ත්‍රිරෝද රථ අනතුරින් දැරියක් මරුට මහනුවර රන්දෙනිගල රජ මාවතේ මයිලපිටිය ප්‍රදේශයේදී අද දහවල් බස් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් වයස අවුරුදු දහඅටක (18) පාසල් දැරියක එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. 19 January 2025
උපස්ථායක,සාත්තු සේවක වෙයි රෝහල් උපස්ථායක සේවක සේවිකාවන්ගේ නිල නාමය සාත්තු සේවක (CAREGIVER) ලෙස මින් ඉදිරියට භාවිත කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අවසර දී ඇත. 19 January 2025
‘‘හිටපු ජනපති නිවාස තක්සේරු කරනවා‘‘ අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට අපට හැකි වුණා.ඒ වගේම අප ලැබූ ජනවරමට වග කියමින් අප රට මෙහෙයවනවා ’’ යැයි ජනාධිපති ඉන්අනුර කුමාර දිසානායක මහතා අද සවස කළුතරදී ප්‍රකාශ කළේය . 19 January 2025
මන්නාරම් වෙඩි තැබීමට හමුදා සෙබළකු ඇතුළු තුනක් මාට්ටු මන්නාරම අධිකරණය අසලදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ නාරාහේන්පිට යුද හමුදා රෝහලේ සෙබළකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 19 January 2025
නැගෙනහිර පාසල් හෙට වැසෙයි පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන හෙට (20) දින නැගෙනහිර පළාතේ පාසල් නොපැවැත්වෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි. 19 January 2025
හුළුගඟේ ගිය ජිප් රියේ සිටි දෙකක් මරුට:අයෙක් අතුරුදන් පන්විල ප්‍රදේශයේදී හුළුගඟට වැටුණු සුපිරි ජීප් රියක ගමන් ගත් දෙදෙනකු මියගොස් තවත් අයකු අතුරුදහන්ව ඇතැයි පන්විල පොලිසිය කියයි. 19 January 2025
උල්හිටිය ජල කඳට කොටු වී සිටි හතරක් බේරා ගැනෙති උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හත අද (19) අලුයම විවෘත කිරිමත් සමඟ එහි ජලපහරට කොටුවී සිටි කාන්තාවන් දෙදෙනකු, වනජීවි නිලධාරීයකු සහ ගවයින් ගැටගැසීමට ගිය පුද්ගලයකු කොටුවී සිටියදී පැය 12 මෙහෙයුමකින් පසු බේරාගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි . 19 January 2025
මාළු ටැංකියට වැටී බිළිදා මරුට නිවසේ මාළු ටැංකියට ඇදවැටී මාස 19 ක් වයසැති බිළිදෙකු මියගොස් ඇති බව වාද්දුව පොලිසිය පවසයි 19 January 2025
පැල් රැකීමට ගිය ගොවීන් ජලයට කොටුවෙලා කැබිතිගොල්ලෑව හිජ්ජාපුර ප්‍රදේශයේ කුඹුරු යායක පැල් රැකීමට ගිය ගොවීන් දෙදෙනකු ගංවතුරට කොටුව සිටියදී යුද හමුදා සහායෙන් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ බව කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් දමිත් කණකරත්න මහතා පැවසීය. 19 January 2025
හිටපු ඇමැති විජිත් විජිතමුණි අත්අඩංගුවට නීති විරෝධී ලෙස කොටස් මෙරටට ගෙන්වා එකලස් කළ ලොරියක් තබා ගත්තැයි කියන සිද්ධියකට හිටපු අමාත්‍ය විජිත්මුණි සොයිසා අත්අඩංගුවට ගත් බව පානදුර වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි. 19 January 2025
76,000 පිළිකා පෙත්ත අපි 370වට දුන්නා පසුගිය කාලයේ පිළිකා රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදී තිබුණ. එක එන්නතක මිල රුපියල් හැත්තෑ හයදාහයි(76000) රෝගීන් මේ බෙහෙත ලබාගත්තේ ගෙවල් විකුණල. ඒ බෙහෙත ගෙන්නුවේ එක සමාගමකින් අපි රජය බාරගත්තට පස්සෙ මේ බෙහෙත ගෙන්වන්න සමාගම් තුනක් ආරම්භ කළා. ඉන් පස්සෙ ඒ බෙහෙත ඒ සමාගමම දැන් රුපියල් තුන්සිය හැත්තෑවට (370) ලබාදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අනාවරණය කළේය. 19 January 2025
බඩෝවිට දී වෙඩි කෑ පුද්ගලයා මරුට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන බඩෝවිට අසංක නැමැත්තාගේ මෙහෙයවීම මත යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස් මල්ලී නැමැත්තාගේ සමීපතමයකුට වෙඩි තබා පලායාමේ දී පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමඟ එක් සැකකරුවකු අද(19) වන දා අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසයි. 19 January 2025
කළාඔය පිටාර ගලා විල්පත්තුව මාර්ගයත් වැහෙයි පවතින මහ වැසිත් සමග විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් වු මාර්ගය ක්‍රොස්වේ සපත්තු පාලම අසලින් සම්පුර්ණයෙන් ජලයෙන් යටවිමත් සමග මාර්ගය අද(19 ) සිට වසා දමා ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි. 19 January 2025
අපුරේ ප්‍රධාන වැව් සියල්ල වාන් දමයි පවතින අධික වැසි හේතුවෙන් වාරිමාර්මර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන ජලාශ දාහතර, සහ අනෙකුත් මධ්‍යම හා සුළු පරිමාන වැව් තුන්දහසකට අසන්න වැව් ප්‍රමණයක් වාන් දමමින් පවතින බව වාරි ඉංජිනේරුවරු පවසති. 19 January 2025
සේනානායක සමුද්‍රයේ වාන් දොරටු හරියි අම්පාරට ලැබෙන අධික වර්ෂාව සමග ඉඟිණියගාල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ඉහල යෑම නිසා සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමට පියවර ගත් බව අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම මහතා පැවසිය. 19 January 2025
බෝවතැන්නේ වාන් දොරටු සියල්ල විවෘත කරයි පවතින අධික වර්ෂාව හේතුවෙන් බොහෝ තැනන්න ජලාශයේ වාන් දොරටු හයම අඩිය විවෘත කළ බව ජලාශයේ කාර්යභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා අද (19) පැවසීය. 19 January 2025
වෙඩි තබා පැනගන්න බැරිවේ ගල්කිස්ස බඩෝවිට සිරිපාල පාරේදී අද(19) දහවල් පුද්ගලයකුට වෙඩිතබා යතුරු පැදියෙන් පළා ගිය වෙඩික්කරු සිද්ධියේ වෙඩික්කරු ඊට සුළු වේලාවකට පසු දෙහිවල ධර්මාම මාර්ගයේ දී ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 19 January 2025
මොරගහකන්ද වාන් දමයි මධ්‍යම කඳුකරයේ ඉහළ ජලධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් එහි වාන් දොරටුවක් විවෘත කළ බව ජලාශයේ කාර්ය භාර ඉංජිනේරු වී.එස්. බණ්ඩාර මහතා පැවසීය. 19 January 2025
මත් කරල් සමඟ ඖෂධවේදියා අත්අඩංගුවට දෙහිවල ගාලු පාරේ ඉන්ධන පිරවුම් හකක් අසල නිවසක් වටලා රුපියල් ලක්ෂ හයකට අධික වටිනා මත්කරල් තොගයක් සමග ඖෂධ වේදියෙක් අත්අඩංගුවට ගත්බව දෙහිවල පොලිසිය කියයි. 19 January 2025
දිස්ත්‍රික්ක හතරකට නාය අනතුරු ඇඟවීම් දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (19) සිට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. 19 January 2025
විදුලි බුබුළු වළල්ලක් කඩාවැටි විදුලි ඉංජිනේරුවරයා මරුට කොළඹ වරාය පොලිස් වසමේ දකුණු ආසියානු බහලුම් පර්යන්ත භූමියේ (එස් ඒ ජි ටි ආයතනයේ) විදුලි කණුවක ඇතිවූ නඩත්තු කටයුත්තක් සකස් කරමින් සිටි විදුලි ඉංජිනේරුවරයෙකුගේ ශරීරය මතට විදුලි බුබුළු වළල්ලක් කඩා වැටීමෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි වරාය පොලිසිය කියයි. 19 January 2025
බස් -බස් ගැටී 57ක් රෝහලේ පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් ගන්දර, තලල්ල ප්‍රදේශයේ අද(19) සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් 57 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 19 January 2025
නිවෙස් කොල්ලකෑ කාන්තාවක් ඇතුළු 5ක් අල්ලයි පොලිස් වසම් ගණනාවක සැරිසරමින් නිවාසවලට කඩා වැදි සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කර නිවැසියන් බියගන්වා රන් ආභරණ හා දේපල කොල්ලකා පලායන සංවිධානත්මක කල්ලියක් මෙහෙයවු කාන්තාවක් ඇතුලු පස් දෙනකු ඊයේ (18) අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය කියයි. 19 January 2025
කෝටි 28 හිමිකරු මාට්ටු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබී පොලිසිය මගින් සොයාගත් රුපියල් කෝටි 28 ලක්ෂයකට අධික මුදල ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන රන් මල්ලි නම් ජාවාරම්කරු උපයා ගත් මුදල් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 19 January 2025
දුම්රිය ගමන්වාර 28 ක් අවලංගුයි දුම්රිය රියදුරු සේවා වාරවලට වාර්ථා නොකිරීම හේතුවෙන් අද (19) දුම්රිය ගමන් වාර 28 ක් අවලංගු කර තිබේ. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ 16 ක් ද, මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 8 ක්, පුත්තලම් මාර්ගයේ ගමන් වාර 4 ක් ද අවලංගු කර තිබේ. 19 January 2025
යාපනයේ ලක්ෂ 30 කොල්ලයට සෙබළු දෙකක් ඇතුළු හතරක් මාට්ටු ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යාපනය ප්‍රදේශයේ රන්බඩු අලෙවිි සැලක හිමිකරු බියවද්දා රුපියල් ලක්ෂ 30 ක් බලෙන් ලබාගෙන පලා ගිය යුද හමුදා විශේෂ කාර්යාංශයේ සෙබළුන් දෙදෙනෙකු, රක්ෂණ සමාගමක දිස්ත්‍රික් කළමනාකරුවෙකු ඇතුළු සිව් දෙනකු ඊයේ( 18) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි. 19 January 2025
බොහෝ පළාත්වලට අදත් තද වැසි උතුරු ,උතුරු - මැද,නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 19 January 2025
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජනවාරි 22 දා රුපියල් මිලියන එක්ලක්ෂ පනස් පන් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් මෙම ජනවාරි 22 දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. 19 January 2025
ඔට්ටු මධ්‍යස්ථානවලින් රුපියල් කෝටි 262 ක බදු පොල්ලක් සජීවි විකාශන පහසුකම් සහිත ඔට්ටු මධ්‍යස්ථානවලින් බදු හා දඩ මුදල් වශයෙන් ගෙවිය යුතු රුපියල් 2,621,108,150 ක මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙතෙක් ගෙවා නොමැති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. 19 January 2025
රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු සියල්ල විවෘත කරයි වර්ෂා පතනයේ වැඩිවීමත් සමඟ උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් එහි පිටවානේ ගේට්ටු සියල්ල අද (18) පස්වරුවේ විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශ භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසයි . 18 January 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026