(අංජුල මහික වීරරත්න)
සාප්පු හා කාර්යාල සේවක පනතේ නියෝග සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ) පනත මඟින් සාප්පු හා කාර්යාල සේවකයින්ට සේවා පහසුකම්, සේවා කාලය, අතිකාල දීමනා සහ නිවාඩු සම්බන්ධ විධිවිධාන නියම කර ඇති අතර, එම පනත අනුව කම්කරු විෂය භාර අමාත්‍යවරයාට අදාළ නියෝග නිකුත් කිරීමට බලතල ද ලබා දී ඇත.
දැනට බලාත්මකව පවතින නියෝග යටතේ වයස අවුරුදු 18 සම්පුර්ණ වූ යම් සේවිකාවක් නේවාසික හෝටලයක පිළිගැනීමේ නිලධාරිනියකගේ, කාන්තා කබා කාමර සේවිකාවකගේ, කාන්තා ඇඳුම් කාමර සේවිකාවකගේ හෝ කාන්තා වැසිකිලි සේවිකාවකගේ කාර්යයෙහි පස්වරු 6.00ට පසුව සහ පෙරවරු 6.00 ට පෙර සේවයෙහි නියුක්ත කරනු ලැබිය හැකිය.
එසේ වුවද, නේවාසික හෝටල් සහ අවන්හල්වල සේවයේ යෙදී සිටින ආහාර හා පාන පිළිගන්වන සේවිකාවන් සේවයේ යෙදවිය හැක්කේ රාත්‍රී 10.00 දක්වා පමණක් වන බැවින්, ඒවායේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමේදී විවිධ ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වන බව පෙන්වා දී ඇත. ඒ අනුව, නේවාසික හෝටල් සහ අවන්හල්වල සේවයේ යෙදී සිටින ආහාර හා පාන පිළිගන්වන්නියන්ගේ කාර්යයන්හි නියැලෙන වයස අවුරුදු 18ට වැඩි සේවිකාවන්ට පස්වරු 6.00ට පසුව සහ පෙරවරු 6.00ට පෙර සේවයේ යෙදීමට හැකි වන පරිදි 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ) පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති 3 වන නියෝගය සංශෝධනය කිරීම පිණිස කම්කරු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සාප්පු-කාර්යාල සේවක පනතේ නියෝග සංශෝධනයට