
(අංජුල මහික වීරරත්න සහ ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මෑත කාලයේ ආණ්ඩුවක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ විශාලම මුදල වන රුපියල් බිලියන 1400කට ආසන්න මුදලක් මෙවර අයවැයෙන් සංවර්ධන කටයුතු සඳහා වෙන් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
මෙම වසර අවසන් වීමට පෙර එම ප්‍රතිපාදන නිසි පරිදි වැය කරමින් අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමට දායක වීම දේශපාලන අධිකාරියේ මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේද වගකීම බවද ජනාධිපතිවරයා කීය.
දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් විසින් ගනු ලබන තීන්දූ තිරණවල වින්දිතයන් බවට පත්ව ඇත්තේ ඊට කිසිදු සම්බන්ධයක් නොමැති පොදු ජනතාව බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තවදුරටත් ඊට ඉඩ නොතැබිය යුතු බවද අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (11) පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති මාතර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.
මේ වසරේ 5%ක ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරන බවත්, රාජ්‍ය ආයෝජන ඉහළ යාම ආර්ථික වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එයින් රටේ සංවර්ධන කාර්යය පණ ගැන්වීමට හැකියාව ලැබෙන බවද පෙන්වා දුන්නේය.
රජය වෙන් කර තිබෙන ප්‍රාග්ධන වියදම් නිසි පරිදි වැය කිරීමට අපොහොසත් වුවහොත් එම චක්‍රය බිඳ වැටෙන බවත්, එබැවින් මෙම ප්‍රතිපාදන නිසි පරිදි වැය කිරීමට සියලුදෙනා කැප විය යුතු බවත් ප්‍රකාශ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මීට පෙර ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ ප්‍රතිපාදන, එම ප්‍රමාණයෙන්ම, නියමිත කාලවලදී නොලැබුණු ඉතිහාසයක් රටේ තිබූ බවද සිහිපත් කළේය.
2025 අයවැයෙන් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන මට්ටමින් මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන සහ ඒ යටතේ මෙතෙක් ආරම්භ කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරිණි.
දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, ධීවර, සෞඛ්‍ය, අධ්‍යාපන, ග්‍රාමීය මාර්ග සංවර්ධනය, ඉඩම්, වාරිමාර්ග යන ක්ෂේත්‍රවල මතුව ඇති ගැටලු සහ ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
නිල්වලා ලවණ බාධකය පිළිබඳ ගැටලුව කෙරෙහි මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමු වූ අතර, දීර්ඝ කාලයක් පුරා ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටින එම ගැටලුව විසඳීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, ඒ පිළිබඳව සිදු කළ පර්යේෂණ වාර්තා සමාලෝචනය කිරීම සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවිණයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් මාසයක් ඇතුළත පත් කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන ලෙසටද උපදෙස් දුන්නේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ ප්‍රොෙසස් එකට ගතවන කාලය ඉතා වැඩියි, ඒක අඩු කරන්න ක්‍රමයක් හදන්න...
ලවන බාධකත් මේ කියන බාධකත් හැර වෙනත් බාධක තිබේද?
රජයේ ආයතන වලට පැලවත්තෙන් කරන අනිසි බලපෑම් නවත්වන්න. එතකොට නිලධාරීන් ප්‍රතිඵල පෙන්වයි.
සිකුරාදා දින කොළඹ සිට හම්බන්තොට පරිජාලන මධ්‍යස්ථානයේ පිහිටි රජයේ ආයතනයකට මගේ වැඩකට යද්දී මීට පෙර මා නොදුටු මාර්ග බාධක මෙන්ම ආරක්ෂක නිලධාරීන් ලොකු පිරිසක් තැනින් තැන පාර දෙපස සිටි අතර මගේ වාහනය වෙනදා මෙන් ගාල් කිරිමට ඉඩ දුන්නේද නැත. හේතුව ජනාධිපතිවරයා පැමිණීම. පසුව මිටර් 200 ට වැඩි දුරක් ගොස් වාහනය නවතා අන්සක 36ක දැඩි අව්වේ පරිපාලන සංකීර්ණයට පා ගමනින් ආවේ සිතින් සියලු දෙනාට ආශීර්වාද කරමින්... ගේට්ටුවෙන් ඇතුල් වෙද්දී කොටි කලබල නැවත පටන් අරන්ද යන සැකය ආවේ ආරක්ෂක සාමාජිකයින්ගේ තුවක්කු දැකිමෙන්.. මට දැනුණ එකම ආස්වාදය වූයේ සරිර පන්චකය අතගා පරික්ෂා කරද්දි දැනුණ සනිපය. 2 වැනි මහල වෙත මා යද්දී තැනින් තැන තුවක්කු අමෝරා ගත් නිලදරුවන් ඇතුළත මෙන්ම එලියේද සිටියේ යුද්ධය මෙන්ම රාජපක්ෂවරුද සිහිපත් කරමින්. ඇතුළත හැම තට්ටුවකම තුවක්කු දරාගත් අයවලුන් සාමාන්ය මිනිස්සු දෙස සැකයෙන් බලමින් සිිටිම අතිශය පීඩනයක් විය. මේකද කිව්ව වෙනස? වේදිකාව දෙවනත් කරමින් විවේචනය කරලා ප්‍රායෝගික නොවන බේගල් වපුරා බලය ගත්තේ මේකටද?
රජයේ නිලධාරින්ගේ ඇස්තමේන්තු, මිලගණන් ඇස් ඇරලා බලපල්ලා...! මහජන මුදල් මංකොල්ල කන්න තවත් ඉඩ දෙන්න එපා..!