
(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ ඩබ්ලිව් ජේ.මුණසිංහ)
පැල්මඩුල්ල ප්‍රාදේශිය සභාවට නව සභාපතිවරයකු තෝරාපත්කර ගැනීම අද දෙවන දියනයට කල් දැමීමට සබරගමුව පළාත් පාලන කොමසාරිස්වරයාට සිදු විය.
සභාපති ධූරයේ නිළවරණය දෙවන වතාවට අද පවත්වනු ලැබු අවස්ථාවේදි යළිත් උණුසුම් මුහුනුවරක් ගත් අතර විපක්ෂය සභාවෙන් පිටව ගිය අතර එම නිසා සභාපති තෝරා ගැනිමට නොහැකි විය.
සභාපති ධූරය සඳහා රහස් ජන්දයක් ද විවෘත ජන්දයක්ද පවත්වන්නේ යැයි විමසිමට සභාවේ මතය විමසද්දි සමගි ජන බලවේගය ඇතුළු ව්පක්ෂය විරෝධතාවය පළ කළහ.
ඒ අවස්ථාවේදි විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රිවරු 19 දෙනෙක් නැගි සිට තමන් රහස් ජන්දයක විරුද්ධ බව අත් ඔසවා පැවසුහ.
සබරගමු පළාත් පාලන ලේකම්වරයා නීතී රීති පහදා දිමෙන් අනතුරුව සභාපති ධූරය සඳහා ජන්දය විමසිමේ ක්‍රමවේදය කුමක්දැයි විමසිමට රහස් ජන්දයක් පවත්වනු ලැබිය.
එහිදි ජාතික ජන බලවේගය යෝජනා කළ රහස් ජන්දයට පක්ෂව ඡන්ද 20 ක්ද සමහි ජන බලවේගය ඇතුඵ විපක්ෂය ගෙනා විවෘත ඡන්ද යෝජනාවට පක්ෂව ඡන්ද 15 ක්ද ලැබුණි. ඡන්ද දෙකක් ප්‍රතික්ශේප විය.
(ඡායාරූප: ලසන්ත නිරෝෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම හරක් එවලා තියෙන්නේ...
මෙවැනි දේවල් වැලැක්වීම සඳහා කළ යුතු හොඳම දෙය තමයි — චන්ද විමසීමෙන් පසු සභාවක් පත්කර ගැනීමට නිශ්චිත කාලයක් ප්‍රකාශ කිරීමයි. එම කාලය තුළ පළාත් සභාවක් පත්කර ගැනීමට පත්වුණු නියෝජිතයින් අසමත් උවහොත්, සියලු දෙනාගේම පත්වීම අවලංගු කර, සභාවේ පාලනය කොමසාරිස්වරයෙකු යටතට පත් කර ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි නීතිය සංශෝධනය කළ යුතුයි. එවිට එකෙක්වත් ගහමාරා ගන්නේ නැතුව, මන්ත්‍රී පත්තම බේරගැනීමට එකතු වී වැඩ කරයි