උතුරු මඟේ දුම්රිය දෙකක් අවලංගුයි උතුරු දුම්රිය මාර්ගයේ ගනේවත්ත හා වැල්ලව අතර මාර්ගයේ පාලමක අත්‍යවශ්‍ය අලුත් වැඩියා කටයුත්තක් නිසා හෙට (9) කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් උදේ 8.20 ට පිටත් වන මහව හංදිය දක්වා දුම්රිය සහ මහව හංදිය දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.50 ට පිටත් වන කුරුණෑගල දුම්රිය අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. 08 March 2025
මුතු පන්තිය ධීවරයන්ගේ අත මිට සරුවෙයි මුතුපන්තිය ධීවර ගම්මානයෙ මැදැලකට ලක්ෂ 350 අධික වටිනාකමකින් යුත් වෙම්බරු පරව් මත්ස්‍ය අස්වැන්නක් 7 දින සහ 8 දින ලැබි ඇති බව කියයි. 08 March 2025
පුතුගේ මෝටර් රියට යටවී කථිකාචාර්ය මව මිය ගිහින් කොහුවල ජයසුමනාරාම මාර්ගයේ බෑවුම් සහිත ප්‍රදේශයක නවතා තිබූ සුපෝබෝගේ මෝටර් රථයක් ඉදිරියට ධාවනය වී එයට යටවීමෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක මියගොස් ඇතැයි කොහුවල පොලිසිය කියයි. 08 March 2025
සිසුවියන් 8 කට අතවර කළ ගණිත ගුරා රිමාන්ඩ් දහය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් අට දෙනෙකුට ලිංගික අතවර කර ඇතයි කියන පැමිණිල්ලකට අනුව සැකපිට 07 වෙනිදා අරලගංවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්, ගණිත ගුරුවරයා 08 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එහි වැඩබලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා කරුණාරත්න මහත්මිය ඔහු මේ මස 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය. 08 March 2025
කිරිදිවිටදී වෙඩි තැබීමක් ගම්පහ , කිරිදිවිට ප්‍රදේශයේදී අද සවස 7 ට පමණ සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත. 08 March 2025
යුක්රේන නගරයකට රුසියාවෙන් ප්‍රහාර නැගෙනහිර යුක්රේනයේ ඩොබ්‍රොපිලියා නගරයට රුසියන් හමුදාව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ බවත්, එයින් කුඩා දරුවන් පස් දෙනකු ඇතුළු 11 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් විදෙස් මාධ්‍ය පවසයි. 08 March 2025
අදානිගෙන් ඉවත් වෙලා නෑ අදානි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුලං බලවිදුලි ව්‍යාපෘතිය තවමත් අවලංගු කර නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය. 08 March 2025
ගරුත්වය දී ගරුත්වය ලබමු ගරුත්වය දී ගරුත්වය ලැබිය යුතුයි.ගැහැණිය ලෙස පිරිමියාටත් පිරිමියා ලෙස ගැහැණියටත් ගරු කරන සමාජය තුළ මේ උත්තුංග මානව දර්ශන වලට යා හැකි බව ළමා හා කාන්තා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ් මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 08 March 2025
රැකියා ස්ථානවල කාන්තා හිරිහැර සේවා ස්ථානවල ප්රචණ්ඩත්වය සහ විවිධ තාඩන පීඩන හේතුවෙන් මෙරට එක් පුද්ගලයෙකුට වසරකදී වැඩ කරන දින හයක් අහිමි වන බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදි අද(8) පැවසීය. 08 March 2025
සෞඛ්‍ය ’’ක්ලීන්’’ කරන්න මෙහෙයුම් කමිටුවක් සෞඛ්‍ය ක්ෂේත්රයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජාතික මෙහෙයුම් කමිටුවක් පිහිටුවා තිබේ. 08 March 2025
මල් පෝච්චි පෑගුවා කියා මටත් නඩු දාලා පසුගිය වසරේ කාන්තා දිනය දා පොල්දූව මංසන්ධියේ පැවති උද්ඝෝෂණයකදී වතුර ප්‍රහාර කාගෙන පාර්ලිමේන්තුවට පැමිණි ආකාරය ගැන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද සිහිපත් කළාය. 08 March 2025
විදුහල්පති ඉදිරියේම ගුරුවරියකට පහර දීලා ඇඹිලිපිටිය හල්මිල්ල විදුහලේ ගුරුවරියකට එම පාසලේම ගුරුවරයකු විසින් පහර දී ඇතැයි මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රිනී චතුරි ගංගානි මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 08 March 2025
දරුවන්ට දඬුවම් තහනම් කරන පනතක් ළඟදීම දරුවන්ට කායික දඬුවම් තහනම් කරන පනතක් ඉතා ඉක්මනට සම්මත කර ගන්නා බව අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 March 2025
දරුවන්ට කාන්තාවන්ට ජනපති කාර්ය සාධක බලකා දෙකක් හදන්න දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකා දෙකක් නම් කර ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 March 2025
ජනපති-අයි.එම්.එෆ් අධ්යක්ෂ ඔන්ලයින් හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අතර හමුවක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්විණි. 08 March 2025
දුම්රිය පොළට ප්‍රමිති සහතික සියලුම දුම්රිය පොළවල් ශ්‍රේණිගත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 March 2025
පිරිමින්ගේ ලෝකෙ කාන්තාව හරි පුංචියි පිරිමින්ගේ ලෝකය ඇතුළේ කාන්තාව කියන කෙනා බොහොම පුංචි කෙනෙක් යැයි මාතලේ දිස්ත්‍රික් මන්ත්රීනී රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවැසුවාය. 08 March 2025
ඉමියුනොග්ලොබියුලීන් ඖෂධවල වතුර: වාර්තාවකින් හෙළිවෙයි පසුගිය රජය සමයේදී ආනයනය කෙරුණු ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ ජනක ඖෂධවල තිබී ඇත්තේ වතුර බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 March 2025
පුනරුද ගමනට එක්වන්නැයි කතුන්ට ආරාධනා දැයේ දියණිවරුන්ට සුරක්ෂිත ජීවිතයක් හා ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැඟීම උදෙසා රට නව පුනරුදයක් කරා ගෙන යන ගමනට එක්වන ලෙස සමස්ත කාන්තා පරපුරට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 08 March 2025
අරගල කළ ගැහැණියට ස්තුතියි අරගල කරන ලද සියලු ගැහැණුන්ට ප්‍රණාමය පුද කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවාය. 08 March 2025
භූතයාට තරුණයා බිලි ගොයම් කපන (භූතයා ) යන්ත්‍රයක් ට්‍රැක්ටර් ටේරලයෙන් බෑමට උත්සාහ ගැනීමේදී එය පෙරලීමෙන් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය පවසයි . 08 March 2025
හෙට අනිද්දාට පවතින කාලගුණයේ සුළු වෙසනක් වියලි කාලගුණ තත්වය වෙනසක් සිදු කරමින් මෙම 10 සහ 11 දිනවල නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළු දිවයින පුරා තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 March 2025
ගණිත ගුරා කැත වැඩක් කරලා දහය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් අට දෙනකුට ලිංගික අතවර කළ බව කියන දිඹුලාගල අධ්‍යාපන කලාපයේ මහා විද්‍යාලයක ගණිත ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 07 March 2025
ඇතාගේ දළ කැඩූ ටිපර් රියැදුරා රිමාන්ඩ් හබරන මරදන්කඩවල ප්‍රධාන මාර්ගයේ ගලපිටගල පාර මාරු වූ දළ ඇතකු හප්පා ඇතාගේ එක් දළක් කැඩූ බව කියන රියැදුරා ලබන 21 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැකිරාව මහේස්ත්‍රාත් උදාරි ගුණසේකර මහත්මිය නියෝග කළාය. 07 March 2025
කහටගස්දිගිලිය රෝහලේ අරුම පුදුම X-RAY යන්ත්‍රය රුපියල් ලක්ෂ 113 ක වියදමින් කහටගස්දිගිලිය ප්‍රාදේශීය රෝහලේ ස්ථාපිත කරන ලද විකිරණ (x-Ray) ඒකකය 2021 වසරේ සිට මේ දක්වා වසා දමා තිබෙන බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ නවතම විගණන වාර්තාවකින් හෙළිදරව් කොට ඇත. 07 March 2025
කාර්මික විද්‍යාලයේ සිසුහු තිදෙනා මත්ද්‍රව්‍ය සමග මාට්ටු රත්මලාන ප්‍රදේශයේ ප්‍රසිද්ධ කර්මික විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුන් තිදෙනකු අද ( 07) සවස මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. 07 March 2025
පොලිසිය යද්දී හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න පලායයි කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමකට හොර ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධියට සම්බන්ධ බව කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීම සදහා රහස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ කැලණිය ප්‍රදේශයේ පිහිටි නිවෙසට ගිය අවස්ථාවේදී ඔහු නිවෙසින් පලාගොස් ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. 07 March 2025
ජාතික සත්ව සංගණනයට සියල්ල සූදානම් ජාතික සත්ව සංගණනය සඳහා නිවාස වලට බෙදා දෙන තොරතුරු පත්‍රිකා ලක්ෂ 70 ක් රජයේ මුද්‍රණාල විසින් මුද්‍රණය කර අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක හේමන්ත අමරසිංහ (කෘෂි තාක්ෂණ) මහතා සඳහන් කරයි. 07 March 2025
මත්තල වසර පහේ පාඩුව ගුවන් තොට හදන්න ගිය වියදමත් පනී මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පසුගිය අවුරුදු පහේදී රුපියල් කෝටි 3850ක පාඩුවක් ලබා ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 07 March 2025
පරිසරයට අදාල සියලු ආයතන පරිසර අමාත්‍යංශය යටතට ඉතිහාසයේ පළමුවරට පරිසරයට අදාළ සියළු ආයතන පරිසර අමාත්‍යාංශය යටතට ගැනීමට රජය තීරණය කර ඇත. 07 March 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026