IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කහවත්ත ඕ.අයි.සී යාපනයේ සාමාන්‍ය රාජකාරිවලට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කහවත්ත ඇන්දාන ප්‍රදේශයේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් කරුණාරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනය පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා මාරුකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සඳහා කොළඹ විශේෂ පොලිස් කණ්ඩායමක් ඇතුළු පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඉකුත් 30 වැනිදින රාත්‍රියේදී කහ වත්ත බුංගිරිය ප්‍රදේශයේ පදිංචි තරුණයකු කහවත්ත ඇන්දාන කොස්කෑල්ල ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබිණි.

පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටි පිරිසක් එම ඝාතනය  සිදුකර තිබුණි.

එහිදී එක් තරුණයකු තුවාල ලැබු අතර වෙඩි ප්‍රහාරයෙන් මියගොස් තිබුණෙ ඉමන්ත සුරංජන් නමැති 22 හැවිරිදි තරුණයකි.

 



අදහස් (4)

කහවත්ත ඕ.අයි.සී යාපනයේ සාමාන්‍ය රාජකාරිවලට

රට වැසියා Wednesday, 02 July 2025 10:41 PM

රට වැසියන් ඝාතක ආණ්ඩුවක් ****  අතිශයින්ම කණගාටුයි, මේ දරුවාගේ මරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ විවිධ බලධරයින් විවිධ කථා කියයි!!! රට වැසියෙකු ලෙස කිව හැක්කේ, මේ රටේ සියලුම සංවිධානාතමක් අපරාධ සිදු වන්නේ "ආණ්ඩුවේ" අනු දැනුම ඇතිවයි. රට වැසියන් වු අපට ඇති එකම ප්‍රශ්නය වන්නේ තව කොතෙක් දුරට, කී දෙනෙක් "ආණ්ඩුව" මේ ආකාරයට මරා දමන්නේ යන්න පමණයි! හෙට දින මමත් ඊට අයත් විය හැක!

:       8       5

Bunny Preena Thursday, 03 July 2025 09:01 AM

පොලිස් ස්ථානාධිපතිවරුන් මේවාට මාරු කරලා හරි යන්නෙ නැහැ. හිතුමනාපෙට මිනිස්සුන්ව සැකයි කියලා ගෙදර ඇවිල්ලා මිනිසුන්ව පොලිසිවලට රැගෙන යන දුෂ්ට නීතිය අහෝසි කරන්න ඕන

:       0       22

සොරිසේන Thursday, 03 July 2025 10:01 AM

සිරිලංකාවේ සංවිධානාත්මක අපරාධ 90%ක කොනක උසස් යැයි සැලකෙන පොලොස් බාප්පිලා සම්බන්ධ බවට තවත් කදිම උදාහරණයක්!!! පොලොස් බාප්පිලාට ජයවේවා!!!!!

:       0       19

Eri Claud Thursday, 03 July 2025 11:11 AM

පොලිස් උසස් නිලධාරියා පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළ යුතුයි. මාරු කිරීම දඬුවමක් නොවේ. ඔහු රැකියාවෙන් ඉවත් කළ යුතුයි.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 234 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 72 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site