
(ගයාන් සූරියආරච්චි)
අස්වැසුම වැඩසටහන යටතේ ලක්ෂ 18 ක පිරිසක් ප්‍රතිලාභ ලබනවා. තවත් ලක්ෂ 9 ක පිරිසක් ඊට ඉල්ලම් කර තිබෙනවා. 2024 වසරේ වත්මන් ජනපතිවරයා බලයට පත්වන වන විට දුගී ජනතාව ලක්ෂ 18 කට ආසන්නවී තිබුණ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා අද පැවැසීය.
ඔහු ඒ බව පැවැසූවේ ග්‍රාමීය දිළිදුබව තුරන් කිරීමේ ජාතික වැඩසටහන ‘ප්‍රජා ශක්ති‘ ජාතික ව්‍යාපාරයේ සමාරම්භක උළෙල සම්බන්ධයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
‘ප්‍රජා ශක්ති‘ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට සවස 2.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිර පරිශ්‍රයේදි පැවැත්වීමට නියමිතය.
මෙරට ග්‍රාම සංවර්ධනය සහ දිළිදුබව තුරන් කිරීම අරමුණු කරගත් ඒකාබද්ධ අන්තර්කරණීය සංවිධාන ව්‍යුහයක් හදුන්වාදීමත් දිළිදුබව තුරන් කිරීම සදහා ප්‍රජා සහභාගිත්ව සංවර්ධන ප්‍ර වේශයක් හදුන්වාදීමත් මෙහි අරමුණ වේෙ
2000 වසරේදී දුගී පවුල් සංඛ්‍යාව ලක්ෂ 11 ක්ද, 2010 වසරේදී පවුල් ලක්ෂ 15 ක් ද, 2024 වසරේදී ලක්ෂ 18 කට ආසන්න සංඛ්‍යාවක් ලෙස වාර්තාගත වෙලා තියෙනවා. ඒ අනුව බැලූ බැල්මට පෙනී යන්නේ ආධාර මත යැපෙන පවුල් ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් කම නැතිවෙලා තිබුනනම් මෙච්චර බලයක් ඔබලාට ලැබෙන්නේ නැහැනේ,මොනව හෝ කල හැකි ප්‍රායෝගික දේවල් ඒ පවුල් වෙනුවෙන් කරන්න .නැතිව අතීතයට බැන බැන ඉඳල වැඩක් නැහැ .රැල්ලට ආව jvp අදහස් නොව යථාර්ථවාදීව සිතීමට ,,,පාලකයින්ට මෙන්ම ජනතාවට ද සිතීමට පොලඹවන්න. ..රැල්ලට ආව පාක්ෂිකයන් ගමේ මරනාධාර සමිතියේ ඉඳල සියලුම සමිතිවල බලය ගන්නට මාන බලන සමාජයක් නොව යහපත් සමාජයක් ගොඩ නැගිමට පාක්ෂිකයන් හසුරවගන්න.
නිකම් කන්න දීලා දුප්පත්කම නැති කරන්න පුලුවන් නම් දැනටමත් නැති වෙලා.
හම්බ කරන උන්, මුන්ටත් එක්ක හම්බ කරන්න එපැයි දැන්.
ඇතිහැකි අයටත් ජනසවිය දිළිඳු සහන සමුර්දි දිවිනැසුම ඇස්වැසීම හා ආරම්භ කරන ප්‍රජාශක්ති මගිනුත් ප්‍රතිලාභ ලැබේවි එහෙම වුනාම දිළින්දන් තවතවත් වැඩිවේවි සත්‍ය වශයෙන්ම ආධාර දියයුතු අය සොයා කටයුත කලොත් හොදයි
අස්වැසුම ලැබිය නොවිය යුතු අයට ලැබෙන එකයි ප්‍රශ්නය. ඒක ග්රමසේවකත් හරියට කරනවද සැකයි. ගොඩක් රැකියාවක් නැති, කරගන්න බැරි, අසරණ වෙච්චි, ආබාධිත, වැන්දඹු වෙලා රැකියාවක් නැති අයට පමණක් දෙන්න.
නිකමු බෝකිරීම නවත්තන්න බැරිද? මේක අපරාධයක්.
ඉන්දියාවේ පසුගිය අවුරුදු 10 ඇතුලත ලංකාව වගේ දස ගුණයක ජනතාවක් දිළිඳු බවෙන් මිදිලා තියෙනවා. ජවිපෙ ඇවිල්ල අවුරුද්දක් ඇතුලත රජයෙන් ආධාර ඉල්ලන ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නෙම මිස අඩු වෙලා නෑ. ඔය කය්යනායකයෝත් කතා පෙට්ටි විතරයි – වැඩක් නෑ.
මුන්ගෙ කයිය විතරයි වැඩ නැහ.අපිත් රැවටුනා
දුගී දුප්පත් ජනතාව ට තව තවත් අස්වැසුම ලබා දිය යුතුය ,ඇති හැකි ජනජනතාවගෙන් ලබා ගෙන නැති බැරි අයට ලබා දෙන්න.