රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප් ලෙස රුපියල් විසිහත්ලක්ෂ,තිස්දෙදහස්,නමසියහතලිස්හතරක (2,732,944) මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.