IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නෙදර්ලන්තයට ගෙන ගිය අපේ පුස්කොළ ගැන පර්යේෂණයක්

(අංජුල මහික වීරරත්න)

නෙදර්ලන්තයේ පවතින ශ්‍රී ලාංකේය ප්‍රභවයක් සහිත පුස්කොළ එකතූන් පිළිබඳ පර්යේෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

නෙදර්ලන්තයේ ලන්දේසි පර්යේෂණ කවුන්සිලය විසින් යටත් විජිත සංදර්භයක් සහිත එකතූන් පිළිබඳ පර්යේෂණ යෝජනා ඉදිරිපත් කරන ලෙස සිදු කළ අන්තර් ජාතික යෝජනා කැඳවීමකට අනුව ඉදිරිපත් කරන ලද යෝජනාවක් මත පදනම්ව, ශ්‍රී ලාංකේය ප්‍රභවයක් සහිත නෙදර්ලන්තයේ පුස්කොළ එකතූන් පිළිබඳ පර්යේෂණ සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට, නෙදර්ලන්තයේ නිදහස් විශ්ව විද්‍යාලය ඇතුළුව පාර්ශවකරුවන් පස් දෙනෙකු සමඟ යුරෝ 384,248ක   තරගකාරී ප්‍රදානයක් දිනා ගැනීමට හැකිවී ඇත.

 "Whose Knowledge, Whose Values? Palm Leaf Manuscripts and the Question of Colonial Collections in Dutch Heritage Institutions" con g මාතෘකාව යටතේ 2025 සිට 2029 දක්වා කාලය තුළ යෝජිත පර්යේෂණය සිදු කිරීමට අවස්ථාව සැලසී තිබේ. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඒකාබද්ධ පාර්ශ්ව කරුවන් භය දෙනා අතර අත්සන් තැබීමට නියමිත ගිවිසුමට නීතිපතිගේ අවසරය  විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිර්දේශය සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ එකඟතාව ලැබී ඇත.

ඒ අනුව යෝජිත  ගිවිසුමට අත්සන් තැබීමටත්, 2025 - 2029 කාල සීමාවේ එකී පර්යේෂණය සිදු කිරීමටත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

නෙදර්ලන්තයට ගෙන ගිය අපේ පුස්කොළ ගැන පර්යේෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site