
(රෝෂන් තුෂාර )
රුපියල් පනස් දහසේ ශල්‍ය උපකරණය රුපියල් 250000.00 ට රෝගීන්ට විකිණීමට කටයුතු සලසමින් අයුතු ලාභයක් ලබා රෝගීන්ට අලාභයක් කළේ යැයි යැයි රක්ෂිත බන්ධනාගාරගත ව සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වාට්ටුව භාර විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න සැකකාරිය දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (15)නියෝග කළාය.
සැකකාරියට රුපියල් මිලියනය බැගින් ශරිර ඇප 3.ක් හා රුපියල්. 50,000 මුදල් අපයක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විදේශගමන් තහනම් කිරීමටද නියෝග කළාය.
ජයවර්ධනපුර රෝහලට ඇතුල්විම තහනම් කිරීමටද නියෝග කෙරිණි.
(ඡායා ජයමල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයගේ සේවය රටට ලබාගැනීමට කටයුතු කළ යුතුයි. ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් වසර දහයකට අධික පුහුණුව ලබාගත යුතු ක්ෂේත්‍රයක්.
හොඳයි! අපට තවත් පළපුරුදු වෛද්‍යවරයෙකු අහිමි වෙමින් පවතී.
සාගරයක් මැද චිත්‍රපටය යථාර්ථයක් වේවා..!
ඇයි හොරා කාපුවට මිනීමරපුවට දඬුවම් නැද්ද? පුදුම රටක් අප්පා මේකනම්.
මෙතුමියගෙන් මෙහෙම පලි ගන්න හේතුව දේශපාලන එකක් කියන එක හැමෝම දන්නව. ජෙප්පො දැන් කරන්නෙ මිනිහෙක්ට බොරු චෝදනා එල්ල කරලා හිරේ දානවා. ඊට පස්සේ පැලවත්තෙ මඩ බලකාය ඒ මිනිහට හතර අතේ චෝදනා කරලා ෆේස් බුක්, වට්ස් ඇප්, යූටියුබ් වල කොමෙන්ට් දානව. ඊට පස්සෙ මාලිමා පුන්නක්කු කන උන් ඒක ඉස් මුදුනින් පිලිගන්නව. ගරු අධිකරණය ඉතින් මේව දැකලා ඒ මිනිස්සු නිදහස් කරනවා.
දැනෙනා බුදුගුණ නොදැණෙන මිනිසුනි, කොයිලොව යන්නේ මරණින් පස්සේ... පින් පවු එනවා අපි පසුපස්සේ...