
චීනයේ යුන්නාන් සංචාරක විද්‍යාලයේ කථිකාචාර්ය සුමින්ද ලියනගේ මහතා ලෝක සූපවේදීන් සහතික කළ සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ (World Chefs Certified Culinary Educator) සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
ප්‍රංශය මූලස්ථාන කරගත් සූපවේදීන්ගේ සංගම්වල ලෝකසම්මේලනය (World Association of Chefs Societies - WACS) මගින් සූපවේදියෙකුට පිරිනමන ඉහළම සම්මානය මෙය වන අතර චීනයට ද මෙම සම්මානය හිමි වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
1928 දී ආරම්භ කරන ලද සූපවේදීන්ගේ සංගම්වල ලෝක සම්මේලනය, ලෝකයේ වඩාත්ම බලගතු සූපවේදීන්ගේ සංවිධානවලින් එකකි. එහි ලෝක සූපවේදීන් සහතිකකළ සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානය පිරිනමනු ලබන්නේ සූපශාස්ත්‍ර අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දායකත්වයක්, වෘත්තීය කුසලතා සහ ඉගැන්වීමේ මට්ටම් ලබා දුන් අධ්‍යාපනඥයන් හඳුනා ගැනීම සඳහා ය.
මෙම සුදුසුකම් සඳහා සහතික කිරීමේ ප්‍රමිතීන් අතිශයින්ම දැඩි වන අතර, ඉගැන්වීමේ අත්දැකීම්, වෘත්තීය කුසලතා, කර්මාන්ත බලපෑම සහ සූපශාස්ත්‍ර අධ්‍යාපනයට දායකත්වය වැනි බහුවිධ මානයන් ආවරණය කරයි.

කථිකාචාර්ය සුමින්ද ලියනගේ මහතාගේ පොහොසත් ඉගැන්වීමේ අත්දැකීම් සහ විශිෂ්ට ඉවුම් පිහුම් කුසලතා සමඟින්, පරීක්ෂාවට ලක් කර දැඩි ලෙස සමාලෝචනය කර මෙම ගෞරවය ඔහුටපිරිනමා ඇත.
2017දී යුන්නාන් සංචාරක විද්‍යාලයට සම්බන්ධ වූ සුමින්ද ලියනගේ මහතා ජාත්‍යන්තර හුවමාරු හා ඉගැන්වීම් කටයුතුවල ක්‍රියාකාරීව නියැලී සිටින අතර, බටහිර ඉවුම් පිහුම්, ආසියානු ආහාර සහ බටහිර බේකරි නිෂ්පාදන වැනි බහු ක්ෂේත්‍රවල ඉගැන්වීම කෙරෙහි අවධානය යොමු කර ඇත.
ඔහු ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය චීන ඉවුම් පිහුම් කුසලතා සමඟ ඒකාබද්ධ කරමින්, සිසුන්ගේ ජාත්‍යන්තර දැක්ම පුළුල් කරමින් සහ ඉගැන්වීමේ අන්තර්ගතය පොහොසත් කරමින් සිටී.
කථිකාචාර්ය සුමින්ද ලියනගේ මහතා සූප ශාස්ත්‍රයට අදාලව සූපවේදයට පෙරවදනක්, අංග සම්පූර්ණ කේක් සහ පේස්ට්‍රි අත්පොත, කේක් ඩෙකරේටර්, බේකරි ශිල්පය මුල සිට සරලව, කටටරසට, ගමේ කෑම සහ චීන රස මතක වැනි ග්‍රන්ථ රැසක් ප්‍රකාශයට පත්කර ඇත.
ඔහු ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික තරුණ සේවා සභාව, ආසියානු ලංකා හෝටල් පාසල ඇතුළු ආයතන රැසක සූප ශාස්ත්‍රය පිළිබඳ උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇත. එපමණක් නොව සුමින්ද ලියනගේ මහතා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ විෂය මාලා සංවර්ධන කටයුතුවල සම්පත් දායකයෙකි.
කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂයෙකු වන කථිකාචාර්ය සුමින්ද ලියනගේ මහතා මහරගම තරුණ සේවා සභාවෙන් සහ ලංකා හෝටල් පාසලෙන් සූපවේදය පිළිබඳ අධ්‍යාපනය හදාරා ඇත. කොළඹ ප්‍රධාන තරු පහේ හෝටල් රැසකට සිය සේවය සපයා ඇති ඔහු සිංගප්පූරුව සහ දකුණු කොරියාවේ සේවය කොට ජාත්‍යන්තර අත්දැකීම් රැසක් ලබා ඇත.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුමින්ද ලියනගේ සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි