
(රෝෂන් තුෂාර)
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර ඇති හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (11) නියෝග කළේය.
අල්ලස් කොමිසම ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලූ හර්ෂණ කැකුණුවෙල මහතා සඳහන් කර සිටියේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමස කිසිදු බාධාවක් නොමැති බවය.
ධීවර වරාය නීතිගතව සංස්ථාවට ඉදිරිපත්කළ වැලි කැනීමේ ව්‍යාපෘතියක් නීති විරෝධීව විදේශීය සමාගමකට භාරදී රජයට රුපියල් ලක්ෂ 263 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ම දුවන්න. දුවලා ගිහින් හැංගෙන්න බලන්න..
අප්පට සිරි.
නීති විරෝධී ලෙස 323 දෙනෙකු මුදා හැරීමේ පාඩු සඳහා, කිසිදු නඩු පැවරීමක් හෝ CID හෝ අධිකරණයේ ක්‍රියාකාරී මැදිහත්වීමක් නොමැත. ඒ හා සමානව, සතුන් ගණන් කිරීම සඳහා මහජන මුදල් නාස්ති කිරීමක් සිදු නොවේ. හැමෝම නිහඬයි. මේ නිසා අපි තවමත් තුන්වන ලෝකයේ රටක්. බලයේ සිටින අය කරන ඕනෑම දෙයක් "හරි".
අවුරුද්දක්ම වෙන්න ආවා. කවදාද ජනතාවගේ ජීවන ගැටළු අමතන්නේ? අවු 5ම මේවා බල බලා ඉන්නද නැත්තං ඕගොල්ලෝ ගෙදර යවන්න ඉස්සෙල්ලා යනවාද?
මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නලු පැති මාරුකළේ?බලයට තියෙන ආසාවට නෙවෙයිලූ. සව්ක්‍ය ඇමැතියා කාලේ තමුන්ගේ බිරිඳට රෝහල් අද්යක්ෂ කෙරුවා.
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්... මහනුවර දිස්ත්‍රික්කය හඟුරන්කෙත ආසනය...
අද සිට සදාකාලිකවම ලෙඩෙක්...
තව එක කම්බ හොරෙක්, ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට පැන පැන පවුල පිටින්ම හවුලේ හොරකම් කෙරුවා. දැන් ඉතින් පවුල පිටින්ම හිරේ විලංගුවේ ලගින්න සුදානම් වෙයල්ලා...
දැන් එහේ තවත් ලස්සන වෙන්නයි යන්නේ, ඒක නෙමෙයි මොකද මේ සිලින්ඩර් බයියෝ කෙඳිරි ගන්නේ?
වැලිකඩ පුංචි පාර්ලිමේන්තුවට තවත් සාමාජිකයෙක්...
අල්ලනකොට කෙඳිරි ගාන්න එපා… හොරුන්ට රිදිලා
කටට ඉබ්බෙක් දාගෙන ආවොත් දඬුවම ලිහිල් වෙයි.
කිඹුල් තඩියා...
ඔන්න අල්ලන්න එනවා කියලා මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරලා හොරු අල්ලන්න එනකොට හොරු පැනලා යන එක පුදුමයට කාරණයක් නොවේ.. රජිතයා අල්ලන්න එනවා කියලා කියන්නේ දැනට මාසෙකට විතර කලින් ඉඳන් බෝට්ටුවක නැග්ගා නම් දැන් ඉතාලියට වුණත් යන්න කාලවේලා හොඳටම ඇති...
අපි ශෝ එකක් කරනවා අපේ පිං පඩි බලකාය විසිල් ගහනවා බල්ටි ගහනවා.. අම්මපා..
අරුණි, අසේල හැර තවත් දේශපාලන වංචා, දූෂණ, සොරකම් වලට සම්බන්ධ අපරාධකරුවන් තවත් මේ කමෙන්ට් සමූහය තුළ ඉන්නවා නම් කියන්න. බැලින්නම් ලංකාවේ 5-10% සෘජුවම වංචා සඳහා සම්බන්ධයි... විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන් පවා...
කරන කලට පව් මිහිරිය මී සේ, විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ. දැන් ඉතින් නැතිලෙඩ මතුවෙයි. අනිච්චේ දුක්ඛේ සංතෝසේ බැරුවා...!
වාසියට පක්ෂ මාරු කරන, හොරකමේ ඉහළින්ම ඉන්න තවත් පාදඩයෙක්. හිරේ නොවෙයි නිරේ අපාදුක් විඳින්න ඕනෑ.
යහපාලන කාලයේ මොහු සෞඛ්‍ය ඇමැතිවෙලා බෙහෙත් මාෆියාවට විරුද්ධව සටනක් කළා... ඒ කාලයේ රජයේ රෝහල් පරිශ්‍රවල රජයේ සේවකයින් මොහුගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු කියලා බැනර් ප්‍රදර්ශනය කරලත් තිබුණා...