
(විමුක්ති එස් රුද්‍රිගු)
ව්‍යාපාරවලට සුදුසු පරිසරයක් ශ්‍රී ලංකාවේ ඇති කරමින් විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීම මෙරට ධනාත්මක කල් පවතින ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා අත්‍යාවශ්‍ය කරුණක් බව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමටා මහතා පැවැසුවේය.
නව රජයේ උත්සාහයන් කෙරෙහි ඉහළ ගෞරවයක් සහ ඉහළ අපේක්ෂාවන් සහිතව, ජපානය ශ්‍රී ලංකාවේ සමාජ භූ දර්ශනයේ සිදුවන වෙනස්කම් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් සිටින බව ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා ප්‍රකාශ කර සිටියේ දූෂණය නැති කිරීම සහ යහපත් රාජ්‍ය පාලනය තරඟකාරී, තිරසාර ආර්ථිකයට අත්‍යාවශ්‍ය සාධක දෙකක් බවය.
එය ඕනෑම ව්‍යාපාරික සමාජයක ඉතා මූලික යටිතල පහසුකම්වල අත්‍යවශ්‍ය අංගයක් බවද ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය.
එක් එක් අංශය පදනම් කරගත් කර්මාන්ත ප්‍රවර්ධන ප්‍රතිපත්තියක් ඇතුළු මැදි කාලීන හා දිගු කාලීන ආර්ථික සංවර්ධන උපාය මාර්ගයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අයුරු දැකීමට ජපානය කැමැති බවත් එමගින් ශ්‍රී ලංකාවේ නව ආයෝජන සිදු කිරීමට තිබෙන අවස්ථා මොනවාද යන්න ආයෝජකයන්ට හැකියාව ලැබෙන බවත් ඉසොමාටා මහතා පැවැසුවේය. මෙම කටයුතු සියල්ල සිදු කිරීමේදී ජපානය ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේය.
වංචා හා දූෂණ රාජ්‍ය ආයතන කෙරෙහි ඇති විශ්වාසය අඩපණ කරන බවත් ආයෝජකයන් පළවා හරින බවත් ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය.
වංචා හා දූෂණය අත්‍යාවශ්‍ය සේවා සඳහා යොමුකළ යුතු සම්පත් වෙනතකට යොමුකරන බවත් දුප්පත්කම ඉහළ දමන බවත් ඉසොමටා මහතා පැවැසුවේය.
එසේම වංචා හා දූෂණ නීතියේ ආධිපත්‍ය දුර්වල කරන බවත් මහජන සෞඛ්‍යයට තර්ජනයක් එල්ල කරන බවත් ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය. එම කරුණු සමාජ අස්ථාවරත්වයට, නොසන්සුන්තාවයට සහ ප්‍රචණ්ඩත්වයට හේතු විය හැකි බවද ඔහු පැවැසුවේය. අවසාන වශයෙන්, දූෂණය ප්‍රජාවන්ගේ ආරක්ෂාව, යහපැවැත්ම සහ තිරසාර සංවර්ධනයට තර්ජනයක් බවද ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී යාන්ත්‍රණ ශක්තිමත් කිරීම සඳහා ජපානය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් ලබා දුන් බව නිවේදනය කරමින් ජපාන තානාපති වරයා මෙම අදහස් පළ කළේය.

2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘විශ්වාසය දිනා ගැනීම ආර්ථික වර්ධනයට අත්‍යාශ්‍ය කරුණක්‘‘
Bunny Preena Thursday, 03 July 2025 09:11 AM
පසුගිය පාලන තන්ත්‍රයක කළේ විශ්වාස තහවුරු කිරීමට වඩා විශ්වාසය කැඩෙන ආකාරයට ක්‍රියා කිරීමයි. වර්තමාන රජය දූෂණයෙන් තොර, අවංක සහ පිරිසිදු පාලනයක් ගෙන යන නිසා ලෝකයේ බොහෝ රටවල්ගේ විශ්වාසය දිනාගෙන තියෙන්නේ.