
(ගයාන් සූරිය ආරච්චි ,බිමල් ශ්‍යාමන් සහ රේඛා තරංගනී )
ව්‍යාජ රුපියල් 5,000 මුදල් නෝට්ටු 10 ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 52 ක් වන රාවතාවත්ත, මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සැකකාරියගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකාරියගේ නිවසේ තිබී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදාගත් මුද්‍රණ යන්ත්‍රයක් හා ව්‍යාජ රුපියල් 5,000 මුදල් නෝට්ටු 25 ක්, රුපියල් 1,000 නෝට්ටු 08 ක්, රුපියල් 100 නෝට්ටු 01 ක් හා රුපියල් 20 නෝට්ටු 02 ක් සොයාගෙන ඇත.
මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
(ඡායාරූපය-බිමල් ශ්‍යාමන් )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතාණෝගේ සහෝදරියාණෝ ගේ ළඟ ඥාති කෙනෙක් වෙන්ට ඇති.