විදෙස් දුම්වැටි තොගයක් ගුවන් තොටුපොලේ
රුපියල් කෝටි තුනක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , ගුවන් තැපැල් සේවය ඔස්සේ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ ආනයන භාණ්ඩ පර්යන්තය වෙත ලැබී තිබියදී , ශ්‍රී ලංකා රේගුවේ තොරතුරු සහ තාක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .ෙමෙම පාර්සලය ඉකුත් ජූලි මස 13 දින කොළඹ , මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි ව්‍යාජ ලිපිනයක් වෙත , පරිගණක උපාංග ලෙස සදහන් කරමින් එවා තිබුණි .