(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පොලිස්පතිවරයාට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශන කරන මැතිසභා කමිටුව  ලබන  8  වෙනිදා ලිඛිත දේශනා ඉදිරිපත් කරන ලෙස වග උත්තර කාර පාර්ශ්වයට  සහ පැමිණිලි පාර්ශ්වයට දැනුම් දී ඇත.

මේ අනුව දෙපාර්ශ්වයේම ලිඛිත දේශන 8 වැනිදා ප.ව. 3.30ට පෙර පරීක්ෂණ කමිටුවට  ඉදිරිපත් කළ යුතුවේ. දෙපාර්ශවයේ සාක්ෂි වීම සීම පසුගියදා අවසන් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් පරීක්ෂණ කමිටුව ක්‍රියාත්මක වේ.