
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ටී.එම්.වී.පී සංවිධානයේ නායක හිටපු අමාත්‍ය ශිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් කල් තියා දැනගෙන සිටි බවට තොරතුරු අනාවරණයවී ඇති හෙයින් එ් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
පිල්ලෙයාන් ප්‍රහාරය වනවිට සිට ඇත්තේ මඩකළපු බන්ධනාගාරයේ බවත් බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනෙකුද ඔහු සමග එම බන්ධනාගාරයේ සිට ඇති බවත් අමාත්‍යවරයා කීය.
එම බුද්ධි අංශ සාමාජිකයන් පිල්ලෙයාන් සමඟ සමීපම කටයුතු කර ඇති බවටද තොරතුරු හෙළිවී ඇති බව ආනන්ද විජේපාල මහතා කීය.
එම බොහෝ කරුණු විමර්ශනවලට බාධා වන හෙයින් තමා මෙහිදී ප්‍රකාශ නොකරන බවද හෙතෙම පැවසීය.
ප්‍රහාරය පිළිබදව සංවේදී බරපතළ කාරණා ගණනාවක් අනාවරණය වී අැති බවත් මෙම ප්‍රහාරය ගැන දන්නා අසාත් මවුලානා නමැත්තා ලබාදී ඇති තොරතුරු පිළිබඳවද කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ සැකකටයුතු පුද්ගලයා පිළිබඳව හෝටලයේ පාලනාධිකාරය විද්‍යුත් පණිවිඩයකින් රාජ්‍ය බුද්ධි සේවයට දැනුම් දී තිබූ නමුත් බුද්ධි අංශ කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බවද හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ජාතික ලැයිස්තු ඊබ්‍රාහිම් විතරක් බබා?
ඔය එන්නේ එළියට... තවත් ඉන්නවා ගෝඨාභයට කඩේ ගිය අය...
ඇයි තව කෙනෙක් ඉන්නවා ඉබ්‍රාහීම් නානා. උන්නැහේගෙන් නම් කවුරුවත් ප්‍රශ්න කරන්නේ නැහැ. තව කෙනෙක් ඉන්නවා ලියුම මේසේ උඩ තියෙද්දී මොකුත් නොකර හිටපු කෙනෙක්, උන්නැහේත් සැපසේ ඉන්නවා...
රාජපක්ෂ මිනි මරුවන්ට රෙදි නැතිව කඩේ යන යෝගා සහ ගුණරත්න වගේ කල්ලියට, පාස්කු ප්‍රාහරයට ඊබ්‍රහිම් සම්බන්ධ බවට තොරතුරු හො සාක්ෂි තියෙනවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වහාම දැනුම් දෙන්න.
මුළු රටම ඊනියා JVP කැලෑ නීතියට සහ අනුමාන කිරීමේ සහ පළිගැනීමේ ව්‍යාපාරයට ගොදුරු වී ඇත. ඒ නිසා, ඔවුන් ඒ සඳහා ඕනෑම නරක විරුද්ධවාදියෙකු පවා නම් කරයි. බටහිරට නීති විරෝධී සංක්‍රමණිකයන් වැනි බොහෝ ගැටලු ඇති අතර එක්සත් ජනපදයට දැන් බයිඩන් නොව ට්‍රම්ප් සිටී. ඉතින්, මෙම පාලනයට ඒවා සතුටු කළ නොහැක. සියල්ලට පසු, ට්‍රම්ප් අනුර කවුද යන්න ගණන් ගන්නේ නැත. ඇත්ත වශයෙන්ම, JVP සඳහා සකස් කරන ලද වාර්තාව දේශීය පරිභෝජනය සඳහා පමණි. ඉතින්, මහත්වරුනි, මෙය JVP විලාසිතාවේ පළිගැනීමේ ක්‍රීඩාවකි.
ගුණරත්න සහ යෝගාත් මේවා ගැන දන්නවා වගේ. හෙට, අනිද්දා හිරේ යන්නේ ඔය දෙන්නා වගේ මිනිමරුවෝ.
ඉබ්‍රාහිම් ගැන කියනකොට මාලිමා සෙට් එක කේන්ති යනවා..
රස මවන කතා. මාලිමා උන්මත්තකයින්ට ඇත්ත...
ගුණරත්න, යෝගා ගොඩක් කාලෙකට පස්සේ...!
අර පිල්ලෙයාන් ජාතික වීරයෙක් කියපු කෙනා කොහේද දන්නේ නෑ නේද?
දේශීය, විදේශීය රහස් ඔත්තු සේවා, මන්ත්‍රී ජොකියෝ, පොලීසිය, පල්ලි, තණකොළ කපන්න කඩු ලෑස්ති කරන් හිටි උන්දලා, තාත්තලා, අනුන්ගෙන් යැපෙන අය, මෙකී නොකී ඔක්කෝම දැනගෙන හිටියානේ. කට්ටියක් ප්‍රෙස් කොන්ෆෙරන්ස් තිබ්බේ දැනන් හිටියට මෙහෙම ගහයි කියලා හිතුවේ නැහැ කියලා.
පළාත් සභා ඡන්දයට විකුණන් කන්න එකක් දැන්මම හොයාගත්තා නේද? මේ සැරේ ඡන්ද ප්‍රතිඵලය