
(අංජුල මහික වීරරත්න)
උතුරු පළාතේ ප්‍රධානතම සහ එකම ශික්ෂණ රෝහල වන යාපනය ශික්ෂණ රෝහල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයකට ලක්විය
උතුරු පළාතේ යාපනය, කිළිනොච්චිය, මුලතිව්,මන්නාරම, වව්නියාව යන දිස්ත්‍රික්ක වල පිහිටි රෝහල් විධිමත් සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කරමින් එම පළාතේ වෙසෙන ජනතාවට ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම අරමුණු කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම විශේෂ නිරීක්ෂණය කළේයෙ
මෙහි දී යාපනය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය, ශල්‍යාගාර, නේවාසික රෝගී ප්‍රතිකාර වාට්ටු, හදිසි ප්‍රතිකාර ඒකකය, හෘද කැතීටකරණ රසායනාගාරය සහ රසායනාගාර, සීටී ස්කෑන් ඒකකය, විකලාංග මෞත්‍ර ලිංග ශල්‍ය වාට්ටු, රෝහලේ ප්‍රතිකාර අංශ මෙන්ම රෝහලේ සංවර්ධන ව්‍යාපෘති සහ එම ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වයන් මෙන්ම ඉදිරි මෙහෙයුම් කටයුතු ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ නිරික්ෂණයට ලක් වු අතර, නේවාසික රෝගීන්ගේ සුවදුක් සොයා බැලීමට ද අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළේය.
යාපනය ශික්ෂණ රෝහල යාපනය, කිලිනොච්චි, මන්නාරම මුලතිව් සහ වවුනියාව යන දිස්ත්‍රික්ක පහ සඳහා සෞඛ්‍ය සේවා සපයනු ලබන අතර, මෙම රෝහල වාර්ෂිකව ප්‍රසව වෛද්‍ය ප්‍රතිකාර 20,000 කට අධික සංඛ්‍යාවක් සහ දරු ප්‍රසූති 5582 කට අධික සංඛ්‍යාවක් සිදු කරනු ලබයි. ජනතාවට වඩා හොඳ සෞඛ්‍ය සේවා සැපයීම සඳහා වාර්ෂිකව සුළු සැත්කම් 22000 කට අධික සංඛ්‍යාවක් සහ ප්‍රධාන සැත්කම් 13000 කට අධික සංඛ්‍යාවක් සිදු කරනු ලබන අතර, යාපනය ශික්ෂණ රෝහලේ අති නවීන රසායනාගාරය රෝගීන්ට දැවැන්ත සේවාවක් සපයයි.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුව ඇමති යාපනේ රෝහල බලන්න යයි