(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රියාව අතර ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය මූල්‍ය පැහැර හැරීම හා මගහැරීම වැලැක්වීම සඳහා වන සම්මුතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආදායම් මත සහ ප්‍රාග්ධනය මත වූ ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා පැහැර හැරීම හා මග හැරීම වැළැක්වීමට අවශ්‍ය නෛතික රාමුව ස්ථාපනය කිරීම මඟින් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රියාව අතර ආර්ථික සබඳතා පුළුල් කිරීම සඳහා දෙරට අතර සම්මුතියකට එළඹීමට යෝජනා වී තිබේ. යෝජිත සම්මුතිය මඟින් ප්‍රදානය කෙරෙන සහන හේතුවෙන් යම් ආදායමක් අහිමි විය හැකි වුවද ඊට සාපේක්ෂව විදේශ ආයෝජන ප්‍රවර්ධනය හා විදේශ විනිමය ඉපැයීම සැලකිය යුතු ලෙස ඉහළ යාම මත අත්කර ගත හැකි ප්‍රතිලාභ මෙරටට වාසිදායක වනු ඇතැයි රජය පවසයි.
ඒ අනුවඑකී සම්මුතියට අත්සන් තැබීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ද්විත්ව බදුකරණය වලක්වන්න ඔස්ට්‍රියාව එක්ක සම්මුතියක්