් තමන් ළඟට එන බවත්ඔහු කීය.
බැංකු නමට සමූපකාර වචනය පාවිච්චි කරන්නේ ජාවාරම්වලට ඉඩ හැදෙන නිසා බවත් කවුරු හරි සමූපකාරයක් කරනවනම් ඊට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා මහතා පැවසුවේ අවිස්සාවේල්ල නැගෙනහිර හේවාගම් කෝරළ සමූපකාර සමිතියේ ග්‍රාමීය බැංකු 24ම වසා දැමුණු බවයි.
ඒවායේ ලක්ෂ විස්සකට වැඩි තැන්පත්කරුවන් සිටි බවත් ඒ තැන්පත්කරුවන්ගේ කෝටි 92 ක තැන්පත් මුදල් අහිමිවූ බවත් ඔහු කීවේය.
එවකට හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ වැරදි තීරණ නිසා ඒ තත්වය ඇති වුණු බව පැවසූ මන්ත්‍රීවරයා එවකට දේශපාලනඥයන්ගේ ආශිර්වාද මත මෙම අධ්‍යක්ෂ මණ්ඩලය ජනතාවගේ මුදල් කොල්ල කෑ බවද සඳහන් කළේය.
අද ඒ තැන්පත් මුදල් අහිමි වුණු ජනතාව අපා දුක් විඳින බවද හෙතෙම පැවසීය.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අවිස්සාවේල්ල සමූපෙ තැන්පතු කෝටි 92කට සුද්දෙ දීලා
Lalla Friday, 11 July 2025 07:14 PM
සමූපකාර අහෝසිකර දාන්න. හොර ගුහා ගම්පහ සමූපකාර සමිතිය බෝඩ් ලෑල්ල විතරයි. බඩු නැති කඩ... හොයලා බලන්න.
Piyal weerasinghe Saturday, 12 July 2025 06:52 AM
සමුපකාරයේ හිටපු අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින්ගේ වත්කම් ගැන හොයලා බලලා ඔවුන්ගෙන් වෙච්චි පාඩුව අයකරගෙන තැන්පත් කරුවන්ට ගෙවන්න...
ගුණරත්න Saturday, 12 July 2025 08:36 AM
සමූපකාර කියන්නේ ප්‍රාග්ධනය අඩු මිනිස්සු එකතුවෙලා ප්‍රාග්ධනය සපයාගෙන කරන පෞද්ගලික ව්‍යාපාර. ඒත් මේ රටේ ඒකත් විකෘතියි. සමූපකාර කියන්නේ ආණ්ඩුවේ බළල් අතක් වගේ. ආණ්ඩුවේ සහනාධාර බෙදන ආණ්ඩුවේ නොවන ආණ්ඩුවේ කඩේ...
saman Saturday, 12 July 2025 09:19 AM
මාතර සමූපකාර රෝහල, ග්‍රාමීය බැංකුව... ඔය සෙතම තමයි. ඉක්මණින් නිසි පියවර ගන්න.
රුවන් Saturday, 12 July 2025 09:40 AM
කෝටි 92ක්, (ඩොලර් මිලියන 6, උද්දමනය එක්ක) කියන්නේ පොඩි ගානක් මහත්තයෝ... හරියට සාමාන්‍ය ජනතාවට රුපියල් 10ක් වගේ.