IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පුංචි රෝහල් දියුණු කරන්න ආසියා සංවර්ධන බැංකු සහය

(අංජුල මහික වීරරත්න)

ද්විතීයික සත්කාර රෝහල් වල ධාරිතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රට පුරා පවතින ද්විතීයික සත්කාර රෝහල් වල ගුණාත්මකභාවය සහ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩසටහන සඳහා ප්‍රතිඵල පාදක අයවැය සහාය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇත. යෝජිත ව්‍යාපෘතිය යටතේ ද්විතීයික සෞඛ්‍ය සේවා රෝහල්වල සේවා ධාරිතාව සහ ගුණාත්මකභාවය ප්‍රමිතිකරණය, ඖෂධ සැපයුම් දාමය, සෞඛ්‍ය ප්‍රසම්පාදනය සහ මූල්‍ය කරණ පද්ධතියේ විනිවිදභාවය හා කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීමත් අරමුණු කර තිබේ. 

ප්‍රතිඵල පාදක ණය දීමේ ක්‍රම වේදය හරහා ලබා දෙන එකී අරමුදල් යොදා ගනිමින්, මෙම ව්‍යාපෘතිය 2025 සිට 2030 දක්වා ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

පුංචි රෝහල් දියුණු කරන්න ආසියා සංවර්ධන බැංකු සහය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site