IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


බේරුවල නගර සභා බලය ජාජබ සහ සජබ සමගිවී අල්ලයි

(තුසිත කුමාරද සිල්වා)

බේරුවල නගර සභාවට ඉදිරිපත් වූ කිසිදු පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් සියයට 50 ප්‍රතිශතයක් ලබා නොගැනීම නිසා නව සභාපතිවරයකු පත් කරගැනීම සඳහා අද පැවැති ඡන්දයේදී නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ එම්.ඒ. මොහොමඩ් මබාසීම් මහතා තේරී පත් වූ අතර උප සභාපති ලෙස සමගි ජන බලවේගයේ බී. විමලසිරි මහතා තේරී පත්විය.

බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් බේරුවල නගර සභාවේ සභාපති උප සභාපති තේරීම  බේරුවල නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී බේරුවල නගර සභාවට  ස්වාධීන අංක එකේ කණ්ඩායම සභික ආසන 7ක්ද, සමගි ජන බලවේගයේ සභික  ආසන 6ක් හා ජාතික ජන බලවේගය සභික  ආසන 3ක් ලෙස සභිකයන් 16තේරී පත්ව ඇත.

බේරුවල නගර සභාවේ පළමු රැස්වීම ජුනි 19 වනදා පැවැත්වීමට තිබුණද එය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයකින් අවලංගු කෙරිණි.

සභාපතිවරයා තේරීම රහසිගතව ද විවෘතවද  සභාවේ කාර්ය පටිපාටිය අනුව කරගෙන යාම පිළිබඳව ගරු අධිකරණයේ අවසන් තීරණය ලැබෙන තෙක් පෙරවරු 10.00 තෙක් සභාවට බලා සිටීමටත් සිදුවිය .

පසුව අධිකරණ තීරණය ලැබුණේ කොමසාරිස්වරිය පෙර කටයුතු කළ ආකාරයටම කටයුතු කරන ලෙසයි.

සභාවේ වැඩි දෙනාගේ කැමැත්ත පරිදි සභාපති සහ උප සභාපති තේරීම සඳහා විවෘත ඡන්දයක් පැවැත්වීමට පළාත් පාලන කොමසාරිස්වරිය තීරණය කළාය.

එහිදී සභාපති ලෙස ස්වාධීන කණ්ඩායම් 1 මොහොමඩ් ෆලීල් මොහොමඩ් අසාම් මහතාත් ජාතික ජනබලවේගය පක්ෂයෙන් මොහොමඩ් අසාර් මොහොමඩ් මබාසිම් මහතාත්  තරග වැදුණු අතර පැවැති විවෘත ඡන්යේදී මාලිමා අපෙක්ෂකයාට ඡන්ද 9ක්ද ස්වාධීන කණ්ඩායමෙන් තරග කළ මොහොමඩ් ෆලීල් මොහොමඩ් අසාම් මහතා 7 ක්ද ලබා ගත්තේය.



අදහස් (2)

බේරුවල නගර සභා බලය ජාජබ සහ සජබ සමගිවී අල්ලයි

රුවන් Monday, 14 July 2025 01:55 PM

දැන් සජියා මේ අයගේ පක්ෂ සමාජිකත්වය අයින් කරයි. ඊට පස්සේ මේ අය ස්වාධීන වෙනවා. ඊට පස්සේ සජබේ තියෙන බල්ලෙක් ඉවරයි.

:       3       11

Athula Tuesday, 15 July 2025 10:53 AM

නියමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 451 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site