ගිනි නිවීමේ සේවකයින්ගේ නිවාඩු අවලංගුයි 2024 පාර්ලිමේන්තු මහා මැතිවරණය වෙනුවෙන් ඕනෑම හදිසි අවස්ථාවකට යොමුවීම සඳහා අද (13) සිට (15) දක්වා කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන්ගේ නිවාඩු අලංගු කර ඇතැයි ප්‍රාදේශීය ගිනි නිවීම් නිලධාරී රෝහණ නිශාන්ත සේනානායක මහතා පැවසීය 13 November 2024
ධීවරයෙක් කපා කොටා ඝාතනය කරලා හබරාදුව පොලිස් බල ප්‍ර දේශයට අයත් මිහිරිපැන්න මුහුදු තිරයේ රිටිපන්නයෙන් මසුන් අල්ලමින් සිටි ධිවර කාර්මිකයෙකු අද (13) උදෑසන කඩුවකින් පහරදි ඝාතනය කොට ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි. 13 November 2024
නිලන්තට එරෙහිව විනය පරීක්ෂණයක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහර සිද්ධිය සම්බන්ධයෙන් උද්ගත වූ කරුණුවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඉදිරියට පැවැත්වෙන බව ඔහුගේ නීතිඥවරයා රීයෙ අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 13 November 2024
සියඹලාණ්ඩුව විදුහල්පතිනියගේ මාරුව අත්හිටුවයි මොනරාගල සියඹලා ආණ්ඩුව මහ විද්‍යාලයේ හිටපු විදුහල්පතිනී ඉන්දුමති පරණ මාන මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි සිය බලාණ්ඩුව පළාත් අධ්‍යාපන කාර්යාලයට මාරු කිරීමට ඌව පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා ගෙන ඇති තීරණය බල රහිතකරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කළේය . 13 November 2024
රට යවන තැන වංචා හොයන්න විගණනයට තොරතුරු දෙයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය සමයේ සිදුවූ වංචා දූෂණ පැමිණිලි 15කට අදාලව විමර්ශනය කිරීම සඳහා අභ්‍යන්තර විගණන අංශයට තොරතුරු ලබාදුන් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 13 November 2024
කොරියාවට 5000ක් 2024 වසරේ ගතවූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 5120 දෙනකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 13 November 2024
හිටපු ජනපති මාධ්‍ය ලොක්කා මරණ තර්ජන කළැයි පැමිණිල්ලක් ජනාධිපති මාධ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මරණීය තර්ජනය කළ බව පවසමින් එම ඒකකයේ ඡායාරූප ශිල්පියෙක් කහතුඩුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය 13 November 2024
අධිනිතීඥවරියගේ නිල රියට පහරදීලා රජයේ අධිනීතිඥ වරියක ගමන්ගත් නීතිපති දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයකට මිටියකින් පහරදී අලාභහානි කල ඇය ළගින් ඇසුරුකමක් පැවැත්වූ බව කියන පුද්ගලයෙකු සොයා පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 13 November 2024
ජන්දෙ දාන්න ගමේ යන්න දුම්රිය සේවා අද සිට හෙට පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා යන ජනතාවගේ ගමන් පහසුවට දුම්රිය කීපයක අමතර මැදිරි එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 13 November 2024
බුකර් සාහිත්‍ය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තාට බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හාර්වි, මෙම 2024 වසර සඳහා සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. සමන්තා හාර්විට එම බුකර් සම්මානය හිමිවූයේ ‘ඕබිටර්’ නමැති විද්‍යා ප්‍රබන්ධ නවකතාව වෙනුවෙනි. 13 November 2024
ඊලොන් මස්ක්ට ට්‍රම්ප් නව රජයේ තනතුරක් තමන්ගේ නව කැබිනට් මණ්ඩලයේ, කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස බිලියනපති ව්‍යාපාරික ඊලොන් මස්ක් පත් කරන බව ඇමෙරිකා ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 13 November 2024
කොකේන් ගිල පැමිණි විදේශිකයා ගුවන් තොටේදී මාට්ටු කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර , ඒවා ගිල දමා පැමිණි සියරාලියෝන් ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 13 November 2024
ඡන්ද පෙට්ටි බෙදීම අරඹයි මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම දිවයිනේ පරිශ්‍ර 49කදි අද උදේ ආරම්භ කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. 13 November 2024
මත් ජාවාරමාගේ ගෝලයෝ ‘අයිස් ‘ සමඟ අල්ලයි විදේශ ගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දිප්පිටිගොඩ ශක්තිගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයකු හා තවත් පුද්ගලයෝ තිදෙනෙක් ලක්ෂ තිහකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමග විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 13 November 2024
ඇමැති බංගලාවලට හමුදා රැකවල් රජයට බාරයට ගත් හිටපු අමාත්‍යවරුන් පාවිච්චි කළ නිල නිවාසවල ආරක්ෂාවට ඊයේ (12) යුද හමුදාව යෙදවූ බව අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ අධිකරණ අමාත්‍යාංශය පවසයි. 13 November 2024
සුජිවගේ වාහනය පූට්ටු කළේ මාරක රිය අනතුරින් පසුවද එකලස් කළා යැයි කියන සුජීව සේනසිංහ මහතාට අයත් රුපියල් කෝටි 10 ක් පමණ වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථය අධිකරණ භූමියේ රඳවා තැබීමට පසුකම් හෝ ඉඩ නොමැති බැවින් අධිකරණ භූමියේ නියෝග මත ආරක්ෂාව සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ(12) නියෝග කළාය. 13 November 2024
බෙංගාල බොක්කේ අඩු පීඩනයක් නිසා පළාත් කිපයකට වැසි නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 November 2024
හිමිනමට පහරදී කප්පම් ගත් තරුණයෝ දෙකක් මාට්ටු දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත විහාරස්ථානයක, විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමකට, පහරදී මරණ තර්ජන කර වසරකට ආසන්න කාලයක් වරින් වර රුපියල් තුන්ලක්ෂ හතලිස් පන්දාහක මුදලක් බලහත්කාරයෙන් කප්පං ලබාගත් කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි. 13 November 2024
සනත්ගේ බංගලාව බාරදෙයි හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ලබාදී තිබූ බංගලාව සිහිකැඳවීම් ගණනාවකින් පසු රජයට ඊයේ(12) බාර දුන් බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය පවසයි. 13 November 2024
මෙරට නිල සංචිත ඉහළට මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය. 12 November 2024
ගම්පහත් සූදානම් දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු කටයුතු සූදානම් බව දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී, ගම්පහ දිසාපති ලලින්ද ගමගේ මහතා සදහන් කළේය. 12 November 2024
නව පාර්ලිමේන්තුව 21 රැස් වේ දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබීය. 12 November 2024
ලබන 30 පෙර ගිනි අවි දෙන්න කියයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නිලධාරීන්ට විවිධ කාලවකවානුවලදී නිකුත් කෙරුණු ගිනිඅවිද ලබන මස 30 වැනිදාට පෙර ළඟම ඇති පොලිසිවලට බාර දෙන ලෙස ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී ඇත. 12 November 2024
ඡන්දේ ආරක්ෂාවට අනූදහසක බල ඇණියක් පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය. 12 November 2024
රත්නපුර ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් තැන්වලට කඨින පිංකම් හේතුවෙන් රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් ස්ථානවල ස්ථාපිත කළ බව රත්නපුර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සුරංග අඹගහතැන්න මහතා අද (12) දා රත්නපුරේ දි පැවසීය. 12 November 2024
මහනුවර සැප වාහන හිමිකරු පොලිසිය මඟහරි රුපියල් කෝටි ගණනක් වටිනා වාහන දෙකක් නීති විරෝධී ආකාරයෙන් තබා ගෙන සිටි බව කියන මහනුවර ප්‍රදේශයේ වාහන අලෙවි ආයතනයක හිමිකරුවකුට රටින් පිටවීම තහනම් කරමින් මහනුවර මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය අද (12) තහනම් නියෝගයක් නිකුත් කළාය. 12 November 2024
දොස්තරට සුද්දයක් දුන් හතරක් හඳුනා ගනී:ජනඅරගල අපෙක්ෂිකාව සහ සැමියාට ඇප බම්බලපිටිය සම්බාන මධ්‍යස්ථානයට පැමිණි වෛද්‍යවරයෙකු බියගන්වා රුපියල් දස ලක්ෂ පහළොස් දහසක් ඔන්ලයින් ක්‍රමයට කොල්ල කෑ බව කියන සිද්ධියේ සැකකරුවන් සිව් දෙනකු පැමිණිලිකරු විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දී අද (12) හඳුනා ගත්තේය. 12 November 2024
මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකගේ ඉල්ලීම විසි වේ රුපියල් කෝටි 355 ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තමන්ට නියම කර ඇති මාස 06 ක සිරදඬුවම බලරහිත කර තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන රන්දෙව් දිනේද්‍ර ජෝන් නමැත්තා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය පෙත්සම විභග කිරීමට අද (12) තීරණය කළේය. 12 November 2024
අයි.ඩී. කාර්යාලයත් අනිද්දා වහලා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැතිවරණ රාජකාරිවලට අනියුක්ත කර ඇති බැවින් මැතිවරණ දිනය වන අනිද්දා (14) එම දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවා ක්‍රියාත්මක නොවන බව වැඩ බලන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් එම්. එස්. පී. සූරියප්පෙරුම මහත්මිය පැවසුවාය. 12 November 2024
ප්‍රංශ රැකියා පෙන්වා මුදල් ගැරූ අපේක්ෂකයෙක් අල්ලයි ප්‍රංශයේ රැකියාවකට යවන බව පවසමින් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 5 ක් වංචා කළ බව කියන මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකවරයකු අද (12) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි. 12 November 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025