ගුවන් හමුදා නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක් ගුවන් හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කරනු ලැබ සිටී. 04 March 2025
ඛනිජ බෙදුම්කරුවන් දෙදෙනෙක් සී.අයි.ඩි.යට කැඳවයි ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ මට්ටම් මුදල සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්වය හේතුවෙන් ඉන්ධන ඇනවුම් අත්හිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති සුකුම් සන්දනායක සහ එහි විධායක කමිටු සාමාජික ශාන්ත සිල්වා යන මහත්වරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. 04 March 2025
ඔන්ලයින් පනත සංශෝධනයට මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය 04 March 2025
ඡන්දෙට සල්ලි හරි පළාත් පාලන ඡන්දයට සල්ලි තිබෙන බවත් සල්ලි ඉල්ලා අධිකරණ ගාණේ යන්නේ නැතුව නිදහසේ වැඩ කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට දැන් හැකියාව ඇති බවත් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය 04 March 2025
රැකියා විරහිත උපාධිධාරීහූ පොල්දූව හන්දියේ විරෝධයේ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය ‘වාහා රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින්’ බත්තරමුල්ල පොල්දූව හන්දියේ මේ වන විට විරෝධතාවක නිතරව සිටියි. 04 March 2025
නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟ වෙයි ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟතාව පළ කර ඇති බැවින් රට තුළ ඉන්ධන බෙදා හැරීමේ කිසිදු ගැටලුවක් පැන නොනගිනු ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය. 04 March 2025
යුනෙස්කෝ සම්මුතියකට ලංකාවේ අනුමැතිය සංස්කෘතික ප්‍රකාශනයන්හි විවිධත්වය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යුනෙස්කෝ (2005) සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2025
පිළිකා ලේඛනගත කරන්න යයි තෝරා ගත් දිස්ත්‍රික්ක වල ජනගහන පාදක පිළිකා ලේඛනගත කිරීමේ වැඩසටහන හරහා පිළිකා පිළිබඳ ආවේක්ෂණය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2025
රජයේ ජාතික ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව අවශයෙන් පිළිගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2025
නාගරික සංවර්ධන ඉදිකිරීම් අමාත්‍යාංශයෙන් නව නීති හතරක් රජයේ නීති සම්පාදන වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2025
ආපදා කළමනාකරණ අධ්යක්ෂ පත් කරයි ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2025
හිරුගෙන් විදුලිය ගන්න සියඹලාණ්ඩුවෙන් ඉඩමක් සියඹලාණ්ඩුව මෙගාවොට් 100 සූර්ය බල ශක්ති ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ප්‍රදානයක් වශයෙන් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2025
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 24ක් සංවර්ධනයට ත්‍රිකුණාමලය ඉහළ ටැංකි අංගනයේ ටැංකි විසි හතරක් සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 March 2025
කෝටි 125 ක සිගරැට් විනාශ කරයි නීති විරෝධීව රටට ගෙන ඒමට උත්සාහ කිරීමේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ රුපියල් බිලියන කෝටි 125 කට අදින අධික වටිනාකමින් යුත් සිගරැට් ලක්ෂ 87 කට අධික ප්‍රමාණයක් කොළඹ පහළොව පිහිටි ලංකා දුම්කොල සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී අද පෙරවරුවේ විනාශ කළේය. 04 March 2025
ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 04 March 2025
කලුතර පාසලක දරුවන්ට දුන් උදේ ආහාර වෙිලේ පණුවන් ඉදලා කලුතර නගර මධ්‍යයේ පිහිටී පාසලක දරුවන්ට උදේ ආහාරය සදහා ලබාදුන් බත් පාර්සලයේ මාළු වල පනුවන් සිටී බවට ලද තොරතුරකට අනුව කලුතර සෞඛ්‍ය අංශ පරීක්ෂණ ආරම්භ කර තිබේ. 04 March 2025
ලක්ෂ 30ක දුම්වැටි සමඟ දෙන්නෙක් ගුවන්තොටේදී අල්ලයි රුපියල් ලක්ෂ තිහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතීවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනකු අද (04 )දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ 04 March 2025
යුක්රේනයට හමුදා ආධාර දීම නවත්වනවා - ට්‍රම්ප් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ ඇයිහොඳයිකම් පළුදු වීමත් සමඟ, රුසියන් හමුදා සමඟ සටන් වැදීමට යුක්රේනයට ලබා දෙන සියලුම හමුදා ආධාර නැවැත්වීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේය. 04 March 2025
වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකට වරෙන්තු වැලිගම පැලෑණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට දී සිදුවු වෙඩි තැබීමෙන් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව උප පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරීපත් කිරීමට මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා වරෙන්තු නිකුත් කළේය. 04 March 2025
දේශබන්දු අනිද්දා බාර වෙයි? වැලිගම පැලෑණ හෝටලයක් ඉදිරිපිට සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි නියෝග ලබා සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා බොහෝ වීට අනිද්දා (06) අධීකරණය වෙත බාර වනු ඇති බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් කරයි.? 04 March 2025
අද සිට වැස්ස අඩු වේ දිවයින පුර පැවැති වැසි තත්වය අඩු වීමක් අද දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 March 2025
හැටන් වතු යායේ නිවාස පෙළක ගින්නක් හැටන් ෂැනන් වතුයායේ කේ.එමි කොටසේ ඊයේ රාත්‍රි 7.30 පමන හටගත් ගින්නෙන් එම වතු නිවාස 12 ක් සමිපූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලීසිය පැවසීය. 04 March 2025
මිද්දෙණිය පිය පුතු දියණිය ඝාතනය උණ්ඩ දුන් පී.සී මාට්ටු මිද්දෙනිය ගල්පොත්තයායේදී පිය පුතු සහ දියණියගේ ඝාතකයන්ට උණ්ඩ ලබා දුන් බව කියන වීරකැටිය පොලීසියේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල් වරයකු අත්අඩංගුවට ගත් බව මිද්දෙනිය පොලීසිය කියයි. 04 March 2025
උපන් ඇඳුමින් කොළඹ සිට පිදුරුතලාගල ගිය තරුණයා අල්ලයි ශරීරයේ කිසිදු ඇඳුමක් නොමැතිව නිර්වස්ත්‍රව අධිබල යතුරුපැදියකින් කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරමින් සිටි තරුණයකු මහත් පරිශ්‍රමයක් දරා මාර්ග බාධක යොදා අත්අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය කියයි. 03 March 2025
“සීසන්” මගීන් මඟ දමා ගියොත් 1958ට කියන්න පාසල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට 1958 අංකයට දැනුම් දෙන්නැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 03 March 2025
සංජීව ඝාතනයේ CCTV දෘඪතැටි 2ක් පොලිස් බාරයට පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය යට අදාල සීසීටිවී දර්ශන ඇතුලත් කොළඹ අලූත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ පරිගණක පද්ධතියට අදාළ දෘඪතැටි දෙකක් අද (03) පොලිස් බාරයට ගැනිණි. 03 March 2025
ඉන්ධන පිරවුම්හල්හිමියෝ වර්ජනය අතහරිති ඉන්ධන පිරවුම්හල්හිමියන් අද (3) පස්වරුවේ සිට ඉන්ධන තොග ඇනවුම් කිරීම යළි ආරම්භ කළ අතර අද සිට සාමාන්‍ය පරිදි පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාගත හැකි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා මීට සු`ඵ මොහොතකට පෙර පැවසීය. 03 March 2025
පවුල් සෞඛ්‍ය සේවාවට අලුත් ගෞරවයක් දෙනවා මෙරට ක්‍රියාත්මක පවුල් සෞඛ්‍ය සේවාව ජනතාවගේ නිසි ඇගැයීමකට ලක් වුවත් රජයන් විසින් එම සේවයට නිසි ඇගැයීමක් ලබාදුන්නේ ද යන්න ගැටලුවක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 03 March 2025
නව කර්මාන්ත පුර දහයක් නව කර්මාන්ත පුර දහයක් ඇරැඹීම සඳහා කර්මාන්ත පුර දහයක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ වසරේදී ආරම්භ කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (3)පැවසීය. 03 March 2025
විදුලි පද්ධතිය කාර්යක්ෂම කරන්න පියවර රට පුරා විදුලි පද්ධතිය කාර්යක්ෂම කිරීම සඳහා මේ වසරේ දී විදුලි සම්ප්‍රේෂණ මාර්ග පද්ධතිය ශක්තිමත් කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී අද (3) පැවසීය. 03 March 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026