IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සැකකරුට එරෙහිව සාක්කි ඇතැයි කී පොලිසිය මාස 9කට පසුව සාක්කි නැතිලු

(බී .ජානක)

සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලයට විරෝධය දැක්වූයේ යැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 9කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ සිටින තරුණයා  අපරාධයක් කළ බවට අනාවරණය නොමැති නිසා ඇප මත මුදාහරින්නැයි  දෙහිවල පොලිසිය  ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මියගෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.

මේ සම්බන්ධයෙන් පසුගිය 2025 වර්ෂයේ මැයි මස 27 වන දින උද්ධෘත සකස් කර නීති කොට්ඨාසයට සහා නීතිපතිතුමා වෙත යොමු කරමින් නීතිපති උපදෙස් ලබා ගැනීමට දෙහිවල පොලිසිය කටයුතු කර ඇති පසුබිමක නීතිපතිගේ උපදෙස්වලින් තොරව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට අදාලව මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුට ඇප ලබාදීමේ හැකියාවක් නොමැති බව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය දෙහිවල පොලිසියට දන්වා සිටියාය.

සැකකරු ත්‍රස්තවාදී පනත යටතේ වරදක් කර ඇති බවට සාක්ෂි තමන් සතුව ඇතැයි දෙහිවල පොලිසිය මින් පෙරදී අධිකරණයට දන්වා සිටි බවත් මාස 9 කට අධික කාලයකට පසුව සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදී පනත යටතේ වරදක් කර ඇති බවට සාක්ෂි නොමැති බව පවසන්නේ ඇයි දැයි මහේස්ත්‍රාත්වරිය දෙහිවල පොලීසියෙන් විමසීය.

 



අදහස් (2)

සැකකරුට එරෙහිව සාක්කි ඇතැයි කී පොලිසිය මාස 9කට පසුව සාක්කි නැතිලු

MDO Wednesday, 09 July 2025 09:37 PM

නඩුකාරතුමියනි, ඔබට බොරු කීමට අයිතියක් නැති වුණාට මාලිමා පොලීසියටයි මාලිමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි ඵහෙම බාධකයක් නැහැනේ.

:       0       0

de silva Thursday, 10 July 2025 12:59 PM

සමහරවිට තිබුන සාක්කි ටික බහිරවයෝ ගිල්ලද දන්නේ නැහැ , මාස 9 මනුස්සයෙක් නිරපරාදේ හිරේ තියාගන්න කටයුතු කල පොලිස් නිලධාරීන්ට විරුධව පරීක්ෂණයක් කරලා දඩුවම් කරන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site