IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


යුනෙස්කෝවෙන් පුරාවිද්‍යාවට රතු එළියක්

(සුජිත් හේවාජුලිගේ)

ඓතිහාසික සීගිරිය පුරාවිද්‍යා  භූමිය  අනවසර ඉදිකිරීම් හේතුවෙන්  විනාශවීමේ  තර්ජනයක් මතුවිය හැකි හෙයින්  ඒ භූ දර්ශනය  ආරක්ෂා කරන්නැයි  යුනෙස්කෝ සංවිධානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට  දැනුම්දී  ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය  තුසිත මෙන්ඩිස්  මහතා පවසන්නේ ඓතිහාසික සීගිරිය යනු   සීගිරි පර්වතය  පමණක් නොවන බවයි.

සීගිරිය වටා ප්‍රාග් ඓතිහාසික ලෙන්  මෙන්ම සුසාන භූමි  පද්ධතියක් පවතින හෙයින්  යුනිස්කෝ සංවිධානය ආරක්ෂා කරන්නැයි  ඉල්ලා ඇත්තේ  ඒවා    බවද ඔහු කීවේය.

අනවසර ඉදිකිරීම් වැඩි වුවහොත් සීගිරියට යම් තර්ජනයක් ඇති විය හැකි බවද ඔහු සඳහන් කළේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සීගිරිය පර්වතයට ඹබ්බෙන්වූ  යාර දෙසිය සහ හාරසීය සීමාව ආරක්ෂා කරන බවත්  ඒ ඇතුළත අලුත්   ඉදිකිරීම්  කිසිවක් කිරීමට  ඉඩ නොදෙන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

එම ප්‍රදේශයේ කලින් ඉදිකිරීම් සිදුව අැතැයි  පැවසූ මෙන්ඩිස් මහතා යාර දෙසීය සීමාවේ පනස් දෙනෙකුද යාර හාරසීයේ  සීමාවේ 74 දෙනෙකුද  අනවසරයෙන් පදිංචිව සිටින බව ප්‍රකාශ කළේය

ඒ අය  ක්‍රමානුකූලව එතනින්  එහා කලාපයට ගෙනියන්න සුදුසු වැඩපිළිවෙලක්  සෑදිය යුතු   බවත්  රාජ්‍ය මට්ටමින් කතා කර ඉතාම හොඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන බවත් තුසිත මෙන්ඩිස් මහතා පැවසීය



අදහස් (2)

යුනෙස්කෝවෙන් පුරාවිද්‍යාවට රතු එළියක්

pakeer Friday, 04 July 2025 07:20 AM

මොකද හලෝ ක්‍රමානුකූලව ගෙනියන්නේ? ඇයි එක පාරට ගෙනියන්න බැරිද අනවශ්‍ය නම්? උඹලා ඔය පුටු වල ඉඳලා මොකටද බන් ?

:       0       5

Bunny Preena Friday, 04 July 2025 08:58 AM

නැකත් බල බලා ඉන්නෙ නැතුව අවශ්‍ය කටයුතු කරන්න. නැත්තං ඉතින් යුනෙස්කෝ එකෙන් ලියුමක් එයි, ලැයිස්තුවෙන් අවසන් කළයි කියලා.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 234 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 72 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site