IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපතිට ඇප

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ දූෂණ ක්‍රියා කිරීමේ සැකයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි  හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූඡා  ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග කළාය.

අත්තනෝමතිකව හා හිතුමනාපයේ ගුවන් ගමන් මෙහෙයවා  රජයට පාඩුවක් කිරීම හා සභාපතිව සිටිමින් ගුවන් සේවිකාවකට විශේෂ වරප්‍රසාද ලබා දීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් බවට අල්ලස් හෝ දුෂණ  විමර්ශන කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ ඇප නියම කෙරිණි.

සැකකරුට රුපියල් මිලියන 05 බැගින් ශරිර ඇප 3ක් හා රුපියල් 50,000 මුදල් අපයක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විදේශගමන් තහනම් කිරීමටද නියෝග කළාය.

(ඡායා ජයමල් චන්ද්‍රසිරි)



අදහස් (3)

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපතිට ඇප

de silva Tuesday, 15 July 2025 03:29 PM

ඔය නඩුව තව වසර 10 විතර ඇදේවි එතකොට මේ මනුස්සයා ජිවතුන් අතර ඉදීවි ද නැද්ද කියල කවුද දන්නේ ? හිටියත් ඔහුට 90 පැනලා , හිර දඩුවම් නියම වුනත් බන්ධනාගාර රෝහලේ ඉදිවී

:       0       0

Perakum Wednesday, 16 July 2025 02:33 AM

ඇති යාන්තම් අක්කටයි මස්සිනාටයි දැන් නින්ද යයි.

:       0       3

jaramanis Wednesday, 16 July 2025 01:01 PM

ඒක හොඳ වැඩක් වගේම කන්ටේනර් 323 පරීක්ෂා නොකර නිදහසේ කිරීමට මොනවද කරලා තියෙන්නේ...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site