
(යොහාන් භාසුර)
දුෂ්කර පාසල් සංවර්ධනය කිරීම සඳහා තෝරා ගැනීමේදී හිතවත්කම් මත නොව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය මත තෝරා ගැනීම කළ යුතු බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුලින් සියලු දරුවන්ට රැකියාවකට යොමුවීමට හෝ උපාධිය හැදැරීමට අවස්ථාව හිමිවන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත නියෝජනය කරන නිලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් නැගෙනහිර පළාත් සභාවේදී පැවති දැනුවත් කිරීමේ වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍යවරිය එසේ පැවසුවාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙසේද සඳහන් කළාය.
"මේක අපි සියලු දෙනාට ලැබෙන ඓතිහාසික අවස්ථාවක්. ලෝකයට ගැලපෙන ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හරහා අපිට හැකි වෙනවා. සියලු දරුවන්ට පාසල් අධ්‍යාපනය අවසන් කරනවිට රැකියාගත වෙන්න පුලුවන් විදිහට NVQ සහතිකයක් හිමි වෙනවා.
පවතින අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන් රැකියාවට යනවිට කියන්නේ කුසලතා පුර්ණය කරලා නෑ කියලා ඒ නිසා විශ්වවිද්‍යාලවලට සිදු වෙලා තිබෙන්නේ මෘදු කුසලතා සංවර්ධනය කරන්න. ඒක කරන්න ඕන පාසල්වලින්" ඇය සදහන් කළාය.
9 වසරේ සිට දරුවන්ට තමන් ඉදිරියේදී කරන්න ඕන වෘත්තීය මොකක්ද කියලා තීරණය කරන්න ඒ වෙනුවෙන් අත්දැකීමක් ලබා ගන්න අවස්ථාවක් නව ප්‍රතිසංස්කරණයෙන් ලැබෙනවා. වසර 11ක් හෝ 13ක් අධ්‍යාපනය ලබලා පාසලෙන් ඉවත්වන දරුවන්ට අවශ්‍ය නම් රැකියාවක් කරන්නත් පුලුවන්, අවශ්‍ය නම් උපාධිය හදාරන්නත් අවස්ථාව තිබෙනවා. කැමතිනම් රැකියාව කරන ගමන් උපාධිය හදාරන්නත් අවස්ථාව තිබෙනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ විෂය නිර්දේශය පමණක් නෙමෙයි පාසල් යටිතල පහසුකම් සංවර්ධනය කරන්න, ගුරුවරුන් පුහුණු කරන්න, ප්‍රතිසංස්කරණය පිලිබඳ ජනතාව තුළ කතිකාවක් ඇති කරන්නත් කටයුතු කරනවා.
යටිතල පහසුකම් සංවර්ධනය කරන්න මේ වසරේ වෙන්කර ඇති මුදල් නිසි පරිදි යොදා ගන්න. ඒ වගේම දුෂ්කර පාසල් සංවර්ධනය කිරීමට තෝරා ගැනීමේදී ගමේ කමට හෝ හිතවත් කමට තෝරගන්න එපා. නිසි ක්‍රමවේදයකට තොරාගෙන දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය ඇතිව සිදු කරන්න. දුෂ්කර පාසල්වල දරුවන් දුෂ්කර ගම්වල හිරකරගෙන ගුණාත්මක අධ්‍යාපනය ලබා දෙන්න බැහැ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු වලදි අධ්‍යාපන අමාත්‍යංශයත් පළාත්සභාවත්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් වගේම කළාප කාර්යාල, කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ඒකාබද්ධව සහයෝගය දෙන ලෙසද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර, විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන,එස් කුගනාදන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන්, අධ්‍යාපන අමාත්‍යංශය, විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, නියෝජනය කරන නිලධාරීන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දුෂ්කර පාසල් සංවර්ධනය කිරීමේදී හිතවත්කමට අවස්ථාව දෙන්න එපා
ANURADHA Monday, 14 July 2025 12:47 PM
අම්මලාගේ තාත්තලාගේ සල්ලි කන ප්‍රින්ට් අවුට් ගැනිල්ල නතර කරන්න විදියක් හදලා දෙන්න පුලුවන් නම්...