IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අක්ෂිකාච ගන්න ප්‍රසම්පාදන දෙයි

(අංජුල මහික වීරරත්න)

අක්ෂිකාච සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඇසේ සුද ඉවත් කිරීම හෝ මයෝපියාව සම්බන්ධ ප්‍රතිකාර වලදී ඇසට බද්ධ කිරීම සඳහා භාවිත කරනු ලබන අන්තඃ අක්ෂි කාච වර්ග 5 ක් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසුකරුවන් 5 දෙනකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, අදාළ අන්තඃ අක්ෂි කාච වර්ග 5 පහත සඳහන් සැපයුම්කරුවන් වෙතින් ප්‍රසම්පාදනය කර ගැනීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

*එස් ආර් අංක 13005029 සහ 13005032 දරන ප්‍රසම්පාදනයන්ට අදාළ  අවම ලංසුකරු වන ශ්‍රී ලංකාවේ M/s Elshaddai Enterprises (Pvt) Ltd. වෙතින් අක්ෂි කාච සපයා ගැනීම.

* එස් ආර් අංක 13005026, 13005031 හා 13005030 දරන ප්‍රසම්පාදනයන්ට  අවම ලංසුකරු වන ශ්‍රී ලංකාවේ M/s Jayasuriyn Associates වෙතින් අන්තඃ අක්ෂි කාච සපයා ගැනීම.



අදහස් (1)

අක්ෂිකාච ගන්න ප්‍රසම්පාදන දෙයි

ravin Wednesday, 02 July 2025 06:49 PM

මෙහිදී වැදගත්වන්නේ ලංකාවේ නියෝජිත ගණන් ඕවා ඔවුන් සපයන කාච වර්ගය කුමක්ද යන්නය. ඒවායේ තත්වය සහතික බවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site