IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කහවත්ත උණුසුම් පොලිසිය හා ගම්වාසීන් ගැටේ

(ලසන්ත නිරෝෂණ සහ තුෂාර හෙට්ටිආරච්චි)

කහවත්ත පලන්සූරියගම දී ඝාතනය ලක් වූ පහළගම විතානලාගෙ ඉමන්ත  සුරන්ජන  තරුණයාගේ අවසන් කටයුත අද සවස අවසන් වී සුළු වේලාවකින් පොලිසිය සහ ගම්වාසීන් අතර ඇතිවූ ගැටුමකදී පොලිසියේ සහ ගම්වාසීන් කීප දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. පිරිස විසුරුවීමට පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට ද සිදුවිය.

තුවාල ලැබූවන් අතර පොලිස් කාන්තාවක ඇතුළු තිදෙනකු ද එම ගම්මානයේ කාන්තාවක ඇතුළු තවත් දෙදෙනකු ද වන බව පොලිසිය කියයි. ඔවුන් ප්‍රතිකාර සඳහා කහවත්ත රෝහල්ට ඇතුළත් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගැමින් තිදෙනකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

ඝාතනයට ලක් වූ තරුණයාගේ අවසන් කටයුතු කහවත්ත පලන්සූරයගම පවුලේ සුසාන භූමියේදී අද සවස සිදු කිරීමෙන් පසු එම කටයුතු අවසන් කර ආපසු නිවෙස් බලා යමින් සිටි ගැමියන් හා ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා තිබූ පොලිස් කණ්ඩායමක් අතර ගැටුමක් නිර්මාන්‍ය වී ඇත. ගැමියන් චෝදනා කර ඇත්තේ ඝාතනයට පෙර මෙම සිද්ධියට මැදියත්වන ලෙස ඉල්ලීම් කළත් ඊට ප්‍රතිචාරයක් නොදැක් වූ පොලිසිය ඝාතයෙන් පසු පොලිස් ආරක්ෂාව අවශ්‍ය නැති බව චෝදනා කර ඇත.

ඒ අවස්ථාවේ පොලිසිය හා ගැමියන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති අතර  ගැමියන් පිරිසක් පොලිසියට ගල්මුල්වලින් පහරදී ඇත.

ඒ අවස්ථාවේ එම පොලිස් කණ්ඩායම එම ප්‍රදේශයෙන් ඉවත්වීමත් සමග කලහකාරීව හැසිරුණු පිරිස මෙම ඝාතනය සම්බන්ධයෙන් ගැමියන් විසින් චෝදනා කරන පුද්ගලයාගේ නිවෙසට දෙසට පා ගමින්  ගමන් කර ඇත.

එම පිරිසගේ ගමන නැවැත්වීමට ඒ අවස්ථවේ එම ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා සිටි කැරළිමර්ධන පොලිස් කණ්ඩායම් උත්සහා කර ඇති අතර ඒ අවස්ථාවේදී ද ගැමියන් හා පොලිසිය අතර යළි ගැටුමක් නිර්මාණය වී ඇත.

එම පිරිස ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන පුද්ගලයාගේ නිවෙස ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රියකට ද ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.

එම සිද්ධියත් සමග කලබල ලෙස හැසිරිරුණු පිරිස විසුරුවා හැරිම සඳහා පොලිසිය කඳුළුගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේය. ඒ අවස්ථාවේ ගැමියන් පොලිසියට ගල් ප්‍රහාරයක් ද එල්ල කර ඇත.

 



අදහස් (5)

කහවත්ත උණුසුම් පොලිසිය හා ගම්වාසීන් ගැටේ

අරවින්ද මොණරවිල Thursday, 03 July 2025 06:07 PM

තවම ඉන්නවා රාජපක්ෂ වික්‍රමසිංහ දුරාචාර පාලනයේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න උත්සහ කරන දූෂිත හා තක්කඩි පොලිස්කාරයෝ (විශේෂයෙන්ම පාතාලය එක්ක ගනුදෙණු කරන), මොවුන්ව පාලනය කරන්න හා විනය පියවර ගන්න පොලිස්පතිවරයා වහාම මැදිහත්විය යුතුයි...

:       4       4

සෙනෙවිරත්න Thursday, 03 July 2025 07:09 PM

ඔව් ගැමියන්ගේ කෝපය සාධාරණයි. බොහෝ පොලිස් නිලධාරින් චන්ඩින් සහ අපරාධකරුවන් ඉදිරියේ හැසිරෙන විදිය නොවෙයි යුක්තිගරුක අය ඉදිරියෙ හැසිරෙන්නේ... සාමාන්‍ය අය කොපමණ දේවල් කීවත් නෑසු කන් ඇති පොලිසි නිසා තමයි අපරාධ. පොලිසිය මේවායින්වත් හැදෙන්න...

:       1       3

දුන්හිඳ Thursday, 03 July 2025 07:58 PM

ප්‍රශ්න මොනවා වුණත් පොලිසිය සමඟ නොගැටී මේවා විසඳා ගැනීමයි සුදුසු. ඔය කාකි ඇඳුම යට ඉන්නෙත් මිනිස්සු. නීතියට අත එසවීම සුදුසු නෑ...

:       1       2

vihanga Thursday, 03 July 2025 08:51 PM

පින් බතල මතක නැහැ වගේ ඇඳන් ඉන්න යට කලිසමේ ඉඳන් ඔක්කොමයි, කන බත් එකයි, ඔක්කොම අපේ සල්ලි වලින් ගන්න ඒවා කියලා.

:       1       3

janahitha Friday, 04 July 2025 09:15 AM

කාලගුණ දෙපාර්තමේන්තුව නම් උෂ්ණත්වය වැඩිවීමක් ගැන දැනුම් දීලා නෑ. පොඩ්ඩක් අහලා බලන්න තිබුණා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16774 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site