IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හයේෂිකාට අපහස කිරීම වළකමින් වාරණ ආඥා තුනක්

(රෝෂන් තුෂාර)

මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රාථමික පාසල් දරුවන්ට උපකාරක පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් "ටීචර් අම්මාට" අපහාසාත්මක වන අසත්‍ය කරුණු අන්තර්ජාලය ඔස්සේ පළ කිරීම වළක්වමින් කොන්දේසි සහිත වාරණා ආඥා තුනක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය  අන්තර්ජාල ක්‍රියාකාරීන් තිදෙනෙකුට එරෙහිව අද (14) නිකුත් කළාය.

හයේෂිකා පනාන්දු මහත්මිය විසින්  2024 අංක 9 දරණ මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වගන්තිය ප්‍රකාරව  පැවරූ පැමිණිලි තුනක් සලකා බැලීමෙන් පසුව මෙම කොන්දේසි සහිත වාරණ නියෝග නිකුත් කළාය.

චමින්ද රණවීර හෙවත් සම්පත්,සුදත්ත තිලකසිරි, හා රජාංගනයේ සද්ධාරත්න හිමි  වග උත්තරකරුවන් කරමින් පැවරූ පැමිණිළි තුනක් සලකා බැලීමෙන් පසුව මෙම කොන්දේසි සහිත ආඥා නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වගඋත්තරකරුවන්ට ලබන 28 දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නොතීසිද නිකුත් කළාය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ධනුෂ්ක රාහුබැද්ද මහතා  අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ පැමිණිලිකාරිය  සම්බන්ධයෙන් අසත්‍ය සහ දේවේශ සහගත කරුණු වග උත්තර කරුවන් විසින් අන්තර්ජාලයේ පළ කරමින්  සිටින බවය.

අදාළ ප්‍රචාර තවදුරටත් උඩුගත කිරීම වළක්වමින් කොන්දේසි සහිත ආඥාවක්  උත්තරකරුවන්ට නිකුත් කරන ලෙසත්, නොතීසි නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.

පැමිණිලිකාරිය වෙනුවෙන් දර්ශිකා අයෝමි සහ ධනුෂ උඩවත්ත යන නීතිඥ මහත්වරුන් කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය  වගඋත්තරකරුවන්ට කොන්දේසි සහිත වාරණ ආඥා නිකුත් කරමින්  ලබන 28 දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නොතීසි නිකුත් කළාය.



අදහස් (2)

හයේෂිකාට අපහස කිරීම වළකමින් වාරණ ආඥා තුනක්

Krishan Monday, 14 July 2025 09:10 PM

ලංකාවේ හොදම ගුරුවරිය ලෙස සම්මානයට ගෞරවයට ප්‍රාප්තවු ඇයට එරෙහිව මඩ ගහන්න ඉඩ දෙන්න බැ .ළමයින් දහස් ගාණකගේ නැණස පැදු ශීෂ්‍යත්වයෙන් එතෙර කරවු ටීචර් අම්මා නම් විරුදාවලිය ලැබු ඇයට ලංවන්නට කිසිම ගුරුවරයෙකුට බෑ . මැයට හරි නම් පොලිසියේ 20කගේ ආරක්ෂාව ලබාදිය යුතුයි රජය විසින්

:       13       0

රුවන් Tuesday, 15 July 2025 05:45 AM

තාම අර මනුස්සයාට සාධාරණක් ඉටු වුනේ නෑ නේද? සල්ලි බෙලෙට නීතියත් යටයි ද?

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site