
(සුමිත් පොතුපිටිය )
තියුණු කඩු හතරක් , මන්නා දෙකක් සමඟ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලීසිය සඳහන් කරයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව, පොහද්දර මුල්ල ප්‍රදේශයේ පදිංචි පස් දෙනෙකු බව පොලිසිය කීය.
දින කිහිපයකට පෙර පුද්ගලයෙකුගේ කනට මන්නයකින් පහරදී බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
පැමිණිලිකරුට පහරදීම සම්බන්ධයෙන් තිදෙනෙකු , අවි ආයුධ සන්තකයේ තබාගත් අයෙකු සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී සාපරාධි බලහත්කාරයපෑම සම්බන්ධයෙන් තවත් අයෙකු අත්අඩංගුවට පත්වූවන් අතර වන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහරාන්ගේ කඩු වගේ නේද?