
(රෝෂන් තුෂාර)
රේගුවට හොර රහසේ ආනයනය කළ ටොයෝටා වර්ගයේ සුඛෝපභෝගි ජීප් රථයක් නීති විරෝධීව ලියාපදිංචි කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස්වරිය ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද(14) නියෝග කළාය.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස් හා ඉඩම් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සූරියා ප්‍රියංගනී සිරිමාන්න , මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංවර්ධන සහකාර අබේසිංහ ආරච්චිගේ සංජීව කුමාර,අධීක්ෂණ නිලධාරි ඉන්දික ලක්ෂමන් හේරත් සැකකරුවන් මෙසේ ඇප මත මුදා හැරිනි.
සැකකරුවන්ට රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන බවටද නියෝග කළාය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු දක්වමින් කියා සිටියේ 2018 වර්ෂයේ ජපානයේ නිෂ්පාදනය කර 2019 වර්ෂයේ රේගුවට හොර රහසේ මෙරටට ආනයනය කළේ යැයි කියන ටොයෝටා වර්ගයේ ජී.එස්.9164 රථය 2002 වර්ෂයේ මුල් ලියාපදිංචිය කර ඇති බවට ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් අනීතික ලියාපදිංචි කිරීම හා ඊට ආධාර අනුබල දීම තුළින් රජයට රුපියල් 32268620.00 පාඩුවක් කිරීමේ සම්බන්ධයෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බවය.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආර් එම් වී හිටපු සහකාර කොමසාරිස් ඇතුළු තිදෙනාට ඇප