රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු සියල්ල විවෘත කරයි වර්ෂා පතනයේ වැඩිවීමත් සමඟ උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් එහි පිටවානේ ගේට්ටු සියල්ල අද (18) පස්වරුවේ විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශ භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසයි . 18 January 2025
ඌවපරනගම මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි පවතින අධික වර්ෂාවත් සමඟ ඌවපරනගම අඹගස්දොව රේන්දපොල මාර්ගයේ මාගා ගල්වල අසලදී අද (18) පස්වරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . 18 January 2025
ටි 56 ක් ලක්ෂ දෙකකට විකුණන්න ගිය වෙළදසැල් හිමි අල්ලයි වැලිකන්ද රුහුණුකෙත ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ සමග අත්අඩංගුවට ගත් සිවිල් ආරක්ෂක බලකා නියාමකවරයකුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී රුපියල් ලක්ෂ දෙකකට විකුණූ තවත් ටී56 ගිනි අවියක්, මැගසීනයක්, උණ්ඩ 11 ක් සමග වෙළෙඳසල් හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි. 18 January 2025
ගාල්ලේ ප්ලාස්ටික් අලෙවිසලක ගින්නක් ගාල්ල තනි පොල් ගහ හන්දිය ප්‍රදේශයේ ප්ලාස්ටික් ද්‍රව්‍ය අලවි වෙළඳ සැලක ගින්නක් හට ගෙන ඇති බව පොලිසිය පවසයි. 18 January 2025
ථූපාරාම පිළිමගෙය සංරක්ෂණය අරඹයි සංස්කෘතික සංරක්ෂණය සඳහා වන එක්සත් ජනපද තානාපති අරමුදල සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව ලෝක උරුමයක් වන පොළොන්නරුවේ ථූපාරාම පිළිමගෙය සංරක්ෂණය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ඊයේ (17) ආරම්භ කළේය. 18 January 2025
කළුතර කුණු ගොඩක ගින්නක් කළුතර ධර්මරාජ මාවතේ ඇල ඉවුර ආසන්නයේ අබිලි ද්‍රව්‍ය ගොඩගසා තිබු ස්ථානයක අද දහවල් ගින්නක් හටගෙන ඇති බව කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පවසයි . 18 January 2025
කෑමට කඩයට ගිය සිසුන් හයක් කඩයත් කඩාගෙන හෙළකට වැටේ ගිනිගත්හේන නගරයේ අනාරක්ෂිත වෙළඳ සලක ආහර ලබාගැනීම සඳහා ගිය සිසුන් හය දෙනකු එහි ලී තට්ටුවක් කාඩ වැටීමෙන් අනතුරට ලක්වී ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 18 January 2025
’ඊ ටිකට්’ ජාවාරමට මාකුඹුර පොලිස්මන්වරයාගේ වැඩ තහනම් දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි පොලිස්මන්වරයාගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 18 January 2025
ජාතික ලැයිස්තුවේ 74කට මැකෝ නඩු දායි වියදම් වාර්තා බාර නොදුන් පසුගිය මහ මැතිවරණයේ දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයන් 74 දෙනෙකුටද නඩු පැවරීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 18 January 2025
දුම්රිය ගමන්වාර 08ක් අදත් අවලංගුයි දුම්රිය රියදූරන්ගේ ශ්‍රේණි උසස් කිරීමේ විභාගයට සූදානම්වීම හේතුවෙන් අද (18) උදේ වරුවේ කෙටි දුම්රිය ගමන් වාර 08ක් පමණ දැනට අවලංගු කිරීමට සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 18 January 2025
පළාත් කිපයකට අද වැස්ස වැඩි වේ උතුර,උතුරු මැද,නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 18 January 2025
මස්කෙළියේ වතු පෙළක ගින්නක් මස්කෙළිය පොලිස් වසමට අයත් මාඋස්සාකැලේ වත්තේ වතු නිවාස පෙලක (17) දින රාත්‍රි 11.30 පමන හටගත් ගින්නකින් නිවාස 8 සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව මස්කෙළිය පොලිසිය පවසයි. 18 January 2025
අටවෙනි පුදුමය අවට වනාන්තර කැලෑ පළුවෝ අල්ලති ලෝකයේ අටවෙනි පුදුමය ලෙස හඳුන්වනු ලබන සීගිරියේ ගල සහ පිදුරංගල ගල පෙනෙන මානයේ සීගිරිය අභයභූමියට මෙන්ම වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ රජය සතු මහා වනාන්තරය හෙළි පෙහෙළි කරමින් ඉඩම් අත්පත් කර ගැනීමේ ජාවාරමක් මේ දිනවල ජයටම සිදුවන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. 18 January 2025
රටට අවශ්‍ය ඖෂධ ඉක්මනින් හදන්න පියවර මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදන ධාරිතාවය ශීඝ්‍රයෙන් වර්ධනය කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජ්‍ය ඖෂධ සංස්ථාවට උපදෙස් දුන්නේය. 18 January 2025
පාර්ලිමේන්තුවේ සේවා ලොක්කාගෙන් පැය 5ක ප්‍රකාශයක් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්යක්ෂ ජයලත් පෙරේරා මහතාගෙන් අද (10) පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගත්තේය. 17 January 2025
ලංකාදීප පාඨකයන්ට විශේෂ දැනුම් දීමයි විජය පුවත්පත් සමාගමේ ‘ඩේලි මිරර් ඔන්ලයින්’ සහ ‘ලංකදීප ඔන්ලයින්‘ වෙබ් අඩවි නම් භාවිත කරමින්, විවිධ ව්‍යාපාරිකයන් පිළිබඳ අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීම පිළිබඳව දැනගන්න ලැබී ඇත. 17 January 2025
වතුකරයේ දරුවන්ට ස්මාර්ට් පන්තිකාමර 60ක් වතුකරයේ තෝරාගත් පාසල්වලට ’’ස්මාර්ට් පන්තිකාමර 60’’ ක් ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් අත්සන් තැබූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය. 17 January 2025
මහජන සේවා ගුණාත්මක කරන්න කමිටුවක් රජයට අයත් වාණිජමය නොවන ආයතන 166 ක් මගින් සිදුකරන මහජන සේවා හා නියාමන කාර්යන් වඩාත් ගුණාත්මකව සිදුකිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය සඳහන් කරයි. 17 January 2025
ඊලෝන්ගේ අලුත්ම රොකට්ටුව පුපුරයි ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගමේ නවතම ස්ටාර්ෂිප් රොකට්ටුවේ අත්හදා බැලීම අසාර්ථක වෙමින් අභ්‍යවකාශ ගතකර මිනිත්තු කීපයක් තුළ පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය. 17 January 2025
ජනපති දිවයිනට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, චීනයේ සිදු කළ සිව් දින නිල සංචාරය නිමා කර කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (17) රාත්‍රීයේ පැමිණියේය . 17 January 2025
මත් ජාවාරමෙන් උපයා ගත් වැඩිම මුදල කුරුණෑගලින් අල්ලයි ගොඩබිම තුළදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් වැඩිම මුදල ලෙස කෝටි 28ක මුදලක් කුරුණෑගල ප්‍රදේශයේ නිවසක තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් නිලධාරීන් විසින් සොයා ගත් බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීර සූරිය මහතා අද (17) පැවසීය. 17 January 2025
පොලිසියේ ලෙස පෙනී සිට කප්පම් ගත් 3ක් සොයා විමර්ශන පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යාපනය ප්‍රදේශයේ රන්බඩු වෙළදසලක් පරීක්ෂාකර එම රන්බඩු එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් ඒවා බව පවසා අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සදහා වෙළෙදසල් හිමිකරුගේ රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබාගත් සැකකරුවන් තිදෙනකු සොයා පොලිස් විමර්ශන ආරම්භ කර ඇතැයි යාපනය පොලිසිය පවසයි. 17 January 2025
විදුලි බිල අඩු කරන්නේ මුදල් අමාත්‍යංශයේ උපදෙස් මතයි මහජන උපයෝගිතා කොමිසම ඉදිරිපත් කළ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මුදල් අමාත්‍යංශයේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් අද (17) පස්වරුවේ පැවසීය. 17 January 2025
‘ලෙකෝ’ විදුලි බිලට පෙර ගෙවුම් ක්‍රමයක් ලංකා විදුලි පෞද්ගලික සමාගම හේවත් ‘ලෙකෝ’ සමාගම විදුලි බිල් ගෙවීමේ පෙර ගෙවුම් ක්‍රමයක් ලබන මාර්තු මස වන විට හදුන්වා දෙන බවත් එම සමාගමේ පාරිභෝගිකයන් ගාස්තු කාණ්ඩ දෙකක් යටතේ පමණක් වෙන්කර ඇති බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සංනිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා අද (17) පැවසීය. 17 January 2025
ත්‍රස්ත ප්‍රහාරයකට සැරසුන සැක 3ක් රිමාන්ඩ් ඊශ්‍රායෙල් ජාතික සංචාරකයින් රැඳී සිටි ආරුගම්භයේ සංචාරක කලාපය ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට දෙස් විදෙස් ත්රස්තවාදීන්ට ආධාර අනුබල දුන්නේ යැයි දින 90ක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා ප්‍රශ්න කළ සැකකරුවන් තිදෙනකු නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගතත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (17) නියෝග කළේය. 17 January 2025
දුම්රිය රියදුරු විභාගයෙන් මගීන් පීඩාවට දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියදුරන් සූදානම් වීම හේතුවෙන් අද (17) දිනයේ දුම්රිය ගමන්වාර අවලංගු කිරීම හේතුවෙන් මගීහු දැඩි පීඩාවට ලක්විය. 17 January 2025
බී.බී.සී නාලිකාවේ හොඳම සංචාරක ස්ථාන 10 අතරට ලංකාවත් බී.බී.සී නාලිකාවේ මෙම වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව තේරී පත්වෙමින් 9 වැනි ස්ථානය හිමිකර ගෙන ඇත. ලොව පුරා සංචාරකයින්ට වසරේ පළමු මාර්ගෝපදේශය නිකුත් කරමින් බී.බී.සී නාලිකාව මෙම ශ්‍රේණිගත කිරීම ඉදිරිපත් කළේය 17 January 2025
කාදිනල් තුමෝගේ පෙත්සමට දින දෙයි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු පිරිසක් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙබරවාරි 05 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) දින නියම කළේය. 17 January 2025
විදුලි බිල සියයට 20කින් පහත දමයි විදුලි ගාස්තුව සමස්ත වශයෙන් සියයට 20 කින් අඩු කිරීමට තීරණය කළ බවත් ඇතැම් පාරිභෝගික කණ්ඩවලට සියයට 30 කට වැඩි විදුලි ගාස්තු අඩු වීමක් වන බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සංනිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා අද (17) පැවසීය. 17 January 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026