
(රෝෂන් තුෂාර)
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දින දහ අටක් තිස්සේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමට සොයන හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අපේක්ෂිත ඇප අයදුම් පත්‍රයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරිය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතය.
සැකකාරයේ රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන්නයිි ඉල්ලා අල්ලස් කොමිසම පසුගිය සිකුරාදා දින මෝසමක් ගොනු කර තිබූ අතර එම මෝසම සලකා බැලූ මහේස්ත්‍රාත් අධිකරණය රාජසේනාරත්න මහතා සැකකරුවෙකු නම් අත්අඩංගුවට ගැනීමට කිසිදු බාධාවක් නොමැති බව ප්‍රකාශ කළේය.
ඒ අනුව රාජ්‍ය සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.
කෙසේ නමුත් අල්ලස් කොමිසම දන්වා සිටියේ අත් අඩංගුවට ගැනීමට නියමිතව සැකකරුට අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට දැන් වූ නමුත් ,තමන්ට අසනීප බවට ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් ඔහු අල්ලස් කොමිසම දිගින් දිගටම මගහරිමින් සිටින බවත්, දවස් පහළොවක් තිස්සේ ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිතකර ඇති බවත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අත් අඩංගුවට පත් වුවහොත් ඇප දෙන්න රාජිතගෙන් පෙත්සමක්
අරවින්ද මොණරවිල Monday, 14 July 2025 11:35 AM
කොමිසමේ සමහර නිලධාරීනුත් ලොකු ලොකුයයි කියලා හිතන චරිත දැක්කාම පොඩ්ඩක් ඇඹරෙන ගතියක් පෙනෙනවා... එහෙම බැහැ මහත්වරුනි, ලොකු වුණත් පොඩි වුණත් සතා සතාමයි කියලා හිතලා රාජකාරි කරන්න.
Siri Monday, 14 July 2025 07:44 PM
ඔය පෙත්සමේම ආණ්ඩුවේ උළුගෙදර පදිංචියට ගියහම ගෙදරින් බත් ගෙන්වාගන්න අවසර ඉල්ලා හිටියානන් වැඩේ ලේසි වෙයි නේද ?