IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


වෛද්‍යවරියක් රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂකගේ පුටුවේ වාඩි වෙලා

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාර්යාල කාමරයට අද (14) පෙරවරුවේ බලහත්කාරයෙන් පිවිස ඔහුගේ අසුනේ වාඩිවූ කාන්තාවක මානසික ප්‍රතිකාර සඳහා රෝහලේ 59 වාට්ටුවට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

අදාළ කාන්තාව දෙහිවල ප්‍රදේශයේ සෞඛ්‍ය ආයතනයක සේවය කරන වෛද්‍යවරියක් බව පසුව තහවුරු වී යැයි රෝහල් ප්‍රකාශකයා කීය.

ජාතික රෝහලේ නියෝජ්‍ය  අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාර්යාලයට අද පෙරවරු 10ට පමණ පැමිණි අදාළ කාන්තාව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයාට තර්ජනාත්මක අයුරින් බැණ වැදී ඇතැයිද එහිදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇතැයිද රෝහල් ප්‍රකාශකයා සඳහන් කළේය.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තම ආසනයෙන් පිටත්ව ගිය සැණින් අදාල වෛද්‍යවරිය එම අසුනේ ඉඳගෙන රාජකාරි හරියට කරන්න බැරි නම් තනතුරෙන් ඉවත් වන්නැයි කියමින් කෑ ගසමින් සිටි බව රෝහල් ප්‍රකාශකයා කීය.

රෝහල් බලධාරීන් එහි පැමිණ එම වෛද්‍යවරිය  ජාතික රෝහලේ මානසික රෝග වාට්ටුවට ගෙන ගොස් බාර දී තිබේ. ඇයට මානසික රෝගයක් තිබේදැයි හෙළිකර ගැනීමට පරීක්ෂණ කටයුතු කරන බව රෝහල් ප්‍රකාශකයා කීය.



අදහස් (2)

වෛද්‍යවරියක් රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂකගේ පුටුවේ වාඩි වෙලා

කව්ද බෝයි Monday, 14 July 2025 05:05 PM

මේ දවස්වල දොස්තරලාගේ ග්‍රහ මාරුවද කොහෙද? දියවන්නාවේ ඉන්න කොන්දොස්තර කෙනෙකුත් ගිහිං විපස්සනායක පුටුවේ වාඩිවෙලා ගොන්පාට් එකකුත් දාලා තිබුණේ. තව දොස්තර කෙනෙක් තාමත් රිමාන්ඩ් එකේ, එයාගේ දුවත් ටික දවසකට අම්මගේ දුක-සැප බලන්න ඇතුළට ගියා. දැන් මෙයා? දැන් ජනතාවට පශු වෛද්‍ය පිහිට විතරයි.

:       0       0

අරවින්ද මොණරවිල Tuesday, 15 July 2025 09:08 AM

පිස්සෙකු ගේ පුටුවේ පිස්සියක් වාඩි වෙච්ච සීන් එකක් වගෙයි !

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site