
(මනෝප්‍රිය ගුණසේකර සහ රෝෂන් තුෂාර)
බඩ ඉරිඟු බීජ බේදා හැරීමේදී දුෂණයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අද(04) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් කෝටි 2 1/2ක් පමණ වටිනා බඩඉරිඟු බීජ තොගයක් සිය හිතවතුන්ට බෙදාදුන් බව කියන සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම කළ විමර්ශණයකට අදාළව ප්‍රකාශයක් දීම සඳහා කොමිසමට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කාපු තක්කඩි හොරු. මුං හැමදාම ඉන්න ඕන හිරේ.
අසීමිත ලෙස හොරා කාපු කෙනෙක් තමා. දඩුවම් ලැබෙන්න ඕනෑ. හැබැයි දැන් දවස් දෙකකට වගේ පෙර ලාල් කාන්ත කොහොම ද කීවේ මෙයාව ගන්නා බව... තිර නාටක අනුවද යන්නේ?
ගුණේ අයියා, යෝගා... සහ තවත් එකි නොකි අය එන්න, බඩ ඉරිඟු ගෙදර අරන් ගියේ නැහැනේ ජනතාවට බෙදුවානේ කියමින් චන්ද්‍රසේන සෑර්ගේ රෙදි අපුල්ලන...!
අපේ ආණ්ඩුවකින් බෙදලා දෙන්නේ හිතවතුන්ට විතරක් නෙමෙයි. හැබයි මුලින්ම දෙන්නේ පරණ සහෝදරයින්ට...
අලිබබා සහ හොරු හතළිහ ආණ්ඩුවේ උන්නෙ එකෙකුට එකෙක් දෙවැනි නැති හොර දූෂිතයෝ?
රට බංකොළොත් කරලා රටේ මිනිස්සු දුක් විඳින්නේ මේ අය කළ ජරා වැඩනිසා... මොවුන්ට උපරිම දඬුවම් දෙන්න.
මල්ලියි සහ නෝනා ඉන්න තැනට යන්න අවස්ථාවක් උදා වෙන්නයි යන්නේ. සතුටු වෙන්න. සැමියයි, බිරිඳයි දුක සැප බෙදා ගෙන ඉන්න හොඳ ස්වර්ණමය දුලබ අවස්ථාවක් ඔබතුමාට හම්බ වෙන්න යන්නේ.
බඩඉරිඟු බීජ ඇටෙනුත් ගහගෙන කාපු හොර හැත්ත... පොළව හාරලා හිටවන්න ඕනෑ බෙල්ල දක්වාම...!
මෙම නාටකය අවුරුදු 5 කට අධික කාලයක් පෙන්වනවා . මාලිමා ටෙලි පෙරහර. නමුත් මෙම නාට්‍ය මාලාව බලන්නේ 3% ප්‍රේක්ෂක පිරිසක් පමණි.
රිදී තිරයේ: සිරි ලිය" චිත්‍රපටිය ලඟදීම බලාපොරොත්තු වන්න අධ්‍යක්ෂණය කළේ: එස්. අබේසේකර
ලැජ්ජ නැති හොරුන්ටත් සහයට තවමත් කමෙන්ට් ලියන මිනිස්සු ගැන හිරිකිත නැද්ද?
කොටින් මාවිල් ආරු සොරොව්ව වහල ගොවියන්ගෙ වගාවන් පාළු කලා, ඒවට දෙන වන්දි වලින් ගසා කාපු කොටියන්ටත් වඩා අන්ත ජරා සතෙක්, ඒ චොදනා වලින් මෙයාව බේරගත්තෙ මහින්ද රට ජාතිය ඉදිරියට දාල, ඇමතිකම් දුන්නෙ ගෙදරට ඇවිත්, එහෙමයි ඒ කාලෙ, දැන් සුනඛය ගාණට වැටිල, කරපු පව් විඳවපල්ල, උඹල තමයි රටත් ජනතාවත් දුප්පත් කලේ, දැන් පලිගන්නව කියල කියන උන් මේවට හවුල් ඇති.
පරණ කැබිනට් එක හිරගෙදර හදාගන්න වාසනාව ලැබේවා..!
මෙච්චර ගැඹුරට ඉතා සියුම් දේවලුත් හොයන අල්ලස් හා දූෂණ කොමිසමට අර මහා විශාලා රතු ලේබල් කන්ටේනර් 323 ක් හොරෙන් පන්නපු සිද්ධිය පේන්නේ නැත්තේ ඇයි...?