IMG-LOGO

‘‘අනුර මිටරය‘‘ ජනගත කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ලබාදුන් පොරොන්දු කෙතරම් ප්‍රමාණයක් ඉටුකර ඇත්දැයි මන බලන "අනුර මීටරය" ජනතා අයිතියට පත්කළ බව වෙරිටේ රිසර්ච් ආයතනය  අද ප්‍රකාශ කළේය.

"අනුර මීටරයෙන්" ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපතිවරණයේදී ලබාදුන් ප්‍රධාන පොරොන්දු 22 ක ප්‍රගතිය මැනබලනු ඇති බවත් මන්ත්‍රී.එල්කේ වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන් "අනුර මීටරය" පරිශීලනය කළ හැකි බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

ජනතාව ඉහළ උනන්දුවක් දක්වන ආර්ථික ප්‍රතිසංස්කරණ, ආණ්ඩුකරණය, දූෂණ මර්දනය, නීතිය හා සාමය, සහ සමාජ ආරක්ෂණය යන අංශයන් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබාදුන් පොරොන්දුවල ප්‍රගතිය "අනුර මීටරයෙන්" මැන බලනු ඇති බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

"අනුර මීටරය" සඳහා ප්‍රධාන මුලාශ්‍ර තුනකින් තොරතුරු එකතු කරනු ඇති බවද වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

 



අදහස් (40)

‘‘අනුර මිටරය‘‘ ජනගත කරයි

යෝගා Sunday, 13 July 2025 10:20 PM

තවත් පච සංදර්ශනයකට ලෑස්ති වෙනවා. ඔය මල විකාර නෙමෙයි 2024 ආර්ථික වර්ධනය 5%යි. මේ අවුරුද්දට පුරෝකථනය 3%යි. ඕක තමයි ඇත්ත මීටරය. අනුර මීටරය දැනටම ෆේල්.

:       45       28

Lontha Sunday, 13 July 2025 11:06 PM

මීටරයෙ පාස්කු අල්ලනවා කිව්ව එකයි රාජපක්සලාගේ සල්ලි ගේනවා කිව්ව එකයි නැද්ද? මමත් අනුරට තමයි දුන්නේ

:       22       47

පියුමි අරකමාලිMonday, 14 July 2025 01:49 PM

ඔයත් හැමෝටම දෙනවද? අන්තිමේට අනුරටද?

:       7       13

sunil Monday, 14 July 2025 12:30 AM

තවත් බොරුවක්

:       48       36

Perera Monday, 14 July 2025 01:30 AM

දූෂණය මැඩලීම නම් හොඳටම යනවා. ඉතුරු ටික බලමු තවත් අවුරුද්දකින් එක හමාරකින් විතර.

:       24       76

vis8 Monday, 14 July 2025 07:33 AM

"බොරු" මීටරයක් දැම්මොත්නම්... එල

:       34       47

යෝගා ඩෝබි Monday, 14 July 2025 08:22 AM

පුලුවන්නං ෆෙරාරි මීටරෙත් ජනගතකරන්න හොරකම, වංචාව. දුෂණය, නාස්තිය, බාර් ලයිසන්, ෂෙඩ් ලයිසන් ගැන මනින්න පුළුවන් එතකොට. අපි තමයි හොඳටම කොරේ

:       18       39

Asela Monday, 14 July 2025 08:24 AM

මීටරය හෝ බැරෝමීටරය කුමක් වුවත්, භාණ්ඩවල මිල තවමත් එසේමය. කිසිවක් වෙනස් වී නැත. දේශපාලනඥයින් පවසන්නේ නාස්තියක් නැත, සොරකම් කිරීමක් නැත, දූෂණයක් නැත. සිතීමේ හැකියාවක් නොමැති අය හැරුණු විට ජනතාවට දේශපාලනඥයා කවුද යන්න වැදගත් නොවේ, මේ අවස්ථාවේ ජීවන වියදමයි. ඉතින්, අනුර තම කණ්ඩායම අසාර්ථක බව ඔප්පු කර ඇත.

:       46       46

ගුණරත්න Monday, 14 July 2025 08:28 AM

අනුර මීටරේ දැන් ලකුණ තියෙන්නේ බින්දුවේ. ඇමතිලා ජාත්‍යන්තර නෑමක් නානවා, ජනාධිපති ප්‍රාදේශීය රැස්වීම් වලත් නානව්ව. ගෝරනාඩු කරලා ලකුණු දාගන්න ට්‍රයි කරාට වැඩක් නැහැ, වැඩ බින්දුවයි. මීටරේ බින්දුවේ ගල් වෙලා, එත් එකක් කියන්න ඕන කය්ය නම් ඇති විශිෂ්ඨයි. ලකුණු 100ම තියෙනවා

:       67       52

කෞෂිMonday, 14 July 2025 02:04 PM

අපරාදේ වෙරිටේ සල්ලි. මේ වගේ මැටි මුදලාලිලාගෙන් ඇහුවොත් රිසර්ච් සල්ලි ඉතුරුයි.

:       7       21

මාලිමාපෙන්දා Monday, 14 July 2025 09:40 AM

පාතාලයෙන් සහ කොටි ඩයස්පෝරාවෙන් අහලා බලමු.

:       30       51

චන්දන Monday, 14 July 2025 10:44 AM

මීටරය ජනගත කලාට එහි අගය බින්දුවයි හොරු අල්ලල රටක් දුවන්න බෑ . නිෂ්පාදනය වැඩිකල යුතුයි.ඒව වගේ වගක් නැ.බඩු මිල වේගෙන් ඉහලට. බඩ පුරවගන්න මිනිස්සු පුදුම දුකක් විදින්නෙ.වසරකට දෙපාරක් පඩි වැඩි කරනව කිව්ව.කෝ ඒව මතකත් නෑ .ලයිට් බිල ,ඉන්දන මිල,ගැස් කෝ කිව්ව සහන?බොරු වපුරල මිනිස්සු අන්දල බලය අරගෙන අද නන් දොඩවනව

:       39       51

යෝගා Monday, 14 July 2025 11:34 AM

මීටර් දාලා චෙක් කරන්න දෙයක් නෑ. අනුර කවදත් ෆේල්. වෙනස තමයි ජනතාව පචවලට මුලා වෙලා ෆේල් මනුස්සයාට ඡන්දෙ දීපු එක. දැන් පැලවත්තේ වහල් ඩෝබිලාට හැර අනෙක් කාටත් හූල්ලන්න වෙලා. ආර්ථික විනාශය ඇරඹුණා පමණයි...

:       16       23

Rata Perata Monday, 14 July 2025 11:43 AM

මේවට අදහස් දානකොට උගත්කම බලන ක්‍රමයක් තිබුනනම් හොඳයි. NPP එක ආණ්ඩුව බාරගන්නකොට රටේ ආර්ථිකය කොහොමද, දැන් කොහොමද කියලා අදහසක් නැති මිනිස්සු ගැන මොනව කියන්නද ? උන් හැම විටම හිතුවේ බඩ ගැන විතරයි. දුප්පත්ම මනුස්සයෙක් උනත් තත්ත්වය අවබෝධ කරගත්තනම් දෙයක් වවාගෙන කන්න හරි හිතනවා. අනික් එක, මේ රජයට බනින්න මේක දැනට තියෙන ආණ්ඩුව ඇතිකරපු දේවල් නෙමේනේ

:       20       19

sosad Monday, 14 July 2025 12:15 PM

පච මීටරේ ජනගත කළා කළා නම් අගය 100%. ඊට අමතරව කයිවාරු මීටරේ, විහිළු මීටරේ, හානා මීටරේ වගේ ඒවත් එනකන් ජනතාව බලන් ඉන්නවා.

:       22       26

saman Monday, 14 July 2025 12:21 PM

ලංකාවේ මිනිස්සු හොරු ඇල්ලීමෙන් රට දියුණු කරන්න බලාගෙන ඉන්නේ.. සංවර්ධන ව්‍යාපෘති වලින් නොවේ... ගොබ්බයෝ මේක තේරුම් ගන්නකොට තව අවුරුදු 5ක් ඉවරයි...

:       17       28

මැක්ස් Monday, 14 July 2025 12:26 PM

මාලිමා "වොෂින්ටන්වරු" එම සමීක්‍ෂණයටත් බැහැලා ලොක්කාගේ අගය වැඩි කරලා දෙයි. නමුත් අනුර මීටරය පමණක් නොවෙයි, ආණ්ඩුවේ සමස්ත සියලු මීටර් ෆේල් බව මේ වන විට ඕනෑවටත් වඩා ඔප්පු වී ඇත...

:       20       39

sene Monday, 14 July 2025 12:34 PM

රටක සංවර්ධනය මැනීමේ දණ්ඩ වනුයේ ජනතාවගේ ජීවන තත්වයයි. අපි කන හැටි ලිපා දනී කියලා තියනවානේ... අපට අනුර මීටරේ වුවමනාවක් නැහැ. අපි මැරිලා, ඉපදිලා නැහැ. ඔබලාගේ තමන්ගේ වර්ණනාවේ දුගඳ අහස් උසට....

:       12       30

විපරමා Monday, 14 July 2025 01:11 PM

හිටපු දූෂිතම පව්ල් පාලනේ අය මැති ඇමැතිකම් අරගෙන මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම කාබාසිනියා කෙරුවා ආසියාවේ ආස්චර්ය ලෝකෙටම පෙන්වපු විදිහ වහලුන්ට මතක නෑ.

:       29       19

sosadMonday, 14 July 2025 02:48 PM

හරි බන්, ඉතින් දැන් ඒවා නැති කරලා අවුරුද්දකුත් ඉවරනෙ . දැන්වත් වන්දඹු ගෑනි වගේ නාහෙන් අඬන්නේ නැතුව ආපු වැඩේ කරපල්ලකෝ

:       9       22

කපුරුහාමි Monday, 14 July 2025 01:45 PM

ආරක්ෂකයෝ පිරිවරාගෙන දූෂිත දේශපාලුවෝ මහාහයියෙන් සද්දේ දාගෙන ගිය කාලේ දැන් නැහැ. මහින්ද චින්තනය 1,2, තාරුණ්‍යයට හෙටක්, ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම, කියලා ජනතාව රවට්ටපු රැවටිල්ල. ඒ අතින් ජනතාවාදි අදූෂිත නායකයගේ වැඩ පිළිබදව අපි සෑහීමකට පත් වෙනවා.

:       26       21

de silva Monday, 14 July 2025 02:14 PM

ආයෙත් කොරෝනා වැනි බෝවෙන රෝගයක් එනවාද? ඔය කියන මීටරේ පරතරේ තියාගන්න ඕනේ පාස්පෝර්ට් පෝලිමේද? එහෙම නැතිනම් හැඳුනුම්පත් පෝලිමේද? මිනිස්සු ඊට කලින් දින රාත්‍රී 9 ඉඳන් පාස්පෝර්ට් පෝලිමේ, බොරු නම් පාස්පෝර්ට් කන්තෝරුවේ පොලිස් පොයින්ට් එකට කෝල් එකක් දීලා අහන්න.. කයිය නම් ගහනවා රජයේ කාර්යාල වල වැඩ ගැන නම් කතා කරලා වැඩක් නැහැ...

:       6       21

R.T.sarath Monday, 14 July 2025 02:18 PM

ඔය කියන මීටර් කෙසේ වෙතත් මේ වසරේ අන්තිමේ පළාත් සභා ඡන්දයක් තිබොත් පෙනේවි මාලිමාවේ ඡන්ද ප්‍රතිපලය නැවත 3% දිශාවට සීග්‍රයෙන් පල්ලම් බසින බව , ඇමැතිවරුන්ට රජයේ ආයතන එකකවත් කන්ට්‍රෝල් නැහැ උන් ඕනේ විදිහට පගාව ගහනවා , ජනතාව පිඩාවට පත් කරනවා , අල්ලස දුෂණය හැමතැනම

:       1       1

sanath Monday, 14 July 2025 02:28 PM

රජයේ වියදම දිනකට රුපියල් බිලියන 7 කි... ආදායම බිලියන 5.5 කි. මේ බිලියන 7 වැඩි ප්‍රමාණයක් වියදම් වෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට 3 ගුණයකට වැඩි ප්‍රමාණයක් සිටින දුෂිත අකාර්යක්ෂම රජයේ සේවකයන් නඩත්තු කරන්න. මේවා කරන්නේ මුදල් හොයන්නේ පුරවැසි අපට තීරු බදු සහ වෙනත් බදු ගහලා, ඒකෙන් රටේ ජීවන වියදම ඉහළ ගිහින් ආහාර, බෙහෙත් දරුවන්ගේ ටියුෂන් වලට සල්ලි දුන්නාම වැටුප ඉවරයි... ජනාධිපතිතුමනි මේ තත්වයට විසඳුමක් දෙන්න...

:       3       19

samanMonday, 14 July 2025 03:16 PM

රට බංකොලොත් කලේ දේශපාලකයෝ නෙවෙයිද දැන්...?

:       4       10

prasanna Monday, 14 July 2025 02:36 PM

පච මීටරය නම් නොනවත්වාම දුවනවා.

:       16       30

පිටරැටියා Monday, 14 July 2025 03:07 PM

ඇස්, කන් නැති, මොලේ උඩ ඉන්න වහලුන්ගේ කමෙන්ට්ස් දැක්කාම කියන්න වචන නැහැ. ජනතාවට යහපතක් වෙනවාට අකැමැති කුහකයින් ගැන මොන කතාද?

:       18       22

de silva Monday, 14 July 2025 03:52 PM

පිටරැටිය ලංකාවට ඇවිත් ගහපන් රවුමක් බතරමුල්ල පැත්තේ ?

:       0       2

Gamini Monday, 14 July 2025 04:39 PM

පච කොටා තවත් පච වපුරනවා. දැන් ඇති හලෝ.

:       0       2

Lalith Monday, 14 July 2025 04:42 PM

පච මීටරේ නම් හොඳට වැඩ

:       0       2

Ajith Monday, 14 July 2025 04:44 PM

පිටරැටියා නෙමෙයි වහුපැටියා

:       0       2

සෙනෙවිරත්න Monday, 14 July 2025 06:19 PM

බඩ ගැනම හිතන අතීතයේ කෝමා තත්වයේ ඉඳල හදිසියේ අවදිවෙච්ච උන්ට ආයෙමත් බඩගිනි වෙලා මෙතන කමන්ට් කරල, හැබැයි ටිකක් අවදියෙන් බලනව නම් රජයෙ කෝපා කෝප් කමිටුවල විමර්ශන වලදි පේනවඇති කෙරුවාව. සමහරු හැංගිලා , මෙතන සමහරු කියනව හොරු අල්ලල දියුණු වෙච්ච රටක් නැහැ කියල , එහෙනම් මෙච්චර කල් නොකලෙ ඒකනේද රට දියුණු වෙන්න එපායැ, නැහැ නේද, ලෝකෙරටවල් හොරුන්ට උදව් කරනවද , බඩ ගැන හිතන සමහරු ඉවරයි කියල හිතුවට එහෙම නැහැ.

:       4       3

පුරවැසියා Monday, 14 July 2025 06:23 PM

පාතාලයො එයාපෝට් වලින් යනකන් බලාගෙනහිටපු පාලකයො පත්කරපු බබාල මෙතන වැලලෙනව පාතාලය හිස ඔසවලා කියල, රට රට වලට පැන්න මැරයො මරා ගන්නව උන්ට ආයුධ සැපයුවෙ මේ රජයද තමුන්ල උඩ තියාගෙන හිටපු පරණ පලෙකයොද. මේ කතාවලට ඩිස් ලයික් දාන මහත්වරු හිතන්න තමුන්ල වෙලක් ඇර වෙිලක් කන්නෙ කාගෙ වරදින්ද කියල

:       2       2

ගමරාල Monday, 14 July 2025 06:25 PM

බාලබෙහෙත් ගහගෙන නිර්වින්දනය වෙච්ච සමහරු මේ රජයට බනිනව ,දැන් හිටපු උන් හොඳ වෙලා, හැබැයි තමුන් හිඟන්නො කලේ උන් බව අමතකයි

:       2       3

සජිත් සදාකල් විපක්ෂයේ ව්‍යාපාරය Monday, 14 July 2025 06:30 PM

අනුර⁣ගෙ මීටරේ බලන්නෙ මොකටද , බලය ලබාගෙන මාස දහයෙන් ඕව කරනව කීවද, මේක මඩ වැඩක්, එල්ලෙන්න වැල් නැති විපක්ෂයට හපන්න කටුවක්, පොරොන්දු ඉටුකරන්න සාධාරණ කාලයක් යනව,ඒක ඕනම කෙනෙකුට වැටහෙනව, සමහර ඒව අරඹලා ඒව ට කාලයක් යනව, වැඩි පුරම දුන්න පොරේන්දුව වංචාව දූෂණය නැති කිරීම, ඒකට ප්‍රවේශය ඉහටත් උඩින්. මේ සත්‍ය පිළිගන්න බැරි නම් කනගාටුයි.මොලය බලවගන්න.

:       4       2

chandima Monday, 14 July 2025 09:58 PM

අපිව ගොනාට අන්දලා ආයෙත් පැරණි හොරුන්ට බලය අරන් දෙන්නද හදන්නේ? කාගෙන්ද ඔය වැඩේට මුදල් ලැබුණේ ?

:       2       3

Samitha Tuesday, 15 July 2025 04:01 AM

පිටරැටියා නෙමෙයි වසුපැටියා .නියමයි

:       1       4

Thissa Tuesday, 15 July 2025 11:38 AM

අමුතුවෙන් ලියන්න දෙයක් ඉතුරුවෙලානෑ.බැලූබැල්මට හිතාගන්න පුළුවන් කමෙන්ට් වලට ලයික් වැටිලා තියන විදියෙන්.

:       0       0

Nimal wanni Arachchi Tuesday, 15 July 2025 11:01 PM

ඕකට අපි එකතු කරමුද මහින්ද, මෛත්‍රී, ගෝටා සහ රනිල් මීටරයත්. එතකොට ඔය උඩුබුරලන උන්දැලගෙ කුලප්පුව සනීප කරන්න ජලභීතිකා එන්නත ( anti rabies) දීලවත් බැරිවේවි.

:       0       2

nimal Wanni Arachchi Tuesday, 15 July 2025 11:05 PM

ඕකට අපි එකතු කරමුකො මහින්ද, මෛත්‍රී,ගෝටා, රනිල් මීටරේත්. එතකොට ඔය උඩුබුරලන උන්දැලාට හැදෙන පිස්සුව සනීප කරන්න ජලභීතිකා එන්නත ( anti rabies) දීලත් බැරි වේවි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site