
(සුජිත් හේවාජුලිගේ)
විවිධ නීතිමය ගැටලු හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තව කාලයක් යනු ඇතැයි වාර්තාවේ.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවද තවම සූදානම් නැති බව එම කොමිෂන් සභාවේ ප්‍රධානීහු ඊයේ(14) පැවසුහ.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර අලුත් නීති කිහිපයක් පාර්ලිමේන්තුවෙන් කඩිනමින්ම සම්මත කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍ය බවයි.
එම නීති සම්මත වනතුරු මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය.
" පැරණි ක්‍රමයට( සමානුපාතිකව) ඡන්දය තියෙනවා කියලා පනත සංශෝධනය වෙන්න ඕන. එහෙම නැත්නම් සීමා නිර්ණය අවශ්‍ය පරිදි කෙරෙන්න ඕන" යැයිද හෙතෙම පැවසීය.
පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට පැවැත්වීම සඳහා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඊට පෙර එම පක්ෂයේ එම් ඒ සුමන්තිරන් මහතා මේ පිළිබඳ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් එවකට රනිල් වික්‍රමසිංහ රජය එය ඉදිරියට ගෙන යෑමට උත්සාහ නොදැරීම නිසා නීතියක් බවට පත් නොවීය.
දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මෙරට පළාත් සභා නවයක් ක්‍රියාත්මක වන අතර එම නවයම වසර දහයකට වැඩි කාලයක් තිස්සේ පවතින්නේ ආණ්ඩුකාර පාලනය යටතේය.
මෙ අතර පළාත් සභාවහා පිහිටුවිය යුතු බව බොහෝ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ රජයෙන් ඉල්ලීමක් කරති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් ආණ්ඩු කාලේ කෝ ඡන්ද ගගා වැලලිච්ච උන් ටික දැන් ආණ්ඩු බලෙත් උවමනා තරමටත් වඩා මන්ත්‍රීධූර තියෙද්දිත් වගේ වගක් නැතිව ඉන්නේ ඇයි කියල පුදුම වෙන්න එපා. උන් කොහොමත් කයිය , වර්ජන විතරයි නේ,
අවුරුදු ගණනකින් පළාත් සභා නොතිබුනාට ඒවයෙ ආයතන සාමාන්‍ය පරිදි වැඩ කරනව. ප්‍රාදේශීය සභා නගර සභා හොඳටම ඇති. පළාත් සභා අනවශ්‍ය මුදල් නාස්තියක්. ලංකාව වගේ කුඩා රටකට පළාත් සභා අනවශ්‍යයි කියන එක මේ වෙන කොටත් ඔප්පු වෙලා තියෙනව. මේක ඉන්දියාව විසින් ලංකාවට බලෙන් පටවපු දෙයක්.
ගුනරත්න මලය උන් එහෙම වැලපිල චන්දෙ ගත්තෙ නැත්තම් , රනිලය කජු කකා යාලුවො සෙට් එකත් එක්ක රට ගිහිල්ලම මේ රටේ සල්ලි ටික උලාකනව
රනිල් හාමුගේ අනලා අනාත කරලා නන්නත්තාර කෙරුව පලාත් සභා ගෝඨා සෑර්ටත් ගේන්න උවමනාවක් තිබූණේ නැහැ, එතකොට සජබ අලි පොහොට්ටු වලව්වල කසළ ශෝධකයන්ට කිසිම කළබලයක් උවමනාවක් හො කැමැත්තක් තිබුණේ නැහැ පලාත් සභා වලට ! දැන් මාලිමා ආණ්ඩුව ආවට පස්සේ උනුත් වැලෙලෙන්න හදනවා පලාත් සභා ඉල්ලලා අපේ හාමුදුරුවනේ.
මෙය ජේආර් විසින් ඉන්දියාවේ උවමනාවට බලය බෙදා දීම සඳහා ගෙන ආ පනතක්. පවතින ආණ්ඩුව එදා සීටම "පාලා බබා අපිට එපා", "පාලා බබා සුදුළියෙක්" කියු අය එනමුත් එක සත්‍යක් නැවැත රටේ ඉඩම්, පොලීස් බලතල පිළිබඳ ගැටළු ඇති වෙනවා. රටේ පැවතිය යුත්තේ එක ආණ්ඩුව, 159 උඩ මොලේ තැලෙයි කියා සිටගෙන සිටියොත් රට අරාජික වෙනවා . දැනටමත් එහි පෙරනිමිති පහළ වෙලා තියෙන්නේ.
පළාත් සභා civil administration වශයෙන් දේශපාලකයන් නොමැතිව කිසිදු ගැටළුවක් නොමැතිව පවත්වාගෙන යා යුතුවේ සහ පවත්වාගෙන යාමට හැකිය
වත්මන් පාලකයො පළාත් සභා ඇතිකළ අවස්ථාවේ දකුණේ කැරැල්ල ඇතිකර පලාබබා අපිට එපා කියමින් රට සංවර්ධනය උපරිමයෙන් කළා. ඒ වෙනුවෙන් නැතිවූ ජීවිත සංඛ්‍යාව අතිවිශාලයි. ඉතින් වත්මනේ පාලකයින්ට ඔවුන් එදා කියූදේ සත්‍යයම බව ඔප්පුවෙලා තියෙන රටට අනවශ්‍ය බව පැහැදිළිව පෙනෙන පළාත් සභා නැවතත් ඇතිකිරීම ලැජ්ජාවත් තියෙන කෙනෙකුට නම් කරන්නම බැහැ...
පළාත්සභා මෙවැනි කුඩා රටකට අවශ්‍ය නැති අනවශ්‍ය වියදමකි. නමුත් පළාත්සභා පවත්වාගෙන යනවා නම් අනිවාර්යයෙන්ම එහි මහජන නියෝජිතයන් පත්කරගත යුතුයි. පසුගිය ආණ්ඩු කළ විදිහට තමන්ට අවැසි නිසා විවිධ හේතු ඉදිරිපත් කරමින් පළාත් සභා ඡන්දේ කල් දමන එක අනුමත කල නොහැක. ආණ්ඩුව දෙකෙන් එකක් තෝරා ගන්න ඕනේ... එක්කෝ ඔය තියනවා කියන අඩුපාඩු ඉවත් කරගෙන ඡන්දෙ මේ වසර තුළ පවත්වන්න ඕනේ. එහෙම නැතිනම් පාර්ලිමේන්තු පනතක් මගින් පළාත්සභා මුළුමනින්ම අහෝසි කළ යුතුයි.. මේ දෙකෙන් එකක් කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 බලයක් තිබෙන ආණ්ඩුවට හැකියි..
දැන් පළාත්සභා චන්දෙ තිබ්බොත් ආණ්ඩුවට පැහැදිලි පරාජයක් ලැබිල ඔක්කොම අවුල් වෙන නිසා ඕක තියන එකක් නැහැ