
(අංජුල මහික වීරරත්න)
යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද සැමට සෙවන ආදර්ශ ගම්මාන විවෘත කිරීමේ ප්‍රචාරක වියදම සඳහා පමණක් රුපියල් 523,664,286ක මුදලක් වැය කොට ඇතැයි නිවාස සංවර්ධන අධිකාරියේ සම්පත් කළමනාකාරණ ඒකකයේ මුදල් කොට්ඨාසය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
2015 සිට 2019 දක්වා කාලයේදී සැමට සෙවන ආදර්ශ ගම්මාන 2562ක් ක්‍රියාත්මක කොට ඇතැයිද එම කාලයේදී නිවාස ඒකක සියල්ල ඉදිකර විවෘත කර ඇති ආදර්ශ ගම්මාන සංඛ්‍යාව 367ක් පමණක් බවද එම වාර්තාවේ සඳහන් වේ.
සැමට සෙවන ව්‍යාපෘතියේ ආදර්ශ ගම්මාන ණය ලැබූ ප්‍රතිලාභීන් ගණන 25453ක් බවත් ආදර්ශ ගම්මාන ආධාර ලැබූ ප්‍රතිලාභීන් ගණන 28633ක් බවත් අදාළ වාර්තාවේ සඳහන් වේ.
2015 වසරේ සිට 2020 දක්වා ක්‍රියාත්මක කරන ලද සැමට සෙවන ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් 20363 දෙනකු රුපියල් මිලියන 2546.391ක ණය මුදල් ගෙවීම පැහැර හැර ඇතැයිද විසිරි නිවාස ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් 112204 දෙනකු රුපියල් මිලියන 3421.825ක ණය ගෙවීම පැහැර හැර තිබෙන්නේ යැයි ද අදාළ වාර්තාවේ දැක්වේ. ඒ අනුව සැමට සෙවණ සහ විසිරි නිවාස ව්‍යාපෘති වලින් ප්‍රතිලාභීන් 132567 දෙනකු පැහැර හරින ලද මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන 5968.215කි.
අදාළ වාර්තාවට අනුව 2015 වසරේ සිට 2019 වසර දක්වා නිවාස ආධාර ලෙස බෙදා හරින ලද සිමෙන්ති කොට්ට ප්‍රමාණය 1,050,249 කි.සිමෙන්ති කොට්ට ලැබූ ප්‍රතිලාභීන් සංඛ්‍යාව 110267 කි.එක් ප්‍රතිලාභියෙකු සඳහා ලබාදෙන ලද උපරිම සිමෙන්ති කොට්ට ප්‍රමාණය 10 කි. නිවාස ආධාර ලෙස බෙදා හරින ලද සිමෙන්න්ති කොට්ට වෙනුවෙන් වියදම් කළ මුදල රුපියල් මිලි 904.457 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්ප කලදේ පුතා නොකලොත් ඌ නොට්ටියගෙ පුතා වෙනව කියල කියමනක් තියෙන නිසා එහෙම නොවෙන්න මේ වගේ කාබාසිනියා වැඩ කරන්න ඇති. තාත්තගෙ කාලෙත් එහෙම තමයි, අගුවක් නැති ගිනිපෙට්ටි ගෙවල් හදල ඒක අනුරාධපුරයේ විවෘත කරනව නම් ගහනව පෝස්‍ටර් ගාල්ලෙත්, විශාල උත්සව , එහෙමයි කලේ, රටේ වාසනාවට මෙයා ජනාධිපති නොවුනෙ පහුගිය චන්දෙදි.
වැරදිලවත් මේ ඇමතිතුමා ජනාධිපති උනානම් බලන්න තිබුන ප්‍රේමදාස අංක දෙක, වයසක අපටත් මුහුදට පැනල හරි වෙන රටකට යන්න හිතෙන තරමට අප්‍රිය වෙයි
හැංගෙන්න අවශ්‍යනම් පහසුකම් සපයන හිතවතෙකු අමතන්න..
කොහොමද ඡපන් පුතානොගේ වැඩ. භරි ෂෝක්,. ලස්සනයි.